CHAPTER 44

594 196 50
                                    

ටෑයුන්ග් ආයෙමත් කවදවත් යොන්ග්ටෑන් ව අපාර්ට්මන්ට් එකට ගෙනාවට මගේ කාමරේ පැත්තට යන්න දුන්නේ නෑ. එයා පාඩමක් ඉගෙන ගත්තා මන් කරපු දෙයින්.

.............................................................

"හ්යුන්ග්"

"ම්ම්"

"කවුරු හරි මගේ කාර්ඩ් එක හැක් කරලා."

ප්‍රැක්ටිස් කරන්න ස්ටූඩියෝ එකට යන අතරේ ජන්ග්කුක් එයාගේ ෆෝන් එක බලන ගමන් මට කිව්වා.

"හැක් කරලා?"

"ඔව් මේ බලන්නකො සල්ලි අඩු වෙලා තියන විදිහ."

"බැන්ක් ස්ටේට්මන්ට් එක්ක ඉල්ලගන්න. මේල් එකක් දාන්න කියන්න කෝල් කරලා"

"ඔව් නේද. මන් මෙච්චර වියදම් කරේ නෑ කවදාවත්. අනේ මන්දා බලමුකො."

අපේ ප්‍රැක්ටිස් කර කර ඉදලා හම්බුන බ්‍රේක් එකේදි ජන්ග්කුක් ෆෝන් එක අරන් බැලුවා.

"හ්යුන්ග් ....ඇවිල්ලා...."

"මේ බලන්න්කො මිලියන්ස් වලින් නෙ අඩු වෙලා තියෙන්නෙ."

මන් ජන්ග්කුක්ගේ ෆෝන් එක අරන් බෑන්ක් ස්ටේට්මන්ට් එක බැලුවා.

"මේ ඔක්කොම ඔයා ඩියුටි ෆ්‍රී එකට ගෙවපුවා."

මන් බැන්ක් ස්ටේට්මන්ට් එකේ එකින් එක පේමන්ට් එක් බලනගමන් කිව්වා.

"මන් මොකුත් ගත්තේ නෑ. මන් ගත්තේ මූරින් හ්යුන්ග් ගේ බඩු ටිකක් විතරයි."

මුරින්ගේ නම ඇහුන ගමන් මන් දැනගත්තා මොකද උනේ කියලා.ඒත්
මන් හිතන්නේ ජන්ග්කුක් දන්නේ නෑ මූරින් දෙන ලිස්ට් එකේ ගනන් කොහොමද කියලා.

"ඔයා කවදාවත් බිල් එක බැලුවේ නැද්ද?'

"නෑ හ්යුන්ග්. මට එච්චර වෙලාවක් නෑනේ. "

"මේ ඔක්කොම මූරින් ගේ ලිකර් ලිස්ට් එකට යන ඒවා. "

"මොකක්?"

"ඔව්. වෙනදට නම් මට මේ ගනන් වලින් භාගෙක විතර ලිස්ට් එකක් හම්බෙන්නේ. ඔයත් එක්ක තියන තරහටත් එක්ක වැඩි පුර දාන්න ඇති. "

ජන්ග්කුක්ට මොකුත් කියන්න වචන් ආවේ නෑ.. එයා මුරින් ව හම්බෙන්න යන්න හැදුවත් එයාට යන්න දුන්නේ නෑ සේජින් අන්කල්.

TEARS  |  Jin Centric  |  Completed Where stories live. Discover now