Jin's pov
මන් නැගිට්ටේ ෆෝන් එකට ආව කෝල් එකක් හන්දා. මගේ නින්ද කැඩුන එක ගැන කේන්තියෙන් මන් ෆෝන් එක ගත්තේ මූරින් නම් බනිනවා කියලා හිතාගෙන.ඒත් ඒ කෝල් එක අවුරුදු 7කට පස්සේ එන කෝල් එකක්.
මන් කවදාවත් එයි කියලා හිතුවේ නැති කෝල් එකක්.
ඇයි කෝල් කරන්නේ හිතා ගන්න බැරි කෝල් එකක්
"මම්.ගුඩ් මෝනින්.
මම් හොදින් ඉන්නවා නේද?"මන් අම්මා එක්ක කතා කරගෙන ගියේ කවදාවත් නැති සතුටකින්.
"තමුන් කරන වැඩ හන්දා මට ගෙදරින් එලියට යන්න විදිහක් වත් නෑ . මීඩියා වලින් ගෙදර වට කරලා. මොකක් හරි කරලා මේක නවත්තනවා."
"හෙලෝ. මම්.."
අම්මා කියන්න ඕනේ දේවල් ටික කියලා කෝල් එක කට් කරලා. මන් ඉක්මනට ගියේ සේජින් අන්කල් ව හම්බෙන්න
සේජින් සර්ගේ රූම් එකට තට්ටු කරන්නේ වත් නැතුව මන් දොර ඇරගෙන ගියා.ඒත් ඒ වෙද්දිත් සේජින් අන්කල්ගේ රූම් එකේ මීඩියා චැනල් කිහිපයකම අය හිටියා. මන් ඉක්මනට දොරෙන් එලියට ආවා.
"ජින්."
සේජින් සර් ඉක්මනට එලියට ඇවිල්ලා මාව ආයෙමත් අපේ රූම් එකට එක්කන් ආවා.
"ඔයා ඇයි එහෙම ආවේ?"
"නිදාගෙන ඇහරුන ගමන්ද තාම?" "ඔහොම එනවද එක පාරටම""සොරි. සොරි අන්කල් සොරි.
මට කියන්න දෙයක් නෑ. ඇත්තටම මන් ගියේ මෝඩයෙක් වගේ.නිදාගන්න ඇදපු ඇදුම පිටින්. අඩුම තරමේ මූනවත් හෝදලා නෑ.
"මම් කතා කරා. මීඩියා වලින් එහෙ ගිහින්. මම්ට කරදර කරනවලු..අනේ අන්කල් මොනවා හරි කරන්න.ප්ලිස්."
"හරි අපි ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියමු. ඔයාට පුලුවන්ද කතා කරන්න."
"මම? කතා කරන්න ?"
"ඔව්. "
අම්මාව බේරගන්න ඔනේ හන්දා මන් හා කිව්වා. මන් ආයෙමත් කාමරයට ඇවිල්ලා ජන්ග්කුක්ගේ ලැප් එක අරන් ලිවින් රූම් ආවේ මිනිස්සු මොනවද කියලා තියෙන්නේ බලන්න.
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...