CHAPTER 13

711 208 24
                                    


හහ් හහ් හහ් හහ් හහ් හහ්.

මන් හයියෙන් හිනා උනා.

මන් පිස්සෙක් වගේ හයියෙන් හිනා උනා.

මන් කෑ ගහලා හිනා උනා..

මන් බිම වාඩි වෙලා හිනා උනා.

මට වෙන කරන්න දෙයක් නැති හන්ද මන් හිනා උනා.

කෑ ගගහ මන් හිනා උනා.

ඒත් අම්මගේ වචන මට මතක් උනා. තාත්තායි මල්ලි මරාගෙන මන් ජොලි කරනවා කිව්වා

මන් ගැන ආඩම්බර නෑ කිව්වා.

මන් හිනා වෙන එක නැවත්තුවා..ඒ හිනා වෙන්න හේතු නෙවේ. ඒ වගේ හේතු වලට අඩන්න ඕනේ.

මන් ඉක්මනට නැගිටලා අපේ රූම්ස් වලට ආවා. මන් එද්දි මට කෙලින් එන්නත් බැරි උනා. දෙපාරක් වැටුනම නම්ජූන් මාව නැගිට්ටෙව්වෙ. මන් ලිවින් රූම් එකෙන් මගේ රූම් එකට යනකොට හැමෝම මන් දිහා බලන් හිටියා. ජන්ග්කුක් අඩලා කියලා දැක්ක ගමන් තේරුනා.

නම්ජූන් මගේ පස්සෙන් ආවත් මන් ඉක්මනට රූම් එකට ඇවිල්ල දොර වහගත්තා එයා ඇතුලට එන්න කලින. දොර ලොක් කරලා මන් ගියේ මගේ බෙහෙත් දාන ලාච්චුවට. තිබ්බ බෙහෙත් ටික ඔක්කොම අතට ගත්තේ බොනවා කියලා හිතාගෙන

ඒත් මට මැරෙන්න තරම් හයියක් තිබ්බේ නෑ. මට මැරුන නම් හොදයි කියලා හිතුනත් මැරෙන්න තරම් කොන්ද පන තිබ්බේ නෑ මට. මන් අතට ගත්ත බෙහෙත් පෙති ටික වීසී කරේ කාමරේ සීසීකඩ යන්න..

එහෙමම බිම වාඩි වෙලා මන් මුල ඉදන් අගට හිතන්න පටන් ගත්තා.

තාත්තා එක්ක තිබ්බ ලස්සන දවස්.

මල්ලි එක්ක රන්ඩු උන දවස්.

අම්මා එක්ක සතුටින් හිටපු දවස්...

මන් ඒ දේවල් හිත හිත මගේ හිතේ තියන තුවාලට තවත් පෑරෙව්වා.

"ජින් හ්යුන්ග්"

"දොර අරින්න. "

"හ්යුන්ග්"

"දොර අරින්න."

එලියේ ඉදන් හැමෝම දොරට තට්ටු කර කර ඉන්නේ දොර අරින්න කියලා. ඒත් මන් ඒක ඇහෙන්නේ නෑ කියලා හිතලා තව තව දුක හිතෙන දේවල් හිතන්න පටන් ගත්තා.

TEARS  |  Jin Centric  |  Completed Where stories live. Discover now