මන්දාරම් අහස යට - පස්වෙනි කොටස

469 77 0
                                    

දේදුණු විමංසා සෙනෙවිරත්න, සෙනෙවිරත්න පවුලේ එකම කෙල්ල.ඒ නිසාම දේදුණු පවුලේ හැදුනේ හරි හුරතලේට.උසස් පෙළින් පස්සේ ඉගෙන ගන්න කොළඹ එන්න ඕනේ කිව්වමත් ගෙදරින් විරුද්ද නොවුනේ ඒ නිසාමයි.කොළඹ ආපු දේදුණු නතර වුනේ එයාගේ නැන්දගේ ගෙදර.ඒ නිසා දේදුණුගේ ආරක්ශාව ගැන ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ.ඒ කොහොම වුනත් හැම සෙනසුරාදම දේදුණු බලන්න ගෙදරින් කවුරුම හරි ආවා.

මේ සෙනසුරාදත් අප්පච්චි එනවා කියපු නිසා දේදුණු උදේ ඉදන්ම හිටියේ පාර බලාගෙනයි.

"කෝ සුදූ තාම අප්පච්චි නෑ නේද?" නැන්දා ඇහුවේ බැල්කනියට වෙලා බලන් ඉන්න දේදුණුගෙන්.

"ඒකනේ නැන්දා..වෙනදා නම් මේ වෙලාවට ඇවිත්නේ" දේදුණු කිව්වේ පාර දිහා බලාගෙනමයි.

"අයියා ඒවිනේ.ඔයා ඇවිත් කන්නකෝ.තාම උදේ කිරි එකවත් බීලා නෑනේ" නැන්දා කියද්දි දේදුණු නැන්දා දිහා හිනා වෙලා බැලුවා.

"මං විතරක් යැ..නැන්දත් මේ නැන්දගේ අයියා එනකම් බඩගින්නෙනේ ඉන්නේ.නැන්දා ගිහින් කන්න.මං අප්පච්චි එක්කම කන්නම්"

"මටත් එහෙමට බඩගින්නක් නෑ සුදූ..ඒක නෙවෙයි මං මේ අහන්නමයි හිටියේ" නැන්දා එහෙම කියාගෙන දේදුණු ලගින්ම වාඩි වුනා.

"ඇයි නැන්දා" දේදුණු ඇහුවේ ටිකක් විතර බයෙන්.නැන්දා හොද වගේම හරි සැරයිත් කියලා දේදුණු දන්නවා.

"අර විසල් එක්ක දැන් කතා කරන් නැද්ද?" නැන්දගේ ඒ කතාවට දේදුණු ලොකු හුස්මක් හෙලුවා.

"එයා කතා කරොත් මං කතා කරනවා.ඒ ඇරෙන්න වෙන කතාවක් නෑ"

"ඇයි ඒ? කාලයක් ඔය දෙන්නා එහේ මෙහේ ගියත් නේද?"

"හ්ම්ම්...ඒත් දැන් එයාට වැඩ ලොකු වෙලා.මං කතා කරන එක කරදරයක් වෙලා.මොකටද නැන්දා මාත් බලෙන් කතා කරන්න යන්නේ"

"එහෙම කියන්න එපා දරුවෝ.ඔයාලා කසාද බදින්නනේ ඉන්නේ.ඉතින් ටිකක් ඉවසන්න ඕනේ.පිරිමින්ට වැඩ වැඩියි තමයි.ගෑනු අපි තමයි ටිකක් ඉවසන්න ඕනේ."

"ඒක හරි කතාවක්නේ නැන්දා.මේ කසාදෙත් මගෙන් අහලා දාගත්ත එකක් නෙවෙයි.ඒ මදිවට මං ඉවසන්න ඕනේ කියන්නේ.එයත් හිත්නන එපැයිනේ.මං විතරක් නෙවෙයිනේ කසාද බදින්නේ" දේදුණු ඒක නම් කිව්වේ ටිකක් තරහෙන්.

මන්දාරම් අහස යට (Completed)Where stories live. Discover now