ටෑයුන්ග් උඩ පැන පැන ආවේ අපේ ගෙදර යන්න හා කිව්වා කියලා. මට ටෑයුන්ග් පව් කියලත් හිතුනා අද රෑට හරි හෙට උදේට හරි සේජින් අන්කල් වැඩක් ගැන කිව්වම ටෑයුන්ග් ගේ හීන ඔක්කොම බොද වෙන එක ගැන.
ඒත් මන් හීනෙකින් වත් හිතුවේ නෑ ටෑයුන්ග් වෙනුවට මට පව් වෙන්න වෙයි කියලා
"ජින්"
"නැගිටින්න."
"ජින්"
මන් නැගිටලා ඇස් අරිද්දි මන් ඉස්සරහා හිටියේ ජන්කුක්. මට හොදටම විශ්වාසයි ජන්කුක්ට මාව නැගිට්ට්වන්න තරම් නරක හීනයක් නම් දැක්කේ නෑ කියල. එත් මේ හීනයක්ද තාමත් මාව දකින්නේ....
"හීනෙන් පෙන්නත් වෙන දේවල් ඇත්තෙම නැද්ද?"
මන් හයියෙන්ම කියාගෙන අනිත් පැත්තට හැරිලා නිදා ගත්තා ආයෙමත්.
"හ්යුන්ග්. මේක හීනයක් නෙවේ."
"නැගිටින්න.."
ජන්කුක් කොච්චර කිව්වත් මට හිතුනේ ඒක හීනයක් කියලා විතරයි. මට කලින් කවදාවත් ජන්ග්කුක් නැගිටින්නේ නෑ.
"ජින්. නැගිටින්න."
ඒ පාර නම්ජූන් ඇවිල්ලා නැගිට්ටනවා. නම්ජූන් මාත් එක්ක සීරියස් කතා කරන කෙනෙක් නිසා මන් නැගිට්ටා.
"ඇයි ?"
"පොඩ්ඩක් නැගිටලා එලියට එන්නකෝ."
මන් නිදිමතේම එලියට ගිහින් අපේ කොමන් රූම් එකට ආවා. ඇවිල්ලා සෝෆා එකට කඩන් වැටුනේ තාමත් නිදිමටහ් හන්දා
"හ්යුන්ග් මේක බලන්න."
ජිමින් අයිපෑඩ් එක මට දුන්නේ මොකක් හරි ආටිකල් එකක් බලන්න කියලා ඒත් මට පෙන්නේ නැති හන්දා මන් ආයෙමත් නිදාගන්න කාමරේට ගිහින් ස්පෙක්ස් අරන් ඇවිල්ලා බැලුවා.
ලෝක ප්‍රසිද්ද බීටීඑස් ජින් අනතුරකට ලක් වූ ගුවන් යානයක් ගොඩ බස්සයි.
හෙඩ් ලයින් එක දැක්කම මගෙ අතින් අයි පෑඩ් එක බිම වැටුනා. වාඩි වෙලා හිටපු හන්දා ඒකට මොකුත් ඩැමේජ් එකක් උනේ නෑ.
මන් ආයෙමත් බිම තිබ්බ අයිපෑඩ් එක අරන් ඒ අර්ටිකල් එක කියෙව්වා. එදා උන සිද්දිය ඒ විදිහටම විස්තර කරලා තිබ්බා.
JE LEEST
TEARS | Jin Centric | Completed
Fanfictieමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...