25 දිගහැරුම

206 52 0
                                    

________________________________________________________________

... කතාවට වැටුණාම මොන නින්දද ඉතිං...)

________________________________________________________________



             🌼🌼🌼🌼🌼🌼🌼🌼




(යාෂ් මට හොටෙල් එකේ වැඩ ටික උදේ ඇවිත් බලන්න කිව්ව නිසාම මං 7 වෙද්දි ආවා.
යෙනුකත් නැති නිසා යාෂ් ඒ ටික ගැන බලන්න කිව්වෙ කිසිම අඩුවක් තියෙන්න බැරි නිසයි.මං යනකොට තරුක් ඇවිල්ලා හිටිය නිසා දෙන්නා එක්කම හැම දෙයක්ම හොයලා බැලුවා...)




(තරුක්):" *ඒහ් විහඟයා මේ උබ අර DJ සෙට් එකේ වැඩේ බැලුවා නේ* ...😊"

(විහඟ):" *ආ ඔව්. ඒ වැඩේ හරි මචං. එයාලා තව විනාඩි පහකින් එනවා කිව්වා මෙතනට* ..✋😊."

(තරුක්):" *ආහ් එහෙනම් හරි. මේ එතෝට අර වෙස් කණ්ඩායම. එයාලා රෙඩී නේද...අටහමාර වෙද්දි යාෂ්ලා එනවා* 😁..."


(විහඟ):" *ආහ් ඔව්.එයාලා කට්ටිය ඇවිත් ඉන්නෙ.එහාපැත්තෙ හෝල් එකේ රූම් එකක ඉන්නෙ..... ඒ... මේ වෙලාව හතහමාරයි නේ.කෝකටත් මං බලලා එන්නද* ..😊."


(තරුක්):" *ඔව්... මේ වෙද්දි එයාලා එළියෙ ඉන්නෝනනෙ බං. පොඩ්ඩක් බලහන්කො ඒ ගැන* ..☺️."


(විහඟ):" *ආහ් හරි...මං බලලා එන්නම්... පොඩ්ඩක් කැරකිලා බලහන් තව මොනවත් අඩුපාඩු තියනවද කියලා* ..."


(මං තරුක්ට තව ටිකක් බලන්න කියලා එළියට ආවෙ වෙස් කණ්ඩායම ඉන්න රූම් එක පැත්තට යන්න... ඉස්සරහින් එන මගෙ ප්‍රින්සස් දැක්කම මගෙ ඇස් ඉබේටම නතර වුණේ එයා ළඟ...)


                  🌼🌼🌼🌼🌼🌼🌼



(අපෙ අම්මයි ලිවීගෙ අම්මයි එකට එනවා කියපු නිසා මටයි ලිවිටයි කලින් හොටෙල් එකට යන්න කිව්වෙ අක්කගෙ ගොයින් අවේ ඩ්‍රෙස් එක අරන් යන්නෝන නිසා. ඒකත් අරන් ආපු ගමන්ම අපි දෙන්නා හෝල් එකට යන්න කලින් රූම් එකෙන් ඒක තියලා ආවෙ වැඩි හොඳට...ඇත්තටම ඒ හොටෙල් එකේ ලොකේෂන් එක මාරම ලස්සනයි.අපි දෙන්නා ඉතිං කියව කියව පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් හෝල් එකට එනකොටයි දැක්කෙ ගල් ගිලලා වගේ අපි දිහා බලන් හිටිය හැලපයව...එයාව දැක්කගමන් මං නං ටිකක් ගැස්සුණා.අද නං ඇත්තටම ඉන්දියන් ඇක්ටර් කෙනෙක් වගේ.ඉන්දියන් විදියටමයි ඇඳලා හිටියේ.ඔක්කොම නිල් පාට. ( _ඒත් අමතක කරන්නෙපා යෙනුලි ඕකා ගිය ආත්මෙක වක්කඩයක්_ )මොලේ ඒ අස්සෙන් තව එකක් කියෝනවා..😅.වෙනසක් පේන්නෙ නැතිවෙන්න මං ඇස් අහකට අරන් කතාව දාගෙනම ලිවියා එක්ක ආවා...😁)


Destiny (completed)Tahanan ng mga kuwento. Tumuklas ngayon