23 දිගහැරුම

231 53 2
                                    

________________________________________________________________

.... පුරුදු සුවඳක්...

________________________________________________________________

           🌼🌼🌼🌼🌼🌼🌼🌼

(අද අලුතෙන් ආව ජ්වෙලරීස් ස්ටොක් එක රී චෙක් කරලා ඉවර වෙද්දි හයටත් ළඟයි.වෙලාව කීය වුණත් වැඩේ අතරමග නවත්තන්න බැරි නිසාම මං කීය වුණත් ඒක ඉවර කළේ නැත්නම් හෙටත් වැඩ ඉතුරු වෙන නිසා...)

(විහඟ):" *යෙනුලි දැන් ගිහිල්ලත් ඇති. යාෂ් මට එදා කිව්වනෙ මේ වීක් එකේ යෙනුලිව ගන්න යන්න බැරි වෙනවා කියලා. පව් කෙල්ල අද බස් එකේ යන්නැති.කෝකටත් කෝල් එකක් අරන් බලමුකෝ* ..."

(විහඟ කෙල්ලගෙ නම්බර් එක දාගත්තෙ ටික දවසකට කලින්.යෙනුලිගෙ නම්බර් එකට පස් හය වතාවක්ම ඩයල් කරා.ඒත් ස්විච් ඕෆ්.විහඟ බය වුනේ නෑ කිව්වොත් බොරු.මොකද ගෙදර ඉන්නවනම් අනිවාර්යෙන්ම ෆෝන් ස්විච් ඕෆ් කරන්න හේතුවක් නෑ.කොල්ලගෙ හිත කිව්වෙ ම කෙල්ලට කරදරයක් කියලා.ඒ නිසාම ඉක්මනට කැම්පස් එක ළඟට ගියෙ කැම්පස් එකයි ගෙදරයි ඇරෙන්න මේ වගේ වෙලාවක කෙල්ල කොහෙවත් යන්නෙ නෑ කියලා දන්න නිසාමයි.පිස්සෙක් පාරෙ දෙපැත්ත බල බල යනකොටයි දැක්කෙ හෝල්ට් එකේ යෙනුලිව වට කරන් ඉන්න මිනිස්සු ටික.ආව තරහට ස්ටියරින් වීල් එකටත් ගහලා කොල්ලා දිව්වෙ කෙල්ල ළඟට.එක අතකින් කෙල්ලව පපුවට තුරුළු කරගෙන පිහිය අරන් ආව මනුස්සයට ෆ්‍රන්ට් කික් දීපු එකෙන් ඒ මනුස්සයා අඩි ගාණක් පස්සට විසි වෙලා ගියා... ,)

(විහඟ):" *තමුන්ට කොහෙන් ආව හයියක් ද මිනිහො මගෙ කෙල්ලට අත තියන්න* ..."

(කේන්තියෙන් ඒක කියපු සද්දෙට අර මිනිස්සු ටික බය වුණා විතරක් නෙවෙයි යෙනුලි ගැස්සුණේ එයාට ඇහුණ ඒ වචනෙ නිසා...,)

(යෙනුලි):" _මගෙ කෙල්ල_ "

(විහඟ):" *හරි තමුසෙලට මොනවද ඕන දැන්...සල්ලිද... ඒකනෙ මෙයාට කරදර කලේ... කියනවලා ඉතිං* ..."

(එහෙම කියද්දි අර මිනිස්සු ටික බයෙන් බිම බලා ගත්තෙ විහඟ කියපු දේට අවනත වෙලා වගෙ. නකල් එක අතේ දාගෙන හිටිය මනුස්සයගෙ මූණටම විහඟ එයාගෙ පර්ස් එක දමලා ගහලා යෙනුලිවත් එක්කගෙන කාර් එක ළඟට එක්කගෙන ආවා. යෙනුලි හිටියෙ ගොඩක් බය වෙලා.කොච්චර චණ්ඩි වැඩ කරත් ජීවිතේකට ආයුධ තියන මිනිස්සු එක්ක සටන් කරලා නැහැ.මෙතනදිත් එයා කෙල්ලෙක් විදියට ගොඩක් ශක්තිමත් වුණා අර මිනිස්සු ඉස්සරහ.එහෙම නොවුන නම් යෙනුලිට විහඟ එන්නත් කලින්ම කරදරයක් වෙනවා.පොඩි කොල්ලො එක්ක යෙනුලි යෙනුක අසාධාරණේ නිසා රණ්ඩු කරාට ඒ වගේ හයිය හත්තිය තියන මිනිස්සු එක්ක එහෙම රණ්ඩු කරන එක කෙල්ලෙක් විදියට කොහොම කරන්නද... බයයි තරහයි දෙකම නිසාම තාමත් කෙල්ල ඉන්නෙ ෂොක් වෙලා වගේ...)

Destiny (completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin