Jin's POV
රෑ කන්න යද්දි ටෑයුන්ග් කිව්වා අපේ ගෙදර යන් කියලා ආයෙමත්.
"අපි ජින් හ්යුන්ග් ගේ ගෙදර යන්"
ටෑයුන්ග් කියද්දි මට හන්ගන්න දේකුත් තව නැති හන්දා මන් කැමති උනා එයාලව එක්කන් යන්න. සේජින් අන්කල් කමක් නැද්ද කියලා ඇහුවමත් මන් කිව්වා කමක් නෑ කියලා.
"මූරින්."
"ජින් ඇයි හදිස්සියේ.මොකුත් කරදරයක්ද?"
"නෑ නෑ. හෙට අපේ අය ගෙදර එනවා.
ඔයා ගෙදර ඉන්නවද? ""මන් උදේ යන්න ඕනේ පොඩි වැඩකට. දවල් එන්න පුලුවන්. එක්කන් එන්න."
"හරි. "
"මන් අස් කරලා දාන්නම්. දවස් කීයකටද ? "
"එක දවසයි."
"අපෝ ....එක දවසද. හරි හරි එක්කන් එන්න. "
"හ්ම්. ගුඩ් නයිට්."
මන් මූරින් එක්ක කතා කරලා නිදා ගත්තා. පහු වෙනිදා පාන්දර 5 ඉදන් කට්ටිය ලෑස්ති වෙලා අපේ ගෙදර යන්න. මාව 6ට නැගිටෙව්වා ජන්ග්කුක්.. ඒ එයා මට කලින් නැගිටපු දෙවනි වතාව.
"ඇයි?"
"නැගිටින්න. අද අපි ඔයාලගේ ගෙදර යනවා. මතක නැද්ද?"
"මෙච්චර උදෙන්. "
"ඔව්..ඔව්. 7ට යනවා. "
මන් නැගිටලා ලෑස්ති උනා. 7ට යනවා කිව්ව ජන්ග්කුක් වාහනයට නැග්ගේ 8ට.
"ජින් හ්යුන්ග් ගේ ගෙදර මොන වගේද?"
"නිකන් ගෙයක්."
"අපි මේ එහේ යන්න පලවෙනි පාරට නේද?"
"ඔව්.."
ගෙදර යනකන් කට්ටිය හිටියේ නොඉවසිල්ලෙන්. උදේට කාලත් ආවේ නැති හන්දා අපි මගින් රෙස්ටෝරන්ට් එකක් බුක් කරලා කෑම ගත්තා.
අන්තිමට 9 වෙද්දි ගෙදර ආවා හැමෝම.
"ශා... ලස්සනයි මෙහේ."
"හ්යුන්ග්, මූරින් හ්යුන්ග් විතරද ඉන්නේ මෙහෙ?"
"ඔව්."
ටෑයුන්ග් ගේ වටේ ඇවිදින ගමන් කතා කර කර හිටියා. මන් මූරින්ට ටෙක්ස්ට් එකක් දැම්මම එයා කිව්වා එයා එද්දි 12 විතර වෙයි කියලා.
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...