"ජින් අපි ECT කරමුද?"මගෙ අතේ තිබ්බ කොෆී කප් එක බිම වැටුනා.
ECT
මේ ලෝකේ කිසිම මනුස්සයෙක්ට ඒ වගේ වේදනාවඛ් හම්බෙන්න එපා..
"අපිට වෙන කරනම දෙයක නැති එකේ ඒක වත් කරලා බලමු ජින්.ගිය පාර වගේ හරියන්න පුලුවන්."
එක දිගට හොස්පිටල් හිටපු මාස ටිකේ අන්තිම කාලේ එයාලා මාස 3ක් සතියකට දෙපාර ගානේ ECT දුන්නා මට. බෙහෙත් හරියන්නේම නැති තැන එයාලා ඒක කරේ.
දීලා දවස් 2ක් යනකන් මට මතක නෑ මන් කවුද මන් මොනවද කරන්නේ කවුද මගේ වටේ ඉන්නේ කියලා.. ඒ විතරක් නෙවේ nausea.. ඒ දවස් දෙක තියන කන්ෆියුශන් එක මදිවට දවස් 2ම වොමිට් කර කර ඉන්න ඕනේ. වොමිට් කරන්න නැගිටලා යන්න පන නෑ මුලු ඇගම රිදෙනවා..මන් මාස 3ක් ඒ ට්‍රීට්මන්ට් කෝස් එක හන්දා විදපු දුක මතක් වෙනකොටත් ඇග සීතල වෙලා ගියා.
"බෑ."
මන් බෑ කියාගෙනම රූම් එකට ඇවිල්ලා දොර වහගත්තේ මූරින් මාව බලෙන් එක්කන් යයි කියලා බයට.
"ජින්.."
"දොර අරින්න."
"ජින්."
මූරින් පැයකට වඩා එතන ඉදන් කෑ ගැහුවත් මන් එලියට ගියේ නෑ.
මට බෑ ECT කරන්න..
"ජින්. දොර අරින්න.."
අන්තිමට සේජින් අන්කලුත් ඇවිල්ලා කතා කරා..
"ජින් කිව්වම අහලා දොර අරින්න.."
මන් ටික වෙලාවක් ගිහින් දොර අරිනකොට දොර ඉස්සරහ ලොක් එක කඩන්න ලෑස්ති වෙලා හිටියේ මූරින් එක්ක සේජින් අන්කල්..
"ජින්."
සේජින් අන්කල් මාවත් එක්කන් ඇවිත් ඇදෙන් වාඩි උනා.
"ඇයි එහේ ගියේ?"
"මට යන්න ඕනේ උනා."
"අවුරුදු ගානකට පස්සෙ?"
"මට අම්මා බලන්න ඕනේ උනා අන්කල්."
මන් ඇඩුම් මැදින් කියද්දි සේජින් අන්කල් තව මොකුත් නොකියා මට නිදා ගන්න කියලා එලියට ගියා
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...