24 දිගහැරුම

209 56 2
                                    

________________________________________________________________

                   

... දිව්‍යමය සුවය ලැබුණා හා සමානයි...😁😋...

________________________________________________________________

(යෙනුක):" *අක්කෙ මං ගොඩක් පරක්කු නෑ නේද* .😁.."

(අහන හැටි විතරක්. කෝල් කරලා පැයකටත් වැඩි... වසු පැටියා...)

(යෙනුලි):" *අනේ නෑ පැටියො ඔයා වෙලාවටම ආවා.කිව්වටත් වඩා කලින්...නේද ලිවියො* ..."

(ලිවී):" *ආයෙත් අහලා.උබට කියන්න යෙනුක අපි දෙන්නා ගැහි ගැහී හිටියෙ අපි පරක්කු නිසා උබට තරහා ගිහින් ඇති කියලා* ...😅"

(යෙනුක):" *අපෝ තවුසෙලා දෙන්නනම්.කටින් වෙඩි තියන්නත් පුරුදු වෙලා දැන්. මේකනේ මං ඉතිං අනිද්දට ලස්සනට ඉන්නෙපැයි.ඒනිසයි පරක්කූ වුණේ* .😁🤗"

(යෙනුලි):" *මං අන්ධයෙක් වුණානම් ඒක උඩින්ම පිළිගන්න තිබ්බා පොඩී* .😁✋"

(ලිවියයි මායි කාර් එකේ එන ටිකට මල්ලිව පණ පිටින් වැළලුවා කිව්වොත් හරි.ගෑනු ළමයි දෙන්නෙක් ගෙ ඉස්තරම් කටවල් දෙකක් ඉදිරිපිට අහිංසක පොඩී අසරණයිනෙ ඉතිං.😁✋)


         🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼


(තරුක්):" *ලිවී අපි එහෙනම් යමු නේ. මං ආන්ටිටත් කිව්වා. යෙනුලි නංගි අපි එහෙනම් හෙට හම්බෙමු* ..."

(යෙනුලි):" *හරි අයියෙ.පරිස්සමට යන්න දෙන්නම* ..."

(ලිවී):" *යෙනූ පරිස්සමට ඉදහන්* ..."

(යෙනුලි):" *හ්ම්....තෑන්ක්ස් බන් මේ දවස් දෙකේ උදව් කළාට* ..."

(වෙඩින් එකට තව දවසයි. උදේ ඉඳන් එහෙට මෙහෙට ගිහින්ම මගෙ හුස්ම හිරවෙන්න වගේ දැන්.අම්මෝ මගේ බලු පැටියා රූබි ටවත් ආය නම් වෙඩින් එපා.හන්දිපත් රුදාව හැදෙනවා එහෙට මෙහෙට දුවන්න ගිහින්. ලිවියා මං එක්ක මේ දවස් දෙකේ හිටිය නිසාම හොඳයි. කොහොමහරි එයත්  4 විතර වෙනකන්ම ඉඳලා තරුක් අයියා එක්ක ගෙදර ගියෙ බාගෙට මැරිලා වගේ.පොඩ්ඩක් රෙස්ට් කරන්න කාමරේ ට ගියාට ටික වෙලාවකින් ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා. සන්ධි සුදා ගැන සිහිකර කර කූරියා ගහපු සරුංගලේ වගේ ඇදට වෙලා පොඩ්ඩක් විවේක සුවයෙන් ඉන්නකොට ඒකටත් මැදින් පයින හෙනහුරා කවුද කියලා ජාතිය අමතන ගමන් කෝල් එක ආන්ස්වර් කලේ නමවත් නොබලා...)

" *හෙලෝ... නපුරු කුමාරි වැඩකද ඔයා* ..."

(ඒ කටහඬ ඇහුණ ගමන්ම ඇදේ ඉන්දවුණා මාව... _හැලපයා_ ...)

(විහඟ):" *ඒහ්... මොකෝ කට වැහිලා අද* ... "

(යෙනුලි):" *එ...එහෙම නෑ.ඇයි දැන් ගත්තෙ* ..."

(විහඟ):" *නෑ නිකන් ඉතිං.මොකද කරන්නෙ* ...😊"

(යෙනුලි):" *ආ මමද... මං මේ අල තම්බනවා.ඕනද* ..."

(මං මෙහෙ පිස්සු බල්ලෙක් වගේ හති දානවා එහෙට මෙහෙට ගිහිල්ලම.මේ පුස් ඌරා තව එකක් අහනවා.ඔය වෙලාවට තමා මගෙ ඇඟ ඇතුලේ ඉන්න යස්සනී එලි බහින්නෙ...,)

(විහඟ) :" *අනෙ අම්මේ ඔච්චර තරහා ගන්නෙපා. වයසට යයි පිස්සියේ. එතකොට මට කතාකරන්න වෙන්නෙ යෙනුලි ආච්චි කියලා තමා* ..."

(මේ මිනිහට මහසෝනා වත් ගහලද... වෙලාව නන් හයත් පහුවෙලා. ශුවර් එකටම ඒක තමා වෙලා තියෙන්නේ.කතා කරන විදියෙන්ම පේනවා ඒක...)

(යෙනුලි):" *මේ හලෝ ඒක මං බලාගන්නම්.ඔයා වදවෙන්නෙපා😏.* "

(විහඟ):" *විහිළුවට කිව්වෙ.😁.. ම්ම්... මහන්සි ඇති නේ අද... එහෙට මෙහෙට ගිහින්ම* ...🤗"

(යෙනුලි):" *මහන්සිද කියලත් අහනවා.මට නිකන් දාහකින් විතර ගුටි කාලා වගේ ෆීලින්ග් එකක් දැනෙන්නෙ... හම්මෝ මට කකුල් දෙකක් බද්ධ කරන්න වෙයි වගේ දැන් නම්* ..."

(විහඟ):" *මොකක්* "...😂🤣😂

  ' _අම්මෝ මගෙ පිස්සු කෙල්ල. මෙයාගෙ කට නම්_ ...'

(යෙනුලි):" *මොකද දැන් හිනාවෙන්නෙ* .😒"

(විහඟ):" *නෑ මොනාත් නෑ. මේ... මං එහෙනම් තියන්නම්.බුදු සරණයි. පරිස්සමින් ඉන්න* ..."

(ඒ ටික කියද්දිත් හිනා වෙනවා. දැන් නම් පේන විදිහට මේකාට මහසෝනායි මහසෝනගෙ අයියයි දෙන්නම වැහිලා. හිනාවෙන හැටි. පුස් ඌරා...ෆෝන් එක පැත්තකින් තියලා පහළට ගියෙ තව මොනාහරි වැඩ ඉතුරු යි ද කියලා බලන්න...අනික අද රෑට කොහොමත් මට නිදාගැනීම දිහා ඇහැක් ඇරලා බලන්න වෙන්නෙ නෑ... නිදිවර්ජිතව ඉන්න වෙන්නෙ.ගෙදර කට්ටිය එක්කත් කතාවට වැටුණාම මොන නින්දද ඉතිං...)

            

මතු සම්බන්ධයි 🌼🌼🌼🌼🌼


*Happy* :)

Destiny (completed)Where stories live. Discover now