Jin's pov
මන් මූරින්ගේ මූන බැලුව ගමන් මට තේරුනා මූරින්ට මගෙන් අහන්න ගොඩක් ප්‍රශ්න තිබ්බා කියලා.ඒත් මූරින් ඇහුවේ මන් හිතුවෙ වත් නැති දෙයක්
"කොෆී එකක් බොමුද?"
"මොකක්ද ඇහුවේ?"
මන් හිතුවේ මට ඇහුනේ වැරදියට කියලා. ඒත් මට කලින් ඇහුන දේ තමයි අහලා තියෙන්නේ.
"කොෆී එකක් බොමුද?"
"හා."
"එහෙනම් මෙතනට වෙලා ඉන්න"
මූරින් මාවත් තියලා ගියා කොෆී ගෙන්න. විනාඩි 5ක් යන්න කලින් මූරින් ආවා කොෆී කප් 2ක් අතට අරන්
"උදේම ඇයි?"
"මට නයිට් තිබ්බා. ඉවර වෙලා එහෙමම ආවේ."
"ජන්ග්කුක්ට මොකෝ?"
"ඩිස්ලොකෙට් වෙලා..එච්චර අවුලක් නෑ කියලා කිව්වේ."
"කොහොමද උනේ?"
"ස්ටේජ් එකෙන් වැටුනා. නැගිට්ටම තමයි අහන්න වෙන්නේ.."
"හරි. දැන් මට ඇත්ත උත්තර දෙන්න.. ඇයි ප්‍රොෆෙස ශාමා ගේ දුව එතන ඉන්නේ? මොකක්ද ඔයාට එයා එක්ක තියන සම්බන්දේ?"
මූරින්ට මට ඕනේ දෙයක් කියන්න පුලුවන් උනා මුල ඉදලම. කාට නොකිව්වත් මන් මූරින්ට හැමදේම කිව්වා. එයා විතරයි මට ඉන්න එකම සහනය ප්‍රශ්නයක් උනාම.
ලොස් ඇන්ජලීස් වලින් හම්බුන දවසෙන් පටන් අරන් මන් හැමදේම මූරින්ට කිව්වා.
හන්සූ එක්ක සින්ග් කරන්න ගිය එක ගැන
හන්සූගේ ස්කාර්ෆ් එක තියන් ඉන්න එක ගැන
තරු බලපු එක ගැන
ඒ හැම දෙයක් ගැනම මන් මූරින්ට කිව්වා.මූරින් මුල ඉදන් අගටම හොදට කතාව අහගෙන හිටියා. මන් ඉස්සර කියනවා වගේ මූරින් කියන්නේ හොද සයිකොතෙරපිස්ට් කෙනෙක්.
"එතකොට ඔයා කියන්නේ ඔයාගේ නිහඩ ආදරේ ජන්ග්කුක් වෙනුවෙන් කැප කරා."
"නෑ මූරින්. මන් කැප කරන්න දෙයක් තිබ්බේ නෑ. ජන්ග්කුක් මුල ඉදලම මට වඩා ඉස්සරහින් හිටියේ. සෝ දේ ෂුඩ් බී ටුගදර්
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...