27 දිගහැරුම (Bonus)

247 49 2
                                    


________________________________________________________________

*....අනේ මගේ කෙල්ල..."*

________________________________________________________________

(අදට අයියගෙයි අක්කගෙයි වෙඩින් එක වෙලා දවස් තුනක් වෙනවා.මට නම් මේ දවස් තුන ගියා නෙවෙයි ඉගිල්ලුණා කිව්වොත් හරි.උදේට කැම්පස් යනවා හවස ගෙදර එනවා.ආය රෑට මඟහැරුණු නෝට්ස් හදනවා.ආය උදේට කෑම්පස් යනවා.හරියට නිකන් ගෙම්බාගේ ජීවන චක්‍රය වගේ😅.මේ දවස් තුනට කැරකි කැරකි මං කරේ ඔය ටික.අද යුනිවර්සිටි නිවාඩු.වෙනදා වගේ නිවාඩු දවසට ෆිල්ම් ගිලින්න ප්ලෑන් ගහනකොට අම්මා ඇවිත් කිව්වා අයියයි අහිංසා අක්කයි එනවා කියලා.සතුට වැඩි කමට මන් හිතුවෙ එතනම අවසන් ගමන් යයි කියලා.මේ දවස් ටිකේ අයියත් නැති නිසා පොඩී තමා ඔෆිස් එකේ වැඩ බලාගත්තෙ.කෝමහරි අයියයි අහිංසා අක්කයි උදේ එකොළහට විතර ආවා...)

(යෙනුලි):" *අයියේ... කෝමද ඉතිං.🤗.. අම්මෝ සුදු වෙලාද මන්දා මෙයා* ..😁."

(අයියා ගේ ඇතුලට එනවත් එක්කම මං දුවලා ගිහින් අයියගෙ කරේ එල්ලුනා.අහිංසා අක්කනං හිනා වෙනවා...)

(යාෂ්):" *හොඳින් ඉන්නවා පැංචි🤗.මං කෝමත් සුදු යි ආය වෙන්න දෙයක් නෑ.නේද අහිංසා* ..😏😁."

(අහිංසා):" *නෑ නේද චූටි.මෙයා ඉස්සර මීට වඩා කලුයි නෙ* ..😁😄."

(මටම ගැළපෙන නෑනා.ලෙක්චර කෙනෙක් නෙ ඉතිං. කට ගැනත් හිතාගන්න පුළුවන්.හොඳම වැඩේ මේ මූලග්ගිනිකාරයට සැර කෙල්ලෙක් ම හම්බෙන්නෝන..😂.)

(යාෂ්):" *හරි ෂෝක් ඩබල.දෙන්නා එක්ක එකතු වෙලා මාව සුප් හදයි තව ටිකක් හිටියොත්* .😒.."

(අයියා එහෙම කියලා කිචන් එක පැත්තට ගියෙ බඩගිනී කියාගෙන...)

(අහිංසා):" *කැම්පස් එකේ මිස් වුණ වැඩ ටික බැලන්ස් කරගත්තද නංගි... මෙනාහරි තිබුණොත් මගෙන් අහන්නකො පැංචි* .🤗.."

(යෙනුලි):" *ඔව් අක්කෙ ඒ වැඩ ටික කම්ප්ලීට් කරගත්තා. හරී මං උදව්වක් ඕන වුණොත් කියන්නම්කො.* ...😊 "

(අයියා මට ආදරේට පැංචි කියලා කතාකරන නිසා අහිංසා අක්කත් එහෙම කියනවා.එයත් හරි ආදරෙයි මටයි මල්ලිටයි...)


Destiny (completed)Onde histórias criam vida. Descubra agora