හතලිස් හය වන කොටස

334 71 1
                                    


නඩුවට වෙලාව තිබුනේ උදේ 11ට වුනත් අසේලි අම්මයි තාත්තායි එක්ක කලින්ම උසාවියට ගියා.එයාලා උසාවියෙන් එලියේ බලාගෙන ඉන්න වෙලාවේ තමයි අසේලිව පැහැරගත්ත කට්ටියව පොලිස් ජීප් එකකින් උසාවියට අරගෙන ආවේ.

පොලිස් ජීප් එකෙන් මුලින්ම බැස්සේ ගගන.ගගනට පිටිපස්සෙන් ජීප් එකෙන් බැහැපු දෙන්නා දැකපු අසේලිගේ ඇස් ලොකු වුනා.

"ඇයි දූ" ජයවර්ධන ඇහුවේ අසේලිගේ මූණ වෙනස් වෙනවා දැකලා.

"අර...අර දෙන්නා" අසේලි කිව්වේ පොලිස් ජීප් එක දිහාටත් අත දික් කරන ගමන්.

"ආ...ඔව්...මට ඒක කියන්න අමතක වුනානේ.අසේලිව කලින් සැරේ පැහැරගත්ත අයම තමයි මේ සැරෙත් අරන් ගිහින් තියෙන්නේ" මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු නීතිඥ මහත්තයා කිව්වේ අසේලි පෙන්නපු අය දිහා බලාගෙනමයි

"ඉතින් ඇයි මේ එයාලා අපේ සුදූ දූ පස්සෙම පන්නන්නේ" ජනිතා අහද්දි ජයවර්ධන ත් ඔලුව වැනුවා.

"එයාලා කියන විදියට පලවෙනි දවසේ අසේලි රෑක තනියෙන් ඉන්නවා දැකලාලු අරන් යන්න හිතිලා තියෙන්නේ" නීතිඥ මහත්තයා එහෙම කියද්දි අසේලිට මතක් වුනේ එදා ආදිත්‍ය එක්ක බස් එක කැඩිලා ගියපු ගමන.එදත් එයා එක්ක ආදිත්‍ය හිටියා කියලා මතක් වෙද්දි අසේලිගේ ඇස් වලට කදුලු පිරුනා.

"ඒ කවද්ද" ජනිතා ඇහුවේ පුදුමයෙන්.

"බස් එක කැඩිච්ච දවසක්.අර නිමන්ත ගිහින් එක්කගෙන ආවේ" ජයවර්ධන ඒක කිව්වේ ඕනවට එපාවට වගේ.

"ඉතින් ඊට පස්සේ දවසක අසේලි පාරේ ඉන්නවා දැකලා ඒ ලොක්කාගේ ගෝලයෙක් තමා අසේලිව උස්සලා තියෙන්නේ.හිතාගන්න පුලුවන්නේ මොකටද කියලා" නීතිඥ මහත්තයා කිව්වා.

"ඉතින් එතකොට මේ ආයේ ආයෙත් මොකද? මොන තරහක්ද පිරිමහන්නේ මගේ දරුවාගෙන්.රටේ ලොකේ ගෑනු නැතුවද?" ජනිතා කිව්වේ තරහෙන්.

මන්දාරම් අහස යට (Completed)Where stories live. Discover now