30 දිගහැරුම (අවසානය)

549 66 47
                                    

________________________________________________________________

_After 10 years_


(අහිංසා):" *යෙනූ... නංගි අපි යමු නේද දැන්.* .."


(යෙනුලි):" *හ්ම්... අනේ අක්කෙ මං විනාඩි දහයකින් එන්නම්.අක්කා යන්නකො* ..."


(අහිංසා):" *හ්ම් හරි... තව ටිකකින් එන්නකො ඒනම්.මං යන්නම් අරහෙට* ..."


(යෙනුලි හිටියෙ සෙමෙට්‍රි එකේ  විහඟව මිහිදන් කරපු ඇහැළ ගහේ යට එයා වෙනුවෙන්ම ලස්සනට හදලා තියෙන බ්‍රිජ් එකේ තිබුණ ෆොටෝ එක දිහා බලාගෙන.කෙල්ල හැම සතියකටම පාරක් ඇවිත් විහඟ දිහා බලන් ඉඳලා විහඟ එක්ක කතා කරනවා. කෙල්ල වෙනදට එන්නෙ තනියම. ඒත් අදට විහඟ නැතිවෙලා අවුරුදු දහයක්.ඒනිසා අද යාෂ්ලත් ආව කෙල්ල එක්කම.තනියම එන හැම දවසකම කෙල්ල වරු ගණන් මෙතනට වෙලා ඉන්නවා.සතිය පුරාවට වෙච්ච හැමදේම විහඟ එක්ක කියලා තමයි කෙල්ල යන්නෙ.ඉතින් විහඟ යෙනුලි එක්ක හිනා වෙනවා වගේ කෙල්ල කියන ගොඩක් දේවලට හීනි හුළඟක් ඇවිත් ඇගේ වදිනවා.යෙනුලි හිතන්නෙ ඒ විහඟ එයා එක්ක හිනාවෙනවා කියලා.අවුරුදු දහයක් ගිහින් කෙල්ල රූපෙන් වෙනස් වුණාට ඒ ආදරේ එදා වගේම අදටත් තියනවා කිසිම අඩුවක් නැතුවම.ඉතින් අදත් යෙනුලි අහිංසාගෙන් තනියම ඉන්න වෙලාවක් ඉල්ලුවෙ විහඟ එක්ක කතා කරන්න...)

(යෙනුලි):" *අයියෙ කොහොමද ඔයාට... දන්නවද ඔයා මගෙ ජීවිතේ ඇස් දෙකට පේන්න නොආවට අවුරුදු දහය පුරාවටම ඔයා හිටියා වගේ මට ලොකු ආරක්ෂාවක් දැනුනා. දැනුත් මං දන්නවා මං කියන හැම දේම ඔයා අහගෙන ඉන්නවා කියලා.ඔයා මට කිව්වා වගේම මං මගේ හීනෙට ආවා.මේ අවුරුදු දහය පුරාවටම ළඟින් ඉදන් දුන්න හයිය ඇත්තටම මහමෙරක්.හෙට මං මගෙම company එක පටන් ගන්නවා.දැන් අවුරුදු පහක ඉඳන් අර කණ්නාඩි මෑන් ළඟ ඉදලා මට නිකන් පිස්සු වගේ.ඒකෙ Main fashion designer මං උනාට එයාගෙ පඬි වදන් තමා මට අල්ලන්නැත්තෙ. මං ඔයාට කියලා තියනවනෙ එයා ගැන ඉතිං. මහ පිස්සු සමයමක් ඒ මනුස්සයා නම්... ආහ් හොඳම වැඩේ කියන්නෙ ඒ මනුස්සයා මට වැඳගෙන එනවා රෙසිග්නේෂන් එක දෙන්නෙපා. ඔයා මේකෙත් වැඩ කරන්න කියලා.දැන් තමා එයාට මගෙ අගේ තේරෙන්නෙ* ..."

Destiny (completed)Where stories live. Discover now