අවසාන කොටස

844 94 40
                                    


අනේ....පුතා...ඒ මේ අසේලිම තමයි.එයා එයාටම දාගෙන තිබුනු නම තමයි දේදුණු" ජනිතා හිනා වෙවී කියද්දි හැමෝම බලාගෙන හිටියේ පුදුමෙන්

"ඒ කිව්වේ?" ප්‍රියංකා ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන

"මෙයා චූටි කාලේ නිමන්ත මෙයාට කතාවක් කියලා දීලා.ඒකේ පොතක ගෑනු ලමයාගේ නම තමයි දේදුණු.ඊට පස්සේ මෙයා එක විකාරයක් කරා නම වෙනස් කරන්න කියලා.පස්සේ එයා එයාටම දේදුණු කියලා නම දාගත්තා.කවුරු ඇහුවත් කිව්වේ දේදුණු කියලා.ඕක ඉස්කෝලේ යනකම්ම වගේ තිබ්බා.ඉස්කෝලේ ගිහින් තමයි අමාරුවෙන් වෙනස් කරගත්තේ" ජනිතා කියද්දි ජයවර්ධන ත් ඔලුව වැනුවා.

"මටත් මතකයි ඔය කතාව.එක දවසක් ගෙදරට ආපු මගේ යාලුවෙක්ටත් කියලා තිබ්බේ නම දේදුණු කියලා" ජයවර්ධන ත් හිනා වෙවී කිව්වා.

"අනේ...බලන්න ඉතින් අපේ ආදිත්‍යත් දිගටම කිව්වා දේදුණු කියලා ගෑනු ලමයෙක් එක්ක සෙල්ලම් කරා කියලා.මං බැන්නත් එක්ක පිස්සුද කියලා.කවුද මෙහෙම එකක් දන්නේ.අපි දූව දන්නේ සුදු දූ කියලානේ" ප්‍රියංකා හිනා වෙවී කියද්දි ආදිත්‍ය බැලුවේ එයා ලගට වෙලා හිටගෙන ඉන්න අසේලි දිහා.

'එහෙනම් මේ තමයි මගේ දේදුණු...මගේ ඇත්ත දේදුණු' ආදිත්‍ය හිතුවේ අසේලි දිහා බලාගෙනමයි.

"හරිනේ දැන් එහෙනම් ඒ ප්‍රශ්නෙත්.ඒත් පුතා කොහොමද හිතුවේ ඒ දේදුණු මේ සුදු දූ මයි කියලා" ප්‍රියංකා ඇහුවා.

"මේ ෆොටෝ එකෙන්" ආදිත්‍ය පෙන්නුවේ මෙච්චර වෙලා අතේ තියන් හිටපු ෆොටෝ එක.

"අනේ....මේ කොහෙන්ද මේක හම්බුනේ..හරි හුරතල් නේද මේ දවස් වල" ජනිතා කිව්වේ ප්‍රියංකාගේ අතේ තිබ්බ ජායාරූපයට එබෙන ගමන්.

"මේ අල්මාරියක තිබ්බේ" ආදිත්‍ය කිව්වේ අසේලි දිහා බලන ගමන්.

"මේ සුදු ගවුම මතකද? ඔයා මැහුවේ අසේලිට" ජනිතා කියද්දි ප්‍රියංකා ඔලුව උස්සලා ජනිතා දිහා බැලුවා.

"මොකක්ද මේ දූවගේ ඇත්තම නම? අසේලි ද?" ප්‍රියංකා අහද්දි ජනිතා ඔලුව වැනුවා.

"ඔව්...අසේලි ප්‍රාර්ථනා ජයවර්ධන"

" ඇයි?" ජනිතා ආයෙමත් ඇහුවේ ප්‍රියංකාගේ සද්දයක් නැති නිසා.අසේලිත් ආදිත්‍ය දිහා බැලුවේ කලබලෙන්.

මන්දාරම් අහස යට (Completed)Where stories live. Discover now