තිස් පස් වන කොටස

386 76 1
                                    

හෝර්ටන් තැන්න පුරාවටම තද මීදුම් ගතියක් පෙන්න තිබ්බේ වැසිබර කාළගුනයක් එන ලකුණු පෙන්වමින්.මීදුම මැදින් ලෝකාන්තයට යන ගමන වැඩියෙන්ම අමාරු වුනේ ගෑනු ලමයින්ට.කණ්ඩායමේ පිරිමි ලමයි ගෑනු ලමයින්ට උදව් කරන්න ඉදිරිපත් වුනු නිසා යන ගමන ටිකක් ලේසි වුනා.

"අම්මෝ....කකුල කකුල..." එක පාරටම නෙහාරාගේ කටහඩ මීදුම මැද්දෙන් ඇහුනා.

"කෝ කෝ මොකද වුනේ" නෙහාරා එක්ක ගියපු ජීවක ඇහුවේ කලබලෙන්.

"මොකක්ද වුනේ අහන්නේ? ගලක් තියෙනවා දැක්කේ නැද්ද මෝඩයෝ" නෙහාරා ඇහුවේ කකුලත් අල්ලගෙන.

"ඇයි ඕයි දැන් මමද ඒකත් බලන්න ඕනේ.ඇස් පෙන්නේ නැද්ද?" ජීවකත් අතාරින්න ලෑස්ති නෑ.

"මගේ ඇස් පේනවා.ඔයානේ මේ කොහේවත් යන කෙල්ලෙක් දිහා බලන් ගිහින් මගේ කකුලත් ගලේ වැද්දුවේ" නෙහාරා එහෙම කිව්වේ කකුලත් අල්ලගෙන පාර අයිනේ ගලක් ලග වාඩි වෙන ගමන්.

"මං බලන්න ගියපු ඇති කෙල්ලෙක් නෑ.කෝ දැන් මොකක්ද වුනේ කකුලට" ජීවකත් නෙහාරා ලගින්ම බිම ඇන ගහගෙන කකුල දිහා බැලුවා.

"මේ හීරීලා..." නෙහාරා පෙන්නුවේ කකුලේ වළලුකර ලග තියෙන පොඩී හීරීමක්.

"අපෝ...මේකත් තුවාලයක්ද?" ජීවක එහෙම කිව්වත් බෑග් එකෙන් වතුර බෝතලයක් අතට ගත්තා.වතුර බොතලේ අතට ගත්ත ජීවක ඒකෙන් වතුර ටිකක් තුවාලේ උඩට දැම්මා.

"රිදෙනවද?" ජීවක අහද්දි නෙහාරා ඔලුව වැනුවා.

"හරි එහෙනම් යමුද?" 

"යන්නේ කොහොමද? කකුල හීරීලානේ" නෙහාරා කිව්වේ ජීවක දිහා හොරෙන් බලන ගමන්.ජීවක එයාලා ලගින් හිනා වෙවී පහළ බහින අය දිහා බලලා ආයෙත් නෙහාරා දිහා බැලුවා.

"යමු...මං අල්ලගෙන එක්කගෙන යන්නම්.මෙතන මේ සීතලේ ඉන්න බෑනේ" ජීවක කිව්වේ නෙහාරා දිහාවට අත දික් කරලා.

මන්දාරම් අහස යට (Completed)Where stories live. Discover now