මන් ඔරලෝසුව බැලුවේ අදත් රෝසෙ ගාර්ඩ්න් යන්න වෙලාව තියනවද බලන්න.
ඒත් වෙලාව පාන්දර 1යි.
මට වෙලාව මදි හන්දා මන් නිදා ගත්තා. හැබැයි හිතා ගත්තා හෙට නම් කොහොම හරි රොස් ගාර්ඩ්න් එකට යනවා කියලා.
මන් නිදාගන්න හදනකොටත් ජන්ග්කුක් ඇවිල්ලා හිටියේ නෑ.එයා ගියා හන් සූව ගිහින් දාන්න.
.............................................................
මන් උදේම නැගිට්ටා. නෑ නැගිට්ටුවා.
"ලමායි මීටින්. "
" ජන්ග්කුක් නැගිටින්න. "
"තව විනාඩියයි."
"ටෑයුන්ග් නිදිද ආයේ. "
සේජින් අන්කල්ගේ උදේ එලාර්ම් එක මාව නැගිට්ටෙව්වා.
අපේ කලින් වර්ල්ඩ් ටුවර් එකට තිබ්බ ඩිමාන්ඩ් එක වැඩි හන්දා කම්පනි එක තීරනය කරා මිනි වර්ල්ඩ් ටුවර් එකක් කරන්න. මාසයකදි ශෝස් 20ක් කරන්න තිබ්බේ.
ටිකක් මහන්සි උනත් අපි කැමති උනා ඒක කරන්න. ඒත් ඒක කරන්න කැමති උනේ සොන්හාගේ ප්‍රශ්නේ වෙන්න කලින්...
ගිය පාර ශෝස් වලදි තිබ්බා නෙගටිව් රියැක්ක්ට් එකත් එක්ක මන් බය උනා ආයේ ස්ටේජ් එකට යන්න.
සෝශල් මීඩියා නොගියට සමහර වෙලාවට අපේ ස්ටාෆ් එක කතා වෙන දේවල් වලින්, අපේ ගෲප් එක කතා වෙන දේවල් වලින් මන් දැනගත්තා තාමත් මිනිස්සු මට වයිර කරනවා කියලා.
හිනා වෙලා හිටියට අමතක කරන්න ඕනේ කියලා හිටියට ඒ හැම වෙලාවකම මන් බයේ හිටියා මාස 3කින් ආයේ ස්ටේජ් එකට නගිනකොට ෆෑන්ස්ලා නෑ ඇන්ටි ෆෑන්ස්ලා කොහොම හැසිරෙයිද කියලා.
"මේක කල් දාන්න විදිහක් නෑ නම්ජූන්. අපි හැම රටකම ඔක්කොම සෙට් කරලා ඉවරයි. එකක් කියලා නෙවෙනේ. 20ක්. "
සේජින් අන්කල් නම්ජූම් එක්ක කතා කරනකොට මන් මොකුත් නොකියා හිටියා
"හෙට ඉදන් උදේ 4 හවස 6 ප්‍රැක්ටිස් තියෙන්නේ?"
"මොකක් උදේ 4?"
ජන්ග්කුක් බය වෙලා කෑ ගැහුවා.
"ඔව්. ඇයි? "
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...