22 දිගහැරුම

216 57 0
                                    

________________________________________________________________

...ඒක නිසාමයි විහඟ යාෂ්ට කතා කරලා MEMO Coffee Shop එකට එන්න කිව්වෙ...,)

________________________________________________________________

.
.

(යාෂ්):" *ඉතිං ඉතිං කියහන්කො දැං මට අර කියන්න තියනවා කියපු දේ* .😊.."

(විහඟ):" *හ්ම්. මේකයි බං මං උබව පොඩි කාලෙ ඉඳන් අඳුරනවා.ඒත් මං මේ කියන දේ අහලා උබ කොහොම රියැක්ට් කරයිද කියලා මං දන්නෙ නැහැ*... *හැබැයි මං අද කතා කරන්නේ හිතට එකඟවමයි* ..."

(යාෂ්):" *හරී...විහඟයා දැන් කියහන්කො.මං දන්නවා උබ වැරදි දෙයක් කියන්නවත් කරන්නවත් හදන්නෙ නෑ කියලා. මොකෝ වුණේ* ..."


(විහඟ):" *යාෂ් මං දන්නෙ නෑ මගේ හිතට කවදා මෙහෙම හැඟීමක් ආවද කියලා.මං හිතන්නෙ මං යෙනුලිට ආදරෙයි.එයාට නොදැනෙන්න මං අදටත් එයා යන එන තැන් හොයනවා.මං පරිස්සම් කරනවා.උබට තරහා යයි සමහර විට...ඒත් මං මේ කතා කරන්නෙ මගෙ හිතට එකඟව යි.මං මේ දේවල් යෙනුලිටවත් නොකියා උබට මුලින්ම කිව්වෙ උබ මගෙ හොඳම යාළුවා වගේම යෙනූලිගෙ අයියා.අනික මං දන්නවා යුනිවර්සිටි ඒජ් එක කියන්නෙ හරිම සතුටින් නිදහසේ ගෙවෙන කාලයක්.මොකද මාත් ඒ කාලෙ පහු කරා.මට යෙනුලි වෙනුවෙන් ඕන තරම් කාලයක් බලන් ඉන්න පුළුවන්.මගෙ ජීවිත කාලෙම වුණත්* ..."


(විහඟ හිතුවෙ මේ දේ යාෂ්ට මුලින්ම කියන එක තමා හරිම දේ කියලා.විහඟට බයක් නෑ.මොකද කොල්ලා කවමදාවත් වෑරැද්දක් කරපු කෙනෙක් නෙවෙයි.ඒක නිසාම කොල්ලා හිතේ තියෙන හැම දෙයක්ම යාෂ්ගෙ ඇස් දෙක දිහා බලාගෙනම කිව්වෙ...,)

(යාෂ්):" *මචං විහඟයා මං දන්නවා කවමදාවත් උබ මගෙ නංගිට වැරැද්දක් කරන්නෙ නෑ කියලා.ඒ වගේම ඇස් දෙක වගේ කෙල්ලව බලාගන්නවා කියලත්.මේ දේට මගේ කිසි විරුද්ධත්වයක් නෑ.මොකද මං උබව විශ්වාස කරනවා.අනික තාත්තා නැති වුණාට පස්සේ චූටි ට තාත්තා වුණේ මම.ඒත් මං දැන් සතුටු වෙනවා මං වගේම උබත් චූටි ව ඒ විදියටම බලාගනියි කියලා* ...🥺"

(යාෂ් ගෙ වචන විහඟට මහමෙරක් තරම්... ' _යෙනුලි වෙනුවෙන් ඕනම දෙයක්_ ' හැමවෙලේම කොල්ලා හිතුවෙ එහෙම...)

Destiny (completed)Where stories live. Discover now