CHAPTER 1

3.7K 352 99
                                    

Love Yourself World Tour එකේ පලවෙනි කොන්සර්ට් එක තියන්නේ US වල.

Love Yourself LA

ලෝක ප්‍රසිද්ද BTS බොයි බැන්ඩ් එක මේ ලැස්ති වෙන්නෙ එයාලගේ world tour පලවෙනි කොන්සර්ට් එකට යන්න ලොස් ඇන්ජලීස් යන්න.

"ඔච්චර ඇදුම මොකටද?"

නම්ජූන් ජන්කුක්ගේ බෑග් දිහා බලාගෙන කෑ ගහන්න ගත්තේ ජන්කුක් බැගේජ් 3ක් පිරෙන්න ඇදුම් පැක් කරනවා දැකලා.

"ඇයි? මේ ඔක්කොම මට ඕනේ?"

"ඔච්චර ඕනේ නෑ. අපි ගිහින් ආයේ එනවනේ. අනික සතියයි ඉන්නේ"

"ඒත් මට ඕනේ මේ ඔක්කොම.."

"බැගේජ් 3ක් ඔයා තනියම අරන් යන්නේ කොහොමද කියන්න මට. "

නම්ජූන් ජන්කුක් එක්ක ආර්ගිව් කරද්දි ටෑයුන්ග් එතනට ආවේ සද්දේ මොකද බලන්න. ටෑයුන්ග් දැකපු ජන්කුක් ටෑයුන්ග් ගෙන් බැගේජ් ගැන ප්‍රශ්න කරන්න ගත්තා

"ටේ. ඔයා බැගේජ් කීයක් අරන් යනවද?"

"දෙකයි? ඇයි?"

ටේ ජන්කුක්ගේ ප්‍රශ්නේට උත්තර දෙද්දි ජන්කුක්ගේ මූන දෙක උනා..

"ඔයා විතරයි කුකී ඔච්චර අරන් යන්නේ. නිකන් බොරුවට උස්සන් යන්න ඕනේ නෑනේ?"

නම්ජූන් බැලුවෙම කොහොම හරි ජන්කුක්ගේ බැගේජ් ටික අඩු කරන්න.

ඒත් එතන මොකුත් නොකිය වාඩි වෙලා ඉන්න මාව ජන්කුක් දැක්කම ජන්කුක්ගේ මූනේ හිනාවක් ඇදුනා.

"ජින් හ්යුන්ග්.. ඔයා බැගේජ් කීයක් ගත්තද? "

"එකයි."

මන් පුරුදු වෙලා හිටියේ තනි වචනෙන් උත්තර දෙන්න.

"ජින් හ්යුන්ග් උදව් කරනවා මට. හරිනේ. බැගේජ් 3 මගෙ ගෙනියන්න පුලුවන්. ජූනි හ්යුන්ග්. ඔය යන්න. සුගා හ්යුන්ග්  ව නැගිට්ටවන්න. යන්න යන්න"

"ඒත් කුකී..."

නම්ජූන් මගේ දිහා බලද්දි මන් කමක් නෑ කියන්න අත වැනුවා.මොනවා කිව්වත් දැන් කුකීගේ බෑගේජ් අඩු කරන්න බෑ කියලා මන් දන්නවා.

"මතකනේ ජින් හ්යුන්ග් කලිනුත් මෙයා කරපු දේ.මෙයා ස්ටාෆ් එකට දෙන්නත් කැමති නෑ ඒවා. අන්තිමට ගිය පාර වගේ ඔයාට ඔක්කොම අරන් යන්න වෙන්නේ..."

TEARS  |  Jin Centric  |  Completed Where stories live. Discover now