Jin's pov
හන්සූ ගියාට පස්සෙත් මන් වාඩි වෙලා හිටියා ගොඩක් වෙලා . අන්තිමට අපාර්ට්මන්ට් යන්න නැගිටලත් ආයේ මන් බෙන්ච් එකෙන් වාඩි උනේ හන්සූ මට දුන්නේ මොනවද කියලා බලන්න.වොච් එකක් එක්ක හෑන්ඩ් මේඩ් ස්වීටර් එකක් තිබ්බා. තව ලියුමකුත්. මන් මුලින්ම ලියුම කියවන්න පටන් ගත්තා.
ජින් අයියා,
කුකී අයියා හම්බුන දවසෙ ඉදන් මන් අයියාව දන්නේ. මුලදිත් අයියා මට උදව් කරා. අන්තිමට අගදිත් මට අයියා උදව් කරා.
මගේ අයියා නැති උනාට පස්සේ ජින් අයියාව මන් දැක්කේ මගෙම අයියා වගේ.මට උදව් කරාට, මාව බලාගත්තට ගොඩක් ස්තූතී.
මන් දන්නවා අයියාට ගොඩාක් එක්ස්පෙන්සිව් වොට්ච් කලෙක්ශන් එකක් තියනවා. ඒත් මේකත් අයියගේ කලෙක්ශන් එකට එකතු කරන්න. සාහා හන්සූගේ මතකය තියාගන්න.
ස්වීටර් එක මන් හැදුවේ..ඔය ස්වීටර් එකේ තියෙන්නේ මගේ කදුලු. ජන්ග්කුක් අයියා මාව දාලා ගිය දවසේ ඉදන් අඩන හැම පාරකම මන් කරේ ඔය ස්වීටර් එක හදන එක. හැමදේකටම මගේ පස්සෙන් ඉදලා මට ශක්තියක් දුන්නට ගොඩක් ස්තූතී..
ජන්ග්කුක් අයියාව බලාගන්න. මට එයත් එක්ක තරහක් නෑ. අයියා තමයි ජන්ග්කුක් අයියාවත් ශක්තිමත් කරන්න පුලුවන් එකම කෙනා. ඉතින් මේ අවුරුදු ගානට , අයියා කරපු හැමදේටම ගොඩක් ස්තූති.
නන්ගි.
හන්සූ.
මන් ඒක කියෙව්වා. ස්පෙක්ස් නැතුව ආමාරුවෙන් කියෙව්වා. ඇඩෙයි කියලා හිතුවේ නැති උනාට කදුලු ආවා.
එයා දුන්න වොට්ච් එක අරන් මන් බැලුවා. ඒක අනිත් පැත්තේ එන්ග්රේව් කරලා තිබ්බා
Thank you
~~Han-sue~~කියලා. මන් ආයෙමත් ඒ හැමදේම බොක්ස් එකට දාලා වාඩි වෙලා කල්පනා කරා. හන්සූගේ ජිවීතේ මොන තරම් දුකක් ඇතිද කියලා.
තාත්තා නෑ
අම්මා නෑ.
අයියා නෑ
අන්තිමට ආදරේ කරපු කොල්ලාත් නෑ.පවුලේ කවුරුත් නැතුව හැම්දේම එයා තනියම කරගන්නවා.
ෆෝන් එකට මැසේජ් එකක් ආව ටෝන් එක ඇහුන නිසා මන් මගේ කල්පනාවෙන් එලියට ආවේ.
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...