Jin's pov
හන්සූ වාහනයට නගිනකොටම මන් ආයෙත් එයාව නැවත්තුවා.🙎♂️"හන්සූ..."
🙋♀️"අයියා"
🙎♂️"මන් ජන්ග්කුක්ට කියන්නද ඔයා යනවා කියලා"
හන්සූ මන් දිහා බලලා හිනා උනා. ජ්නග්කුක් ගැන කිව්වම එයා දුක් වෙයි කියලා මන් හිතුවේ. ඒත් එයා හිනා උනා.
එයාගේ හිනාව ඇතුලේ දුක තියනවද කියලා මන් හොදට බැලුවත් මට හොයාගන්න පුලුවන් උනේ එයා උපේක්ශාවෙන් හිනා වෙනවා කියලා විතරයි.
🙋♀️"මන් එයාට කිව්වා අයියා."
හන්සූ ජන්ග්කුක්ට කියලා එයා යනවා කියලා. ඒත් ...
🙋♀️"එයා එන්නේ නෑ. ඒකට කමක් නෑ අයියා."
හන්සූ හිනා වෙලා මට බායි කියන්න අතත් වනවා ඩ්‍රයිවින් සීට් එකේ වාඩි උනා..
මන් හන්සූට තරු දෙකක් දුන්නේ එයාට කවදාවත් අහසේ අලුත් තරු දෙකක් හොයා ගන්න බැරි උනා කියලා මන් දන්න හන්දා.
වාහනයත් අරගෙන මන් මූරින්ගේ හොස්පිටල් එකට ආවා. මූරින් එලියට වෙලා ඉදලා මන් එනකන්..
"යාහ් මාස්ක් එකක් දාගන්නවා. නැත්තන් මාත් ඉදී හෙට සෝශල් මීඩීයා වල."
මූරින් කිව්වට පස්සේ මට මතක් උනේ මාස්ක් එක දාගත්තේ නෑ නේද කියලා. මන් මාස්ක් එකත් දාගෙන වාහනය එලවන්න ගත්තත් මූරින් කතා කරන්නෙ නැතුව පිටිපස්සේ ශීට්ස් දිහා එහෙම බැලුවා
"ඇයි?"
"නෑ මේ නිකන්."
"ඇයි හදිස්සියෙම හම්බෙන්න ඕනේ කිව්වෙ?"
"ඔයා බෙහෙත් බොනවා නේද හරියට"
"ඔව්. "
"බෙහෙත් එක්ක ඇල්කොහොල් එහෙම ඇලර්ජි වෙන්න පුලුවන්."
"මන් දන්නවා."
"දන්නවද. ඇත්තටම ඇල්කොහොල් ගත්තම බෙහෙත් වල අපි හිතන පර්ෆෝමන්ස් එක වෙන්නේ නෑ."
"ම්ම්ම්."
"ඉතින් මන් කියන්නේ ඇල්කොහොල් එහෙම වැරදිලා වත් ගන්න එපා."
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...