18 දිගහැරුම

217 49 0
                                    

________________________________________________________________

•••දවස් ගෙවීගෙන ගියෙ හරි ඉක්මනින්.රුක්ෂි දැන් ඩොක්ටර් කෙනෙක් නෙ. එයා වැඩ කරෙත් කොළඹ හොස්පිට්ල් එකේමයි. ඒවගේම තමා රුක්ෂිගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එයත් ඩොක්ටර් කෙනෙක්.හැබැයි නුවර තමා එයා ඉන්නෙ.ඒ දෙන්නගෙ සම්බන්ධෙටත් දෙපාර්ශවයෙන්ම ආශිර්වාද ලැබිලා ඉවරයි.දරුවන්ගෙ නිසි වයස ආවම එයාලගෙ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න හයියක් වෙන්නෙ දෙමව්පියන්. එයාලගෙ හයිය වගේම එකිනෙකාගෙ අදහස් ගැළපීම තේරුම් ගැනීම මැද පවුල් ජීවිතේ ලස්සන වෙනවා.ඒ වගේ තමා රුක්ෂියි රවීනුත්.තැන් දෙකක ඉඳලා වෘත්තිය කරත් තේරුම් අරගෙන ඉස්සරහට ජීවිතේ ගත කරන්න පසුබිම හදාගන්නවා•••

(යෙනුක):" *අක්කේ...😁 ඒයි... මේ ඇවිත් මේ මේස දෙක එලියට තියන්න උදව් කරනවකො* ..😁."

(යෙනුලි):" *අයියෝ ඉන්නවා ඔහොම ටිකක් මං මේ ප්ලේට්ස් ටික පිහදාලා එන්නම්* ..😕🙄."

(අද උදේම මටයි පොඩීටයි පණ යනවා වැඩ කරන්න ගිහින්.අද ඉතිං අපෙ ලොක්කයියගෙ ගෑනු ළමයයි පවුලෙ අයයි අක්කණ්ඩිගෙ පිරිමි ළමයයි පවුලෙ අයයි අපේ ගෙදර එනවනෙ කපල්ස් දෙකේ වෙඩින් එක ගැන කතා කරගන්න😁.උදේ 11ට කට්ටියම අපේ ගෙදරට එනවා කියපු නිසා අද පාන්දර 5 ඉඳන් මායි පොඩියි වැඩ.හනේ කාට කියන්නද මේ සෝකේ.🥲බඳින්නෙ වෙන කවුරුත් නැහෙන්නෙ වෙන කවුරුත්.😅 දෙයියොම මේවා බලාගන්නෝන ඉතිං..😅.,)

(යෙනුලි):" *හරි නේ එලියෙ වැඩ ටික... ආය මේස ඕන වෙන්නෑ නෙ. මේ පොඩී ඊයෙ අපි දෙන්නා ගත්ත අර වෝල් ආර්ට්ස් ටික ගැහුවෙ නෑ නේද* ..."

(යෙනුක):" *ඔව්නෙ බං.තියපු දිහාවෙන් අරන් එනවකො. ඒටිකත් ඉවර කරලා ඉමු* .😁.."

(ඉක්මනට ගිහින් මගෙ රූම් ටේබල් එක උඩ තිබුණ වෝල් ආර්ට්ස් ටිකත් අරන් පොඩීට දුන්නෙ පහළ සෝෆා එකට පිටිපස්සේ බිත්තියෙ උඩින් අලවන්න.ඒ වැඩෙත් ඉවර කරලා පහළ අස් කරන වැඩ ඔක්කොම ඉවර වෙද්දි වෙලාව අටහමාරට විතර ඇති. කොහොමහරි අහිංසා අක්කාගෙ ෆැමිලි එකත් රවීන් අයියගෙ ෆැමිලි එකත් වෙලාවට අපේ ගෙදරට ආවා...,)

(නාලනී):" *කට්ටියම ඒනං කතාකරන්නකො. මං බොන්න මොනාහරි අරගෙන එන්නම්* ..🤗."

Destiny (completed)Tahanan ng mga kuwento. Tumuklas ngayon