21 දිගහැරුම

220 56 2
                                    

________________________________________________________________


... කවුරු හරි දැක්කොත් හිතන්නෙ මානසික රෝහලෙන් පැනලා එන කෙනෙක් කියලා...

________________________________________________________________


📞📞📞📞

.
.
.

(යාෂ්): " *ළහිරු ඔය පැත්තෙ වැඩ ටික කොහොමද... මට ගන්නත් බැරි වුණා උබට... හැමදේම හොඳින් නේද* ..."


(ළහිරු):" *ආ ඔව් මචං අවුලක් නෑ.හැමදේම හොඳින් කෙරීගෙන යනවා* ..."


(යාෂ්):" *හ්ම් ... ලොකු සැනසීමක් බං මට උබ කැන්ඩි බ්‍රාන්ච් එක ගැන බලනවට...අර ප්‍රභාත් ල අදටත් හිටියනං කරන්නෙ ගසා කන එකනෙ* ..."



(ළහිරු):" *පිස්සුද බං මං ඉන්නකම් එහෙම වෙන්නෑ.මෙහෙ හැමදේම හොඳින්. ප්‍රභාත්ල කරපුවට අද උන් විඳවනවනෙ මචං.නාමල් අංකල් මගෙත් තාත්තා වගේ.ඉතිං මේ ගැන මං බලාගන්නවා ඇස් දෙක වගේ* ..."



(යාෂ්):" *හ්ම් මං දන්නවා බං. මට තියන සැනසීම ඒක තමා* ..."

.
.
.

(ප්‍රභාත්ලගෙ ප්‍රශ්න විසඳුනාට පස්සෙ යාෂ් කැන්ඩි බ්‍රාන්ච් එක ළහිරුට භාර කරේ ළහිරු හදවතින්ම ඒ ගැන බලනවා කියන සැනසීම නිසාමයි.පහුගිය දවස් දෙක තුනේ යාෂ් ටිකක් කාර්යයබහුල වුණ නිසාම කොල්ලට ළහිරුට කතා කරන්න අමතක වුණා.මොකද හැමදාම ළහිරුට කෝල් කරලා කැන්ඩි බ්‍රාන්ච් එක ගැන හොයලා බලන්න යාෂ් අමතක කළේ නෑ...)


(පොඩී):" *අයියා... මේ ඔයා මට දීපු වැඩේ ෆයිල් එක... අනිද්දට තියන "Welcome Legends" ඉවෙන්ට් එකේ ඔක්කොම ඕගනයිස් කරලා ඉවරයි මං.😊 පොඩ්ඩක් ඕක හරිද කියලා මට කියනවද. ඕක ඉතිං මගෙ ෆස්ට් ඉවෙන්ට් එකනෙ* 😁."

(යෙනුක ඇසිස්ටන්ට් මැනේජර් විදියට වැඩ කළාට තාම එයා බිස්නස් ගැන ඉගෙනගන්නවා. හැමදේයක්ම හරියට කරන්න නම් අපිට ඒ ගැන පෙර පුරුද්දක් ඕනමයි. ඒ නිසාමයි අනිද්දට තියන මේ ඉවෙන්ට් එක හැන්ඩ්ල් කරන වැඩේ යාෂ් යෙනුකට භාර දුන්නෙ...)


(යාෂ්):" *හරි පොඩී මං මේක චෙක් කරන්නම්කො* ..😁🤗."




               🌼🌼🌼🌼🌼🌼🌼





Destiny (completed)Where stories live. Discover now