සින්දුව ඉවර වෙලා හැමෝම ක්ලැප් කරද්දි මන් දැක්කා දැකලා පුරුදු ශූස් 2ක්. ශූස් දෙකේ ඉදන් හිමින් උඩට බලන් යද්දි හිටියේ මන් දකී කියලා හිතුවේ නැති කෙනෙක්. මන් ගිටාර් එක සාහාගේ ඔඩොක්කුවෙන් තියලා ඉක්මනට නැගිටලා ආවා.
මන් ඉකමනට එතනින් එලියට ගියා ආව කෙනාත් එක්ක.
"ඔයාට මොලයක් නැද්ද? කොහොමද මේ වගේ දෙයක් කරන්නේ?"
"ඔයා අනිත් අය වගේ නෙවේ..එහෙම වෙලත් කොහොමද ඔයා මෙහෙම කරන්නේ."
නම්ජූන් මට පාර දිගට බැන බැන එක්කන් ගියා.අන්තිමට හොටෙල් රූම් එකටම ආවම මන් එයත් එක්ක කතා කරා.
"ඔයා මුල ඉදලම හිටියද?"
:ඔව් මන් දැක්කා ඔයා රූම් එකෙන් යනවා . මන් පස්සෙන් ආවා.කවුද ඒ?"
"මන් දන්නේ නෑ."
"ඔයා දන්නේ නෑ ? බොරු කියන්න එපා ජින් හ්යුන්ග්."
"මන් ඇත්තටම දන්නේ නෑ."
"ඇත්තටම?"
"ඔව්."
"එතකොට එයාලා ඔයාව අදුන ගත්තේ නැද්ද?"
"නෑ..ඒ දෙන්නා මාව දන්නේ නෑ"
"ඒ කොරියන් දෙන්නෙක් නේද?"
"ඔව්.."
"හරි එහෙනම් මට කියන්න කවුද එයලා?"
"මන් දන්නේ නෑ. මන් කිව්වානේ මන් දන්නේ නෑ."
මන් කොච්චර කිව්වත් නම්ජූන් ට තේරුනේ නෑ මන් කියන්නේ ඇත්ත කියලා..
"හරි කමක් නෑ..ආයේ එලියට යන්න එපා..එච්චරයි."
"හ්ම්.."
"දැන් නිදාගන්න. ඔයාට පැය 5යි නිදාගන්න තියෙන්නේ. හෙට 8ට ෆිල්මින්ග්."
"හ්ම්. ගුඩ් නයිට්."
මට ගුඩ් නයිට් වත් කියන්නේ නැතුව නම්ජූන් ගියා..මම් එහෙමම ඉස්සරහා බලන් ඉන්නකොට දැක්කේ මගේ බෙල්ල වටේ එතිලා තිබ්බ සාහාගේ ස්කාර්ෆ් එක
ඊලග දවස් ටික ගත උනේ ෆිල්මින් වලට. ප්‍රොෆෙසර් ශාමා මට මැසේජ් එකක් දාලා තිබ්බා එයාලා යනවා කියලා.. මන් ඒකට රිප්ලයි එකක් දැම්මා. ඒක පලවෙනි වගේම අන්තිම මැසේජ් එක කියලා මන් හිතුවේ නෑ කවදාවත්.
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...