CHAPTER 10

745 209 28
                                    


කලින් දවසේ කම්මැලි කමා ඒවා පාඩම් කරන්නෙ නැතුව නිදා ගත්ත එකේ ප්‍රතිපල මට ස්ටේජ් එකේදි හම්බුනා..

මන් ලියා ගත්ත චූටි අකුරු මටම පෙන්නේ නැතුව ගියා. එක පාරක් දෙපාරක් තුන් පාරක් අත දිහා බැලුවත් මට ඒවා කියවගන්න බැරි උනා. ඒ අතරේ ජිමින් මන් ලගට ඇවිල්ලා මට උදව් කරා..

"ජින් හ්යුන්ග් ඔයා ලෙන්සස් වත් දැම්මා නම් හරි නෙද?"

නම්ජූන් කිව්වේ මගේ ඔලුවේ තිබ්බ දෙයක්..

අපිට අපේ කිසිම වීක්නස් එකක් එලියට දාන්න බෑ. මන් මිනිස්සුන්ගෙන් හැන්ගි හැන්ගි ඉන්න හැම වෙලේමයි , කැම් එකක් නැති හැම වෙලේමයි ස්පෙක්ස් දැම්මට ස්ටේජ් එකේදි මොකක් හරි කියවන්න උනාම මන් අසරන වෙන තරම දන්නේ මන් විතරයි

ලෙන්ස් 2 ගැන මතක තියන් ඉද්දි මට සාහා කිව්ව දෙවල් මතක් උනා.

ඔසාකා තමයි ලස්සනම..හැබැයි සකුරා තියන කාලෙට...

කොන්සර්ට් එක ඉවර වෙලා ආෆ්ටර් ෆිල්මින් කරන්න කට්ටිය එක රූම් එකකට එන්න කියලා තිබ්බත් මුලින්ම ඇවිල්ලා හිටියේ මන් විතරයි..ස්ටූල් එක උඩ ලැප්ටොප් එකක් තිබිලා මන් ඒක අරන් සර්ච් කරා ප්‍රොෆෙසර් ශාමා ගැන. ගොඩක් සයිට් වලින් ඒ නම් ආවා.

ඒත් එක්කම රූම් එකට ආවේ නම්ජූන්.

"මොනවද බලන්නේ ? "

නම්ජූන් සෝෆා එක පිටිපස්සේ ඉදන් එබිලා මන් මොකද කරන්නේ කියලා බැලුවා.

"ප්‍රොෆේස ශාමා ගැනද හොයන්නේ?"

"ඔව්. "

"මන් දන්නවා. දන්නවා කියන්නේ එක පාරක් තාත්තා මට එයා ගැන කියලා තියනවා. අපේ යුනිවර්සිටි එකේ ගෙස්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා. එයා නියම මොලයක්..පිටරට යුනිවර්සිටි බර ගානකින් කතා කරත් ගිහින් නෑ.. අපේ රටටම වෙලා ඉන්නවා"

"එහෙමද?"

"ඔව්. මිලෙනියම් ප්‍රයිස් ප්‍රොබ්ලම්ස් වලින් එකකටත් ට්‍රයි කරලා."

"එච්චර ලොකු දෙයක්?"

"ඔව්.. ඒක එයා විසදයි කියලලු හැමෝම කියන්නේ. උගන්නනවා සබ්ජෙක්ට් ගොඩක්. කෙමිස්ට්‍රි තමයි ඉස්සර උගන්නලා තියෙන්නේ. පස්සෙ ඇස්ට්‍රොලොජිත් උගන්නලා කෙම්බ්‍රිජ් එකේ. ඒත් මිලෙනියම් ප්‍රොබ්ලම්ස් යන්නේ ෆිසික්ස් එක්ක මැත්ස් වලින්. හිතලා බලන්න මොලේ කොච්චර ලොකු ඇතිද කියලා."

TEARS  |  Jin Centric  |  Completed Where stories live. Discover now