දාහතර වන කොටස

394 77 0
                                    

"එන්න ඇවිත් තමන්ගේ ටිකට් වල සල්ලි ඉල්ලගන්න " කොන්දොස්තර තවත් කෑගහන්න ගත්තම බස් එකේ සෙනග  ඉස්සරහට ගියේ කොන්දොස්තරගෙන් සල්ලි ඉල්ලගන්න හිතාගෙන.

ආදිත්‍ය හැරිලා බැලුවේ බෑග් එකක් පිටේ එල්ලගෙන තව බෑග් එකකුත් අතේ අරගෙන එයාගේ ශීට් එකෙන් නැගිටින්න උත්සහ කරන අසේලි දිහා.

"කෝ දෙන්න..." ආදිත්‍ය අත දික් කරේ අසේලිගේ අතේ තිබ්බ බෑග් එක ගන්න.

අසේලි ආදිත්‍ය කියපු දේ ඇහුනේ නෑ වගේ තනියම ශීට් එකෙන් නැගිටින්න උත්සහ ගත්තා.ඒකෙන් කේන්ති ගියේ ආදිත්‍යට විතරක් නෙවෙයි.අසේලිගේ එහා පැත්තේ ජනේලේ ලග ශීට් එකේ හිටපු පිරිමි කෙනත් අසේලි දිහා බැලුවේ කේන්තියෙන්.

"ඔන්න ඔය බෑග් මගුල පැත්තක දාලා නැගිටිනවද මෙතනින්.නැත්තම් එහාට වෙනවා මට මෙතනින් යන්න.තමුන්ලට ගෙවල් වල යන්න උවමනාවක් නැති වුනාට අපට යන්න ඕනේ " ඒ පිරිමි කෙනා කිව්වේ අසේලිට රවන ගමන්.

ගෙදරින් වත් බැනුමක් අහලා නොතිබුනු අසේලි ඇස් දෙකේ කදුලු පුරවගෙනම ආයෙත් වාඩි වුනේ ඒ මනුස්සයට යන්න ඉඩ දීලා.මේ ඔක්කොම ආදිත්‍ය බලාගෙනයි හිටියේ.

"ඔන්න ඕක මෙහෙට දෙන්න.." ඒ සැරේ ආදිත්‍ය බලෙන්ම අසේලිගේ බෑග් එක ගන්න හැදුවත් අසේලි ඒකට ඉඩ දුන්නේ නෑ.

"ඕන් නෑ මට පුලුවන්" එහෙම කියපු අසේලි බෑග් එක එහෙට මෙහෙට කරලා අමාරුවෙන් නැගිටගත්තා.

ඒ වෙද්දි බස් එකේ ඔක්කොම සෙනග කොන්දොස්තර ලග පිරිලයි හිටියේ.අසේලිට ඉස්සරහට යන්න ඉඩ දුන්නූ ආදිත්‍ය අසේලිට පිටිපස්සෙන් කොන්දොස්තර ලගට ගියේ එයාගේ දුරකථනය අතට ගන්න ගමන්.මේ වෙද්දි වැස්සේ සද්දේ අඩු වෙලා තිබ්බ නිසා ආදිත්‍ය හිතුවේ සිග්නල් ඇති කියලා.ඒත් තාමත් සිග්නල් තිබුනේ නෑ.එතකොටම එලියෙන් ඇහුනු සද්දේ නිසා ආදිත්‍ය එතන ජනේලෙන් එලියට එබුනා.ඒ බස් එකක සද්දයක්.ඒ වෙද්දි සල්ලි අරන් බස් එකෙන් බැහැපු කට්ටියක් ඒ බස් එකට නැගලා යන දිහා බලන් හිටපු ආදිත්‍ය බැලුවේ ඔර්ලෝසුව දිහා.ඒ වෙද්දි රෑ 8ත් පහු වෙලා තිබ්බේ.

"මට සල්ලි දමලා ගහලා යන්නත් හිතයි අනේ " ආදිත්‍යට පිටිපස්සෙන් ඉදපු කාන්තාව කිව්වේ එයාගේ මහත්තයා කියලා හිතන්න පුලුවන් පිරිමි කෙනාට.

මන්දාරම් අහස යට (Completed)Where stories live. Discover now