20 දිගහැරුම

227 53 0
                                    

________________________________________________________________

ගෙදර එනකොට ගේ ඇතුලෙන් සද්ද ගොඩයි...


________________________________________________________________


(ලිවියයි මායි ගේ දොර ලඟට එද්දි හෙනම සද්දෙ.හිනා වෙනවා කතා කරනවා.ඇහුණ කටහඬ.අර හැලපයා ගෙදර ඇවිත් කියලා අඳුනගත්තෙ කටහඬින්...,)


(යෙනුලි):" *මේ බං මං මේ කියන එක හොඳට අහගනිං ආ...මං මුලින්ම දොර ඇරන් ගෙදර ඇතුල්ට යනවා.උබත් මගෙ පස්සෙන්ම එනවා.ඊටපස්සෙ ගෙදර මිනිස්සු මොනා හරි ඇහුවොත් මං කියන එකට බොලාත් ඔළුව වනලා හිනා වෙනවා.මොනවත් ඇහුවෙ නැත්නම් දෙන්නම මගෙ කාමරේට යනවා.පහළ නවතින්න නම් හිතන්නවත් එපා ඕයි හරිද* ..😊."


(ලිවී):" *මොකද එලිච්චියෙ වෙලා තියෙන්නෙ. ඇයි මොකද ගේ ඇතුලට යන්න ප්ලෑන් ගහන්නෙ. කවුද ඒ ඇවිත් ඉන්නෙ* ..😬."


(යෙනුලි):" *අනේ අහන එකක් කාමරේට ගිහින් අහපන්කො.මං කියන්නම්.දැං මං කියන විදිහට රඟ දක්වන්න. 😁✋🙏එච්චරයි.හරිනෙ. එකයි දෙකයි තුනයි* ..."


(අර මනුස්සයා අපේ ගෙදර ඉඳන් මොන වන්නමක් නටනවද කියලා හිත හිත ඉන්න අස්සෙ ලිවියා CID එකෙන් වගේ ප්‍රශ්න අහනවා.කෝමහරි ඒකිව ශේප් කරන් මං තුනට ගැනලා දොර ඇරන් ඇතුළට ආවෙ මේ මනුස්සයා එදා පොඩී ඉස්සරහ මට අවනම්බු කරපු විදියටම මෙතන කියෙව්වොත් මට පොළොව පලන් යන්න වෙනවා කියලා හිත හිතමයි.මොකද එදා පොඩීගෙ කට ශේප් කරගත්තෙ පුදුම ගේමකින්.ලිවියයි මායි ශේප් එකේ සාලෙ මැද්දෙන් මගෙ උඩ කාමරේට යන්න හැදනකොටම අර මල්ලි කොහෙවත් ඉඳන් කෑගැහුවා...)


(පොඩී):" *අම්මේ... අක්කලා ආවා.  ලිවිනි අක්කලගෙ ගෙදරට කතා කරලා කියන්න ඔයා.ආන්ටි දැන් ටිකකට කලින් ඔයාට කතා කලා නේ* ...😁✋"


(මිසයිලයක්වත් නෑනෙ අම්මපා මුට ගහන්න... ආවා දැක්කනං හිමින් කියන්න බැයිද...ඝණ්ටාර ගහන්නෙ ගේ අස්සෙ ඉඳන්... ලොකූ ත් දැක්කනෙ දැං ඉවරයි...නැට්ටෙ ඉඳන් ගොම ගාගන්න වෙන්නෙ යෙනුලි.අර වක්කඩ විහඟ මොන වෙඩිම ක් කියවයිද දන්නෑ...,)


(ලොකූ):" *චූටි මෙහෙට එනවකො ඔය දෙන්නා. මේ ඉන්නෙ මගෙ හොඳම යාළුවෙක් විහඟ* .😊🤗.."

Destiny (completed)Where stories live. Discover now