නොක් නොක්..පහුවෙනිදා උදේ පාන්දරම දොරට තට්ටු කරන සද්දෙට මන් නැගිටුනා.
"ගුඩ් මෝනින්."
"ගුඩ් මෝනින්. ලෑස්ති වෙලා එන්න 9ට ෆිල්මින්ග්.."
"ඔකේ.."
සේජින් යන්නේ නැතුව දොර ගාවට වෙලා ඉන්නකොට තේරුනා මට තව මොකක් හරි අව්ලක් තියනවා කියලා
"මොකද උනේ?"
"ජන්ග්කුක්ව නැගිට්ටවන්න බෑනේ..පොඩ්ඩක් බලන්නකෝ.."
"හ්ම්"
"දැන් අවුරුදු 5ක් තිස්සේ මට තේරෙනෙනෙ නෑ මෙයාව ඔයා කොහොම නැගිට්ටනවද කියලා.."
"කී කාර්ඩ් එක ඇතුලෙනේ?"
"නෑ. එක්ස්ට්‍රා එක්ක ගෙන්නගත්තා."
මන් සේජින් අන්කල් දොර ඇරලා දුන්නම ඇතුලට ගියා.."ජන්ග්කුක්.."
"නැගිටින්න."
"කුකී."
"3 පාරක් කතා කරලා නැගිට්ටේ නැත්තන් බෙඩ් ශීට් එක අයින් කරන්න.."
මන් ජන්කුක් ව නැගිට්ටන විදිහ ස්ටෙප් බය් ස්ටෙප් ඔක්කොම කරලා පෙන්නුව සේජින් ට. ශීට් එක අයින් කරාම ජන්ග්කුක් 3ට 4ට ගුලි වෙලා පිලෝව් එකක් බදාගත්තා.
"ජන්කුක්."
මන් පිලෝ එක අරන් සෝෆා එකට දැම්මා. ඊට පස්සේ ඔලුව තියන් ඉන්න පිලෝ එක ජන්ග්කුක් බදා ගත්තා.
මන් ඒකත් අරන් සෝෆා එකට වීසී කරා.ඒත් නැගිටින්නේ නැති නිසා මම එයාව ඇදලා අරන් බිමට දාලා එන්න ආවා. කරන්න දෙයක් නැතිම උනාම ජන්ග්කුක්ව ඇහරවන්න තියන එකම විදිහ ඒක.
මන් ජන්ග්කුක්ගේ රූම් එකෙන් එලියට යනකොටම මට ඇහුනා ජන්ග්කුක් කෑ ගහන සද්දේ.
"ජින් හ්යුන්ග්. මන් ඔයාට මොකක්ද කරේ ඔයා ඇයි මට මෙහෙම කරන්නේ.."
එයාව නැගිට්ටවන්න පුලුවන් එකම විදිහ ඒක. මන් මගේ රූම් එක ඇරගෙන ඇතුලට ආව ගමන් මන් තද කරන් හිටපු හිනාව එලියට ආවා..
"හහ් හහ් හහ්."
අපි ලොස් ඇන්ජලීස් ආව එක ෆිල්මින් කරා.ස්ට්‍රීට් ෆුඩ්ස්, මිනිස්සු, ලොස් ඇන්ජලීස් වල පාරවල්.... මේ හැමදේම ෆිල්මින් කරලා එද්දි හවස 3 විතර උනා. ඒ ඇවිල්ලා හැමෝම කලේ ලන්ච් ගන්න එක. හොද වෙලාවට ලන්ච් එක ෆිල්මින් කරේ නෑ..
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...