CHAPTER 39

618 199 68
                                    

කෑම ආවට පස්සේ අපි දෙන්න කන්න චොප්ස්ටික් අතට ගන්නකොටම...

මගෙ රූම් එකේ දොරට කවුරු හරි දොරට තට්ටු කරා. තට්ටු කරා නෙවේ. දොරට කැඩෙන කන් හයියෙන් ගැහුවා.

මන් දොර ඇරන් එලියට ගියේ කවුද මේ විදිහට හැසිරෙන්නේ කියලා බනින්න කියලා හිතාගෙන.

ඒත් දොර ගාව හිටපු අය දැකලා මගේ අතේ තිබ්බ චොප්ස්ටික් ටික මන් දන්නේ වත් නැතුව අත ඇරුනා බයටම

.
.
.
.
.
.
.

ජන්ග්කුක්. නම්ජූන්. ජිමින්. ටෑයුන්ග්. යුන්ගි හෝසොක්. මගේ දෙයියනේ එතන හැමෝම හිටියා.

මගේ කබොනරා .

මට මන් ගැනම දුක හිතුනා. දවස් ගානක් ඔලුවේ තිබ්බ ප්‍රශ්න වලින් නිදහස් වෙලා ඉදල ඉදලා සතුටින් කන්න හිටියේ. ඒ විතරක් නෙවේ මන් ගොඩක් බඩගින්නෙත් හිටියේ. දැන් කොහොමද මන් කන්නේ?

මට ඒක ගැන වැඩිපුර හිතන්න ඕනේ උනේ නෑ. මන් දොර ඇරගෙන ඉන්නකොට එයාලා ඇතුලට ගියා. මන් හිතලා පිටිපස්ස බලනකොට එයාලා එක කාලා ඉවරයි.

මූරින් මගේ මූන දිහාත් මන් මූරින්ගේ මූන දිහාත් බලන් හිටියා ගොඩක් වෙලා.

මට පුලුවන් මූරින්ගේ ඇස් කියවන්න.

මට කොහෙද ගන් එකක් තියෙන්නේ කියන්න?. නැත්ත පිස්ටල් එකක්. මේ 6 දෙනාට එකින් එක වෙඩි තියලා මරලා දාන්න. මරලා බැල්කනි එකෙන් පැනලා මාත් මැරෙන්න..

ජීවිතේට කබොනාරා කාලා නෑ වගේ. මල පෙරේතයෝ. මහ ලොකුවට කියන්නේ නම් කොරියාවම ගන්න සල්ලි තියනවා කියලා. ඒත් කබොනාරා ඩිශ් එකක් දැක්කම ...... පෙරේතකම යවන්න බෑනේ. ඇත්තමයි මට සල්ලි තිබ්බා නම් කබොනාර ෆැක්ට්‍රි එකක් දාලා දෙනවා..

අර පොඩි එකා... ඒකා ඔක්කොටම අන්තයි. මගේ බෝතල් ටික බීලා බීලා මෙතන ඇවිල්ලා මගේ කෑම එකත් කාලා දැම්මා..

තමුන්ලා ඩිස්බෑන්ඩ් වෙන දවසක්
එයිනේ. එදාට මන් බලාගන්නම් එක එක්කෙනා ගැන.

මූරින්ගේ ඇස් වලින් කියවුනේ ඒ ටික. මගේ ඇස් වල ස්පෙක්ස් තියෙන්නේ හොද වෙලාවට. නැත්තන් මූරින්ගේ ඇස් වලින් පිටවෙන රේස් වලට මාව අන්ද වෙන්නත් තිබ්බා. ඒ තරමට එයාගේ කේන්තිය........

TEARS  |  Jin Centric  |  Completed Where stories live. Discover now