චරිත හඳුන්වාදීම

1.4K 114 5
                                    

නාමල් විජේසූරිය: මේ මගේ තාත්තා.කොළඹ තියන ප්‍රසිද්ධ ම Event Planning company එකේ නිර්මාතෘ. DD shareholders ආයතනයේ වැඩිම shares තියෙන්නෙ මගෙ තාත්තට.ඒත් දැනට අවුරුදු දෙකකට කලින් තාත්තා අපිව දාලා යන්නෙ හදිසි accident එකකින්. ඒ වෙද්දි තාත්තා ලොකු අයියට company එකේ හැම වගකීමක්ම දීලයි තිබුණෙ.ළඟ නැති වුණත් තාත්තා අපි දිහා බලන් ඉන්නවා කියලා මට විශ්වාසයි 🥺♥️.

නාලනී හිමල්ෂා ඒකනායක: මගේ ජීවිතේ එක කොටසක් කිව්වොත් හරි.මොකද මේ මගෙ අම්මා.හැම ප්‍රශ්නයක්ම නෑසතුටෙන් විසඳන කවමදාවත් අපිට සැරෙන් වචනයක්වත් කතා නොකරපු දේවදූතියක් කිව්වත් හරි. මොකද මගේ හැම දෙයක්ම අඩුවක් නැතුව කියන්න පුළුවන් විශ්වාස වන්තම කෙනා මගෙ අම්මා.තාත්තා නැතිවුණා ට පස්සෙ මොනම වෙලාවකවත් ඒ දුක දැනෙන්න දෙන්නැතුව අපි ළඟම හයියක් වෙලා අම්මා ඉන්නවා.🥺

සෙහස් යශ්මිත විජේසූරිය: මේ ඉන්නෙ පවුලේ ඉන්න ලොක්කයියා නොහොත් මගේ ආදරබර ලොකු අයියණ්ඩිය.මගේ දෙවෙනි පියා කිව්වත් වරදක් නෑ මොකද එයාගෙ වැඩේම අහිංසක මට උපදේශන දෙන එක(මේකනෙ මං ඉතින් සූට්ටක් දගයිලු.අයියා තමා කියන්නෙ ඉතිං 😁) වයස අවුරුදු 24 ක් වන මොහුට සුන්දර රූ සපුවක් නෑ වැරදුනා කාන්තාවන් ඇද බැද ගන්නා කඩවසම් පෙනුමක් උපතින්ම හිමියි ☺️. වෘත්තීය වශයෙන් අපේ අයියණ්ඩි කොළඹ ප්‍රසිද්ධ Event Planning company එකේ අයිතිකාරයා වෙනවා.(තාත්තගෙ කම්පනි එක දැන් අයියගෙනෙ)ගතිගුණ කියනවනං එයා කැමති ම නිදහසේ ඉන්න. ගේම් පිස්සෙක් (අවුරුදු 24ක් වුණාට ඒ වෙලාවට කම්පියුටර් එක ඇතුලට බැහැලා ඉන්නෙ.සරලව කිව්වොත් මිනිහට කෑමත් අමතකයි ගේම් ගහනකොට😂)ආ තව දෙයක් යාෂ් කියන්නෙ ලොක්කයියණ්ඩියගේ හුරතල් නාමය.ඒක උන්දැගෙ මිතුරන් අතර බොහොම ජනප්‍රියයි😁.තව දෙයක් අපේ අයියා සංගීතයට ගොඩක් ආස කෙනෙක්.ගොඩක්ම අහන්නෙ ගිරිය කඩන් කෑගහන ජාතියෙ ඔව්වා.අර රොක් ස්ටයිල් එකේ එව්වා.😖අනේ මංද මට නං ඒවා අහද්දිත් කන් දෙක ගැලවිලා වැටෙන සයිස්.(නිකමටවත් ගැලවිලා වැටුනොත් මේ වගේ රත්තරං කන් දෙකක් පංචිකාවත්තෙන් වත් හම්බෙන්නෑ😁✋)

රුක්ෂි පහන්යා විජේසූරිය: මේ ඉන්නෙ මගේ ලොකු අක්කණ්ඩිය. තාම අවුරුදු 21යි.(ඔව් අයියට වඩා බාලයි 😁) කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙ තමා ඉන්නේ.එයාගෙ එකම හීනෙ වෛද්‍යවරියක් වීමලු.(අනේ මංද මට නං ඔය කපන කොටන සීන් වැඩිය නෙවෙයි කොහෙත්ම අල්ලන්නෑ😁).අක්කයි මායි කියන්නෙ හොඳම යාළුවො(ඒකිගෙ හැමදේම මං දන්නවා මගේ් හැමදේම ඒකි දන්නවා😁සරලවම කිව්වොත් අපි අතරෙ රහස් නෑ😁). මෙයාට තරහ යනවා හරිම අඩුයි.(නිකමටවත් එහෙම වුනොත් ජපානෙ හිරෝෂිමාවට ආයෙපාරක් පරමාණු බෝම්බයක් දැම්මා වගේ තමා😁). දැං ඉතිං කැම්පස් නිසා උදේට යනවා හවසට එනවා assignments කරනවා.ආසාවටවත් කෝප්පයක් හෝදන්න වෙලාවක් නෑ.මොනාවුණත් අක්කණ්ඩිය මගේ පරම හොඳම මිතුරිය යි.😊

Destiny (completed)Where stories live. Discover now