CHAPTER 41

654 198 92
                                    

"නම්ජූන්. මන් ඔයාගේ නන්ගිට කැමතී. අපි දැන් අවුරුද්දක් විතර ඉදන් ආශ්‍රය කරනවා"

නම්ජූන් පුදුම වෙලා මන් දිහා බලන් හිටියා. මට බය හිතුනා කැමති නෑවත් කියයිද කියලා..ඒත් එයාගේ උත්තරේට මට මුලු ලෝකෙම කැරකෙනවා වගේ දැනුනා.

.
.
.

"ඒත් හ්යුන්ග්. මගේ නන්ගි මැරිලා දැන් අවුරුදු 6ක් වෙනවනේ..."

..................................................................

ජින් කියපු දේට ගොඩක් බය උනේ මූරින් . අනිත් අයට කිව්ව දේ නොතෙරුනාට මූරින්ට හොදට තේරුනා ජින් කිව්ව දේ.

"ජින් අපි යන් රූම් එකට. පොඩ්ඩක් කතා කරන්න ඕනේ."

"ඒත් ඇයි?.."

මූරින් ජින්ට යන් කිව්වාට ජින් ට හිතාගන්න බැරි උනා ඇයි කියලා. ඒත් කොහොම හරි මූරින් ජින් ව අරගෙන ගිහින් එයාගෙන් විස්තර දැනගත්තා.

..................................................................

"අපි මොකක්ද කරන්නේ මූරින් දැන්? "

සේජින් අහන ප්‍රශ්නෙට මූරින්ට උත්තරයක් තිබ්බේ නෑ.ඒත් මූරින් දන්නවා හොදටම කරන්න තියෙන්නේ එකම දෙයයි කියලා.

"ECT තමයි අන්කල්. වෙන කරන්න දෙයක් නෑ."

ජින් ව අමාරුවෙන් හොස්පිටල් එක්කන් ආව මූරින් සේජින් එක්ක කතා කර කර හිටියා ඊලගට කරන දේ ගැන.

"මට යන්න වෙනවා මූරින්. ලමයි ටික ශොක් වෙලා තියෙන්නෙ ඔක්කොටම වඩා. ඔයා පොඩ්ඩක් මෙහෙ වෙන දේවල් බලල ඇවිත් ලමයි එක්ක කතා කරලා යනවද?"

"හරි අන්කල්. මන් එන්නම් "

.....................................................................

"ජි හ්යුන්ග් ට කොහොමද? "

"මොකද වෙලා තියෙන්නේ එයාට?"

"ඇයි එයා එහෙම කරේ?"

මූරින් ආවාම අහන්න ප්‍රශ්න ගොඩක් තිබ්බා ගෲප් එකේ කට්ටියට . හැමෝම අහන ප්‍රශ්න වලට මූරින්ට දෙන්න උත්තර තිබ්බේ නෑ..ඒත් එයා පුටුවකට බර වෙලා කට්ටියට කතාව කියන්න පටන් ගත්තා..

"ජින් ට හැලුසිනෙශන් (මායාවන්) පෙනිලා තියෙන්නෙ. එයා මෙච්චර කල් මායාවක් එක්ක කතා කරලා තියෙන්නේ"

TEARS  |  Jin Centric  |  Completed Dove le storie prendono vita. Scoprilo ora