26 දිගහැරුම

214 48 0
                                    

________________________________________________________________

... මුලින්ම නැකත් පිළිවෙලින් යාෂ් ගෙයි අහිංසා ගෙයි පෝරුවේ චාරිත්‍ර සිද්ධ කළා...

________________________________________________________________

(අක්කගෙයි අයියගෙයි වෙඩින් එකේ වැඩ ඔක්කොම හවස 4 වෙද්දි ඉවර ඉවර වුණා.මට නං දැං බාගෙට මැරිලා ඉතුරු පණ ටික යනකං ICU බෙඩ් එකේ ඉන්නවා වගේ ෆීලින්ග් එකක් දැනෙන්නෙ.හොටෙල් එකේ වැඩ ටික සෙට්ල් කරලා කට්ටියත් එක්ක ගෙදර ආවෙ මග යන්න පණ නැතුව...)

(යෙනුක):" *ඒ බං අක්කෙ මට නං පාළුයි වගේ ලොකූ යි රුක්ෂි අක්කයි නැතුව* ..😞😥."

(යෙනුලි):" *මටත් එහෙම තමා ඒයි...😢අක්කටත් වඩා අයියා නැතුව මට පාළු* ..😓."

(ඒක කියනකොටත් මට නිකං ඇඩෙන්න වගේ... පොඩීටයි මටයි මහ තනියක් දැනෙනවා. වෙනදට අපි දෙන්නා ගොං වැඩ කරලා අක්කවයි අයියවයි අවුස්සනවා.දැන් ඒවත් නෑ.අක්කනං ටික දවසකට මෙහෙ ඉඳලා ට්‍රාන්සර් එකත් හදාගෙන කැන්ඩි යනවා.මොකද රවීන් අයියා එහෙනෙ.අයියයි අක්කයිත් වෙනම ගෙදරකට යනවා.පොඩි කාලෙ වගේ සෙල්ලම් ගෙවල් හදන්න,ගහමරා ගන්න දැන් බෑනෙ.ජීවිතේ හැටි එහෙමනෙ. ඇදට වෙලා කල්පනා කර කර දුක නැති වෙන්න අඬලා මගේ ඒකපාර්ශවික ආදරේ වුණ මගෙ විරූ ඉන්න ෆිල්ම් එකක් බලන්න ගත්තෙ හිත හදාගෙන.ලිවී නම් හෙට කැම්පස් යනවා කිව්වා.මං නං හෙට නිවාඩුවක් දානවා.අම්මත් එක්ක ටිකක් ඉන්න.පොඩීත් ඉන්න නිසාම අම්මට පාළු නැතිවෙයි...)


                  🌼🌼🌼🌼🌼🌼🌼


" *පුතා ඔයා ලෑස්ති වෙලා ඉවර නම් එන්න පහළට කෑම කන්න* ..."

(විහඟ):" *ආහ් හරි අම්මා* ...ඒ අස්සෙන් මේ ඔළුවෙ කැක්කුම... "

(විහඟ ඊයෙ රෑ ඉදන්ම ඉන්නෙ වෙන ලෝකෙක. එච්චර ළං වෙලා යෙනුලි එක්ක කතා කරපු කොල්ලො දෙන්නා කවුද කියලා දස අතේ කල්පනා කරන ගමන්.උදේට ගෙදරින් කෑවෙත් ඕනවට එපාවට.ෂොප් එකට ගිහිල්ලත් කැබි එකට වෙලා කොලේක කුරුටු ගගා එක එක විකාර හිතනවා.මෙහෙම ගියොත්නම් මානසික රෝහලේ නතරවෙන සයිස් එකක් තියෙන්නෙ..😅😂.)

Destiny (completed)Where stories live. Discover now