CHAPTER 16

663 203 31
                                    


Jin's POV


"සූ. ඉස්සරහට එන්න. මට ඔයාව පේනවා."

ජන්ග්කුක්ගේ සූ ඉස්සරහට ආවා. ටිකෙන් ටික එයා ලගට එද්දි මන් දැක්කේ එයාව හරියටම..

ඒත්...

ජන්ග්කුක් ඉස්සරහට ගිහින් එයාට ෆ්ලවර්ස් ටික දුන්නා.

"ජින් හ්යුන්ග් . මේ ඉන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් සාහා හන්සූ."

සාහා...

මාත් එක්ක සින්දු කිව්වා සාහා...

මාත් එක්ක තරු බලපු සාහා....

ඔව්ව් මේ ඒ සාහාම තමයි....

"හන්සූ මේ ඉන්නේ මගේ අයියා ජින්."

"හෙලෝ."

සාහා ඔලුව පාත් කරලා මට ආචාර කරා

"හෙලෝ."

සාහා මාව අදුරගනී කියලා මන් හිතුවට එයා අදුරගත්තේ නෑ. මන් එයා ඉස්සරහට ගිය හැම වෙලේම ගියේ මාස්ක් එකක් දාගෙන.. එදා සින්ග් කරද්දි මාව පෙනුනෙත් නෑ එයාට හරියට කලුවර හන්දා.

ඔව්..සාහා මාව අදුරගත්තේ නෑ. මට කතා කරන්න උනොත් මගේ වොයිස් එක සාහා අදුරගනී කියලා බයට මන් එතනින් ආවා.

"මන් කාර් එකට වෙලා ඉන්නම්."

මන් ජන්ග්කුක්ට රහසින් කියලා කාර් එකට ආවා. සාහා ව මන් අන්තිමට දැක්කේ එයාගේ අයියාගේ ෆියුනරල් එක දවසේ. දැන් මාස 8කට විතර කලින්... එදා හිටියට වඩා චූටි වෙලාද මන්දා.

මට හිතට එක එක ඒවා ආවා. මට ජන්ග්කුක් ගැන ඉරිසියාවක් ආවාත් මන් ඒක දලුලන්න නොදී අයින් කරගත්තා මොකද ජන්ග්කුක් කියන්නේ මගේ මල්ලි නිසා.

සාහා ඉස්සර කිව්වා එයා සින්ග් කරන්න වගේම පේන්ටින් වලටත් දක්ශයි කියලා. ජන්ග්කුක්ව හම්බෙන්න ඇත්තේ ඒ එක්සිබිශන් එකේදි වෙන්නැති කියලා මට හිතුනා. මන් හොද වෙලාවට ජන්ග්කුක්ට ස්කාර්ෆ් එක ගැන කිව්වේ නැත්තේ.

මට එතකොට මතක් උනේ ජන්ග්කුක් එක්ක එද්දි ස්කාර්ෆ් එකේ කතාව මන් කියන්නම් කියලා පොරොන්දු උනා නේද කියලා.. කමක් නෑ. ඒ පොරොන්දුව අද කඩනවා..

TEARS  |  Jin Centric  |  Completed Where stories live. Discover now