07 දිගහැරුම

338 60 1
                                    


--------------------------------------------------
"හරි හරි මේ විහිළු නෙවේ අපි ආපු වැඩේට බහිමු දැන්..."
--------------------------------------------------

(කට්ටියම රූම් එකේ ලන්ච් ටේබල් එකට ගියේ ප්ලෑන් එක හදාගන්න.සෙහස් පුළුවන් හැම වෙලාවකම නුවර කම්පනි එකට එන නිසා එයාට රූම් එකක් තිබ්බා වෙනම. ඒ රූම් එකේ අඩුවක් නැතුව හැමදේම තිබුණා. ප්‍රභාත් මැනේජර් ශීට් එකේ ඉඳගන්නෙ සෙහස් නුවර බ්‍රාන්ච් එකේ නැතිවෙලාවට. කොහොමවුණත් සෙහස්ගෙ රූම් එකට කාටවත් එන්න බැහැ එයා නැතිවෙලාවට මොකද එයා නුවරින් යනකොට රූම් එක ලොක් කරලා යතුර අරගෙනමයි යන්නෙ.ඒ නිසා ඕන රහසක් කියන්න පුළුවන් ඒකෙ ඇතුලෙ ඉඳන්...,)

(යෙනුක): " *මේ අයියෙ මං මේක අහන්නමයි හිටියෙ... තාත්තාගෙ ඇක්සිඩන්ට් එක ගැන ඔයා ගොඩක් කාලෙක ඉඳන් හෙව්වද...?"*

(සෙහස්): *හ්ම්... තාත්තා නැතිවුණ දවසට පස්සෙ දවසෙමයි මට සැකයක් ආවෙ... ඊටපහුවෙනිදා තරුක් මට කෝල් කරලා කිව්වා තාත්තාගෙ මෙඩිකල් රිපෝට්ස් ටිකේ අවුලක් තියනවා කියලා. ඊටපස්සෙ මගෙ සැකේ හරි...තාත්තා නැතිවෙලා අවුරුදු දෙකක් වුණාට මං ඒ අවුරුදු දෙක ඇතුළෙ ගොඩක් මහන්සි වුණා මේ දේවල් වල අග මුල හොයන්න...ඒත් තාමත් මට බැරි වුණා මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හොයාගන්න* ...""

(යෙනුලි):" *ඉතිං අයියෙ මෙච්චර දේවල් ඔයා හිතේ තියාගෙන හැමදේම තනියම හොයන්න ගියෙ ඇයි.මෝඩයා ඇයි ඔයා නිකමටවත් කිව්වනම් මටයි මල්ලිටයි අපි උදවු නොකර ඉන්නවද.ඇයි ඒ අපේ තාත්තා නෙවේද... අයියෙ මේක මර්ඩර් කේස් එකක් කවුරු හරි තාත්තාව ඇක්සිඩන්ට් කරවලා මැරුවෙ.ඔයා මේ හැම එකක්ම තනියම විසඳන්නෙ ඇයි. තේරෙන්නැද්ද මේක පිටිපස්සේ ඉන්න මනුස්සයා ඊළඟට තමුසෙව ටාගට් කරන්න පුළුවන්. හැමදෙයක්ම ඔයාම තනියෙන් හොයන්න ගිහින් තාත්තාව නැතිවුණා වගේ මගෙ අයියවත් මට නැතිවෙයි. වෙලාවට මායි පොඩියි හැමදේම දැනගත්තෙ. නැත්නම් අදටත් ඔයා තනියම මේවා කරනවා. අනේ මන්දා අයියෙ ඔයාට මොනවා වෙලාද කියලා..."*

(අවසාන වචන ටික කියන් යද්දි කෙල්ලගෙ ඇස්වලට කඳුළු පිරුණෙ තරහට වඩා ලොකු දුකක් ඇති වුණ නිසා.මොකද තාත්තා නැතිවුණයින් පස්සෙ කෛල්ලට හිටිය ලොකුම හයිය සෙහස්... කොච්චර කට ගහන් ගියත් කොච්චර වණ්ඩි වැඩ කරත් යෙනුලිගෙ ලොකුම දුර්වලකම තමයි පොඩි දේකදි වුණත් හරි ඉක්මනට ම හිතින් වැටෙන එක...ඉතින් අයියා විදියට සෙහස් හරි වෙන්න පුළුවන් මොකද මොන අයියද කැමති තමන්ගෙ නංගිගෙ ඇස් වල කඳුළු බලන්න...ඒ නිසා ගෙදර ඉන්න වෙලාවට සෙහස් කළේ ගේම් ගහන එක... එයා ආසම කරපු සිංදු ටික ගමටම ඇහෙන්න දාන් අහන එක... පොඩි එවුන් වගේ යෙනුලි, යෙනුක, රුක්ෂි එක්ක වලි දාගන්න එක... මොකද සෙහස්ට තියන එකම සැනසීම එච්චරයි...)

Destiny (completed)Where stories live. Discover now