10 දිගහැරුම

249 48 0
                                    

            

----------------------------------------------------------------------------------------------------

"... සෙහස්ලා ඉදිරිපත් කරපු හැම සාක්ෂියක් ම ප්‍රබල වුණ නිසා..."

----------------------------------------------------------------------------------------------------

_After 10 months_

(රුක්ෂි): " *අම්මා... මං ලෑස්තියි කෝ අයියයි නංගියි මල්ලියි ලෑස්ති වෙලාද* ..."

(නාලනී): " *අනේ දෝණි බලන්න චූටි ලෑස්ති වෙලාද කියලා... අයියයි මල්ලියි නං කාර් එකට නැගලත් ඉවරයි... මං මේ කෑම ටික පැක් කරන ගමන්... පොඩ්ඩක් බලන්න දෝණි* ..."

(රුක්ෂි): " *අයියෝ ... මේකි නම්... මෙලහකටත් කණ්ණාඩිය ඉස්සරහට වෙලා ඇති... හැට පැයක් යනවනේ ලෑස්ති වෙන්න* ... *චූටී..... මෙහෙ එනවකෝ එළියට... තමුසෙව මොකා බලන්නද... මට පරක්කු වෙනවා අනේ* ..."

(ඔව් අද තමයි අපේ අක්කණ්ඩියගෙ ග්‍රැජුවේෂන් එක... එයා අද දොස්තරවරියක් වෙන්නලු යන්නෙ... 🤭අනේ මන්දා මේ කෙහෙල්මල පේෂන්ට්ස්ලටත් මෙහෙම බෙරිහන් දෙයිද කියලා...,😅)

(යෙනූ):" *මොකද ඕයි මං බීරි නෑ... මෙතන මරලතෝනි දෙන්න ... යම් යම් මගෙ ශුඩු අක්කේ... මම රෙඩී* ...😁😁"

(රුක්ෂි): " *මොනවද චූටි තමුසෙට මාර වෙලාවක්නෙ යන්නෙ හලෝ... ඔහේව කවුරුත් බලන්නෙ නෑ හරිද* 😁..."

(යෙනුලි):" *අනේ කාටවත් පේන්න මං අඳින්නෙ නෑ... මං පිළිවෙලකට අඳින්නෙ මං මේ රටට වැදගත් ළමයෙක් නිසා... රට ලස්සන වෙන්නෙ මං වගේ ළමයි ඉන්නකොට* ..😏😁"

(රුක්ෂි): " *අනේ වෙන නැතුවට* ..."

(නාලනී):" *දෝණී මං කෑම පැක් කලා...යමු නේද... ඔය චූටිවත් එක්කන් එන්න..."*

(රුක්ෂි): " *හරි අම්මා* "

(කට්ටියම කැලණිය කැම්පස් එක ළඟට ඇවිත් සෙරමනි එක තියන හෝල් එකට ගියා....ඇත්තටම කිව්වොත් දැං නාමල් නැතත් මෙයාලා සතුටින් ඉන්නවා මොකද කම්පනි එකේ ප්‍රශ්නත් විසඳිලා... නුවර, කොළඹ කම්පනි දෙකම ඉහළම මට්ටමක තියෙනවා. ප්‍රභාත්ගෙ  තනතුරට ළහිරුව පත්කරලා සෙහස්ගෙ ඇසිස්ටන්ට් මැනේජර් විදියට යෙනුකව පත්කළා...ළහිරු කියන්නෙ චූටිකාලෙ ඉඳන්ම සෙහස්ගෙ ළඟම යාලුවෙක් නිසා සැකයක් නැහැ... ඒවගේම යෙනුලි, යෙනුක වගේම ලිවිනිගෙත් රිසාල්ට්ස් මීට මාස 6 කට කලින් ආවෙ. යෙනුක ට කැම්පස් යන්න මදි නිසා ප්‍රයිවට් ඩිග්‍රි එක කරන්න ලෑස්ති වෙන ගමන් කම්පනි එකටත් එකතු වුණා. ලිවිනි, යෙනුලි දෙන්නම එකම සබ්ජෙක්ට්ස් කරා වගේම දෙන්නම කොළඹ කැම්පස් සිලෙක්ට් වුණා. යෙනුලිගෙ හීනෙ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන එක... ඒවගේම ලිවිනි නං හීන දැක්කෙ වෛද්‍යවරියක් වෙන්න...මේ කාලෙදි සෙහස්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැනත් දැනගන්න පුළුවන් වුනා...එයා කැලණිය කැම්පස් එකේ ලෙක්චර කෙනෙක්.රුක්ෂි නං ඒ ගැන දැනගෙන ඉදලා තියෙන්නෙ දෙන්නා යාළු වුණ දවස්වල දිමයි.විජේසුරිය ෆැමිලි එකේ ජීවිත  වල පැතුම් ඒ විදියට ම ඉටු වේවි නේද.....?)

(යෙනුලි): " *ඒයි පොඩී මේ කැම්පස් එකනං මාරම ලස්සනයි නේද හලෝ* ..."

(යෙනුක):" *ලස්සන නැද්ද දෙයියනේ... අර බලන්නකො අර බෙන්ච් එක ඉන්න දෙන්නා* ..."

(යෙනුලි): " *පොඩී..... තමුසෙත් හැදිලා දැං... මං මේ කිව්වෙ මේ ගහ කොළ ගැන... තමුසෙ වටේ පිටේ තියන කපල්ස් අධීක්සණේ කරනවා...ඔහොම කන්න වගේ එයාලා දිහා බලන්නෙපා ඕයි ගුටිකන්න වෙන්නෙ ඔයැයිට මෙතන වෙඩින් බලන්න ගිහින්.* .."

(යෙනුක):" *ඒ අක්කෙ අර බලනවකො අර අතන .... ඒ බං මට ඒ කොල්ලව නිකං දැකලා පුරුදුයි වගේ.... මූණක් පේන්නෑ නෙ බං මෙහෙට පස්ස දාගෙන නෙ ඉන්නෙ.... ඒ ඕයි ඒකා අපේ ලොකූත් වගේ නෙ* ...."

(යෙනුලි):" *අඩේ ලොකූ වගේ නෙවෙයි බං ලොකූ තමා...😳. අර ඉන්නෙ මගෙ ලෙක්චර නෑනා...🤩..බලන්නකො දෙන්නා සිරික්කිය දාන් කතාව....😁 ඒ පොඩී යමුද අපි දෙන්නා නෑනා එක්ක කයියක් වත් දාන්න* ..."

(යෙනුක):" *අනේ අක්කෙ තමුසෙගෙ මොලේ යටිපතුලෙද තියෙන්නෙ... ගොං ගහ... කපල් එකකට බාධා කරන්න හදන්නෙ... කෝ දැං අර මට කියවපු කට* ..."

(යෙනුලි):" *හී 😁😁 හරි හරි බම් මං ඉතිං ඔයාගෙම අක්කනෙ* ..."

(යෙනුක):" *හැබැයි අක්කෙ මට නං දැං ඇත්තටම ඒක සැකයි* 😁😁..."

(යෙනුලි): " *අනේ මේ පොඩී මැරෙන්න ආසද ආ* ...😡."

(යෙනුක):" *බුලු බුලු බුලු බූ.......😋😋😋😋😛😛😛😁😁 ඔය මූණ තමා තමුසෙට නියමෙටම ගැලපෙන්නෙ... යම රජ්ජුරුවොගෙ දුව වගේ දැං* 🤣🤣"

(නිවුන් ඩබල එක්ක කැම්පස් එකේ රවුමක් දාන්න ආවෙ නාලනීව රුක්ෂි එක්ක තියලා.... සෙරමනි එක ඉවර වෙලා රුක්ෂි යාළුවොන්ට අම්මව හඳුන්වලා දෙන්න ඕන කියපු නිසාත් අර ඩබල සංචාරෙ යෙදෙන්න ආවෙ එකතැනකට වෙලා ඉන්න එක දෙන්නටම කරන්න බැරි වැඩක් නෙවේ කරන්න අමාරු වැඩක් නිසා... කොහොමහරි සෙහස් නං ඉතිං ලොකු වැඩකනේ ගෑල්ලමයා එක්ක...ආහ් එයාගෙ නම අහිංසා සමාධි... දැනට නම විතරක් ඇති රීඩර්ස්.....😁)

----------------------------------------------------------------------------------------------------

මතු සම්බන්ධයි 🌼🌼🌼🌼🌼

----------------------------------------------------------------------------------------------------

අදහස් කියාගෙන ම යන්න ..... 💖🥺💖

මං,

ශෂී ඉන්ද්‍රජිත්.

Destiny (completed)Where stories live. Discover now