Jin's POV
ෆිෆ්ත් ෆ්ලෝ යන්න ලිෆ්ට් එක ගාවට ගියත් එතන සෙනග නිසා අනිත් අයට යන්න කියලා මන් පඩිපෙලේම දුව ගිය 5 වෙනි තට්ටුව හොයාගෙන.මම යද්දි සේජින් අන්කල් ලිෆ්ට් එක ගාව ඉන්නවා."අන්කල්....."
"කුකීට මොකෝ."
"ඔයා පොඩ්ඩක් වාඩි වෙලා හුස්ම අරන් ඉන්න.."
"කෝ කුකී.."
"ජින්....වාඩි වෙලා ඉන්න."
ඒත් එක්කම ලිෆ්ට් එකේ දොර ඇරුනා.. ඉතුරු 5 දෙනාම ඒකෙන් එලියට ආවා.
සේජින් අන්කල් කටත් ඇරගෙන බලන් ඉදලා කෑ ගහන්න පටන් ගත්තා."ඔක්කොම ආවද ?
පිස්සුද?
මෙහෙම එහෙ මෙහෙ යන්න පුලුවන්ද ඔයාලට?"
සේජින් අන්කල් අනිත් අයව අල්ලන් බනිනකොට මන් කාමරෙන් කාමරේට ගිහින් දොරවල් ඇරලා බැලුවා කුකී කෝ කියලා. අන්තිමට එක කාමරේක කුකී හිටියා.
"ජින්..ඕව අරින්න එපා. අනුන්ගේ රූම්ස් "
සේජින් අන්කල් කියනකොටත් මන් කුකීගේ රූම් එක හොයාගෙන ඉවරයි. ඒත් එතන හිටපු ඩොක්ටර් නර්ස් එක්ක මාව එලියට එව්වා. හැමෝම එතන තිබ්බ පුටු වලින් වාඩි උනාම සේජින් අන්කල් කතා කරන්න පටන් ගත්තේ.
"කුකීට අමාරුවක් නෑ."
"කුකීට මොකෝ."
"ඩිස්ලොකේශන් එකක්. සති 2ක් විතර ඉන්න වෙයි කියලා කිව්වා."
"හොස්පිටල් ද?"
"ඔව්."
"එත්කොට කොච්චර කල් යනවද හරියටම රිකවරි වෙන්න."
"මාසෙන් හොද වෙයි කිව්වා"
නම්ජූන් අහන ප්‍රශ්න වලට සේජින් අන්කල් උත්තර දුන්නට පස්සෙයි මගේ හිතට සැනසීමක් ආවේ..
මන් එහෙමම බිම වාඩි උනේ කොයි වෙලේ හරි ඩොක්ටර් එලියට එයිනේ කියලා ඒත් මන් බිම වාඩි උන ගමන් ඩොක්ටර් එලියට ආවා.
"ඩොක්ටර් මොකද කුකියට."
මට කලින් නම්ජූන් ඩොක්ටර්ගෙන් ඇහුවා.
"බය වෙන්න එපා. අපි මෙහෙ සති 2ක් විතර තියාගන්නම්. ඊට පස්සෙ සති 3ක් විතර ගියාම එයාට කලින් වගේ වැඩ කරන්න පුලුවන්.."
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...