08 දිගහැරුම

282 56 0
                                    


----------------------------------------------------------------------------------------------------

(සෙහස්): " *ඔයා* .....!😳"

----------------------------------------------------------------------------------------------------

(සෙහස්): " *සෙනෙවි අංකල්...😲 ඔයා මොකද මගෙ පස්සෙන් එන්නෙ...මොකක් හරි ප්‍රශ්නයක්ද....ඇයි මේ නිකන්  බයෙන් වගේ..."*

(සෙනෙවි): " *නෑ.. මේ... පොඩි මහත්තයා...,මට වැදගත් දෙයක් කියන්න තියෙනවා... ඒකයි...* "

(සෙහස්): " *අයියෝ... ඒකද... මේ සෙනෙවි අංකල් ඔයාට චූට්ටක් ඉවසන්න පුළුවන් නේ... මං ටාස් ගාලා වොෂ් රූම් එකට දුවලා එන්නං... ඊටපස්සේ කතා කරමු ඇතිවෙනකං ඈ..* .😁 "

(එහෙම්මම කියලා සෙහස් දිව්වෙ වොෂ් රූම් එකට... සෙනෙවි කියන්නෙ නුවර කම්පනි එකේ ඉන්න සෙහස්ට විශ්වාසයක් තියන්න පුළුවන් කෙනෙක් කිව්වොත් හරි. නාමල් නුවර බ්‍රාන්ච් එක ඕපන් කරපු දවසෙ ඉඳන් අද වෙනකම් ම ඉන්න ගාඩ් කෙනෙක් තමයි සෙනෙවි කියන්නෙ.සෙහස් පොඩි කාලේ ඉඳන්ම සෙනෙවි එක්ක ගොඩක් සමීපයි... ඒ නිසාම කොල්ලා හැමදාම සෙනෙවිට සැලකුවෙ එයාගෙම කෙනෙක් ට වගේ...සෙහස් ආව වෙලාවෙ ඉඳන්ම සෙනෙවි හැමදෙයක්ම බලාගෙනයි හිටියෙ...(ඔව් මං කිව්ව අනිත් ඇස් දෙක සෙනෙවි අංකල්ගෙ තමා😁)...සෙහස්ලා හොයන හැම ප්‍රශ්නෙකටම උත්තර සෙනෙවි ළඟ තියෙනවා වෙන්න පුළුවන්...,සෙහස් එනකන් බලාගෙන ඉන්න සෙනෙවි ට එකපාරටම පිටිපස්සෙන් කෙනෙක් ඇවිත් වචනයක්වත් ඇහෙන්නෙ නැතිවෙන්න කට රෙදි පටියකින් බැදලා කෙලින්ම තල්ලු කරගෙන ගියෙ එහාපැත්තෙ තිබුණ ගොඩනැගිල්ලෙ අයිනකට... සෙනෙවිගෙ වයසත් එක්ක ඒ මැදි වියේ ඉන්න කෙනාගෙ හයිය එක්ක හැරෙන්නවත් බෑ....,ඔය අතරේ සෙහස් වොෂ් රූම් එකෙන් එලියට ඇවිත් හොයන්නෙ සෙනෙවි ව. ඒත් එක්කම ගොඩනැගිල්ල එහාපැත්තෙන් ඇහුණ සද්දෙ එක්ක කොල්ලා ගියෙ මොකද්ද වෙන්නෙ කියලා ඔළුව දාලා බලන්න... ඒත් ඒ දැක්ක දේ එක්ක එතනම ගල් ගැහුනෙ එකපාරට අකුණක් ගැහුවා වගේ....,)

(සෙනෙවි): " *හහ් ප්‍රභාත් තමුසේ හිතන් ඉන්නේ පොඩි මහත්තයට මං තමුසලගෙ වැඩ ගැන නොකියයි කියලද..😬. එහෙනං ඔහේට වැරදිලා... හෙඳට මතක තියාගන්නවා මාව කපලා මුහුදෙ දැම්මත් මං ඔය තමුසෙලගෙ වෙස් මූණු ඔක්කොම ගලවනව...😡පොඩි මහත්තයට මං හැමදේම කියනවමයි... අහිංසක නාමල් සර්ව මරලා තමුසෙලා දැනට හිනාවෙලා ඉන්නවා හැබැයි ළගදීම අඬන්නත් ලෑස්ති වෙලාම.* .."

Destiny (completed)Where stories live. Discover now