මගේ අවාසනාවකට ,
ඔයාලගේ වාසනාවකට
මට ආපහු ගෙදර එන්න උනා.
.............................................................
Jin's povමන් ඉක්මනට ෆෝන් එක අරන් මූරින්ට ඩයල් කරා..මූරින්ට කතා කරන්න ෆෝන් එක කනේ තියාගත්තත් මට දැනුනා මාව තාම වෙව්ලනවා කියලා.
"හෙලො"
"මූරින් ඉක්මනට එන්න. හදිසියක්"
මූරින් එන්න කලින් හන්සූ ගියා එයාට වැඩක් තියනවා කියලා.
"ජින් අයියා. මන් ගිහින් එන්නම්."
හන්සූ මන් ලගට ඇවිල්ලා කියලා ගියත් මන් එයාට මොකුත් කිව්වේ නෑ . මට ඕනේ උනේ මූරින් එක්ක කතා කරන්න. අනිත් අය මොනවා ඇහුවත් මන් කතා කරේම නෑ. මූරින් එනකන් මන් වෙලාව බැලුවා 100+ක්.
මූරින් අන්තිමට ආවා. තනියම නෙවේ. මගේ නහයට ට්‍රීට් කරපු ඩොක්ටර්ත් එක්කම. මන් නැගිටලා ගිහින් මූරින් ව බදාගත්තා.
"මූරින් මට ඉන්න බෑ."
මට මූරින් ලග විතරයි සහනයක් තිබ්බේ. මෙන්ටල් හොස්පිටල් ඉන්න කාලෙත් මූරින් විතරමයි මට උදව් කරන්න හිටියේ. මන් ඒකයි මූරින්ට කෝල් එකක් ගත්තේ ඉක්ම්නට.
"හරි ජින්. බය වෙන්න එපා. ගිහින් ඇදෙන් වාඩි වෙමුකෝ."
මූරින් එක්ක ඇවිල්ලා මම ඇදෙන් වාඩි උනා.
"මූරින් මට ඔයාත් එක්ක කතා කරන්නේ ඕනේ."
"ඊට කලින් ඔය අතට බෙහෙත් දාගෙන ඉන්නකෝ."
මූරින් මට පෙන්නද්දි මන් දැක්කේ අතේ කැනියුලා එක තිබ්බ තැන චූටි තුවාලයක් තියනවා.
"මිස්ටර් ජින් මේක පොඩි තුවාලයක් උනාට ඔයා දන්නවනේ ඔයාගේ වෘත්තියත් එක්ක මේ වගේ පොඩි කැලලක් උනත් ලොකුවට බලපානවා කියලා.ඉතින් ඔයා මීට වඩා පරිස්සම් වෙලා ඔයාගේ වැඩ ගැන හිතන්න ඕනේ"
"හ්ම්ම්"
අන්තිමට ඩොක්ටර් ගියාම මුරින්ටයි මටයි තනියම කතා කරන්න කියලා ජන්ග්කුක් එක්ක සේජින් අන්කල් එලියට ගියා
මම මූරින්ට දැක්ක දේවල් මුල ඉදන් අගටම කියාගෙන ගියා. මගේ අත වෙව්ලනවා දැකලා මූරින් මගේ අත් එයාගේ අත් දෙකෙන්ම අල්ලග්ත්තා.
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...