CHAPTER 32

591 196 7
                                    

නිදා ගන්න ඕනේ හන්දා මන් පිල්ස් දෙකක් අරන් ඇදට ගිහින් ඇස් වහගත්තා

සොන්හා ... ඔය මොනවද මට මේ කරේ...

මන් නිදාගෙන නැගිටිද්දි හවස් වෙලා. නැගිටපු ගමන් මොකුත් මතක නැති උනාට ටික වෙලාවක් යද්දි මට හැම්දේම මතක් වෙන්න පටන් ගත්තා .

කන්න වත් යන්නෙ නැතුව මන් ආයෙමත් නිදා ගත්තේ මට මගේ මතකයෙන් බේරෙන්න බැරි නිසා.

පහු වෙනිද උදේම සේජින් අන්කල් නැගිට්ටෙව්වා මාව.

"පරක්කුයි ජින්. ලෑස්ති වෙන්න. මෙච්චර වෙලා නිදාගන්නවද?"

"ජන්ග්කුක්..නැගිටිනවා. කොච්චර කිව්වත් වැඩක් නෑ. එක්කෙනෙක් එලාර්ම් එකක් තියාගෙන නෑනේ."

සේජින් අන්කල් උදේ පානදරම එයාගේ එලාර්ම් එක ප්ලේ කරා. කාලා බීලා ලෑස්ති වෙලා අපි ස්ටූඩියෝ එකට ආවා. ස්ටූඩියෝ එකේ ඉන්නකොට මට කිසි දෙයක් වැඩිය මතක් උනේ නෑ

වෙන පාරවල් වල අපි මේ වගේ ප්‍රශ්නයක් උනාම මාසයක් දෙකක් යනකන් එලියට යන්නේ නැතුව කිසි දෙයක් කරන්නෙ නැතුව ඉන්නවා ඒත් මට එහෙම ඉන්න බැරි උනා මොකද මට මතක මතක් නොකර ඉන්න එක ගොඩක් අමාරු උන නිසා. අපි පුරුදු විදිහට ප්‍රැක්ටිස් කරා.

ඒ ඉන්නකොට සේජින් අන්කල් දොර ඇරන් ඇවිත් මට කතා කරලා ගියා..

"ජින් එන්න."

මන් දොරෙන් එලියට යනකොට එතන හිටියා පොලිස්මන්ස් ලා. මට ටිකක් බය හිතුනත් මන් කිසි ප්‍රශ්නයක් නෑ වගේ හිටියා.

"අන්කල්?"

"ඉන්ක්වයරි එකක් කරන්න ඕනෙලු ජින්."

මට පොලීසිය ගැන කිසි අදහසක් තිබ්බේ නෑ. මගේ ඔලුවේ තිබ්බේ ෆැන්ස්ලා කොහොම රියැක්ට් කරයිද කියන දේ විතරයි.ඒත් පොලීසිය අන්තිමට මේ ප්‍රශ්නයට ආවා

"මිස්ටර් ජින් ට අපිත් එක්ක එන්න වෙනවා. "

මන් සේජින් අන්කල් දිහා බැලුවේ මාව බේරගන්න කියන්න.ඒත් අන්ක්ල්ගේ ඇස් දෙක තිබ්බේ පොලිස්මන් දිහාට.

"චීෆ් , හැන්ඩ්කෆ්ස් ඕනේ නෑනේ ?තාම ජින් වැරද්දක් කරා කියලා ඔප්පු උනේ නෑනේ. ?"

TEARS  |  Jin Centric  |  Completed Wo Geschichten leben. Entdecke jetzt