29 දිගහැරුම

258 52 13
                                    

________________________________________________________________

(යෙනුලි): "ඇ...ඇයි අයියෙ... විහඟ.. අයියට.. මොකද වුනේ..."

(යාෂ්):"පැංචි ඉක්මනට හොස්පිට්ල් එකට එන්නං... විහ..ඟයට අමාරුයි..."

(කෙල්ලට දැණුනෙ කෙල්ලගෙ කකුල් දෙක පණ නැති වුණා වගේ...කෙල්ලට ගානක්වත් නෑ කෙල්ලගෙ ඇස් වලින් කඳුළු වැටෙනවා... යාෂ් ගෙ කෝල් එක කට් වෙනවත් එක්කමයි යෙනුන ආවෙ...)

(යෙනුක):" *අක්කෙ විහඟ අයියා* ...."

(යෙනුලි):" *ලොකූ මට කතා කලා. ඉක්මනට යන්... මට එයාව බලන්න ඕන පොඩී* ..."

(යෙනුක හරියට කියන්නත් කලින් යෙනුලි වාහනේට නඟින ගමන්ම කිව්වෙ වෙව්ලන හඬකින්.කෙල්ලගෙ ඇස් වලට නොනවත්වාම කඳුළු ආවෙ විහඟ ගෙ ඒ හිනාව, කතාව මතක් වෙලා.කෙල්ලවත් දන්නෙ නෑ කෙල්ලගෙ හිත ඒ නිවුණු කටහඬ ට ආස කරපු තරම්...)




            🌼🌼🌼🌼🌼🌼🌼🌼




(එදා යාෂ්ලගෙ ගෙදර ආවට පස්සේ කොල්ලට ගෙදරදි රෑ අමාරු වුණා.එකදිගටම කැස්ස ඇවිත් විහඟගෙ නහයෙන් ලේ එන්න ගත්තා.ඒ එක්කම දැනුණ කරකැවිල්ල ත් නිසා විහඟ අම්මට කතා කරනවා එක්කම ඇදගෙන වැටුණා.අවසානෙට කොල්ලා ඇස් අරිද්දි හිටියෙ ඇඳක් උඩ.ඒ එක්කම දැක්කෙ විහඟ ළඟින් ඇස් වල කදුළු පුරවන් හිටිය කොල්ලගෙ අම්මව...)


(විහඟ):" *අම්මා ඇයි මේ... තාත්තා ඔයත්...ඇයි මේ විදියට ඉන්නෙ* ..."

" *ඇයි පුතා ඔයා මේ දේවල් හැංගුවෙ අපෙන්. මං ඔයාගෙ අම්මා නේද... මටවත් ඇයි නොකිව්වෙ* ..."

(විහඟ ගෙ අම්මා කිව්වෙ ආයෙත් ඒ ඇස් වල කදුළු අලුත් කරන ගමන්.මොන අම්මටද පුළුවන් දරාගන්න තමන් ලේ කිරි කරලා පොවපු දරුවා ඇස් ඉස්සරහ ම මැරෙන්න හුස්ම ගන්නකොට. ඒ තරම් වේදනාවක් මේ ලෝකෙ තවත් නෑ.තාත්තා කවදාවත් ඇස් වල කදුළු පුරවන් අඬලා නැති වුණාට ගෑනු හිත් වලට වඩා සංවේදිම පිරිමි හිත්.විහඟට පැය දවසකට විතර පස්සෙයි මේ සිහිය ආවෙ.මේ වෙද්දි ඩොක්ටර් නදීක විහඟ ගෙ තත්වය විහඟ ගෙ අම්මටයි තාත්තාට යි පැහැදිලි කරලයි තිබුණේ. අවුරුදු දෙකක ඉඳන් ඇඟ පුරාම උඩු දුවපු මේ අසනීපය විහඟ දැනගත්තෙ ට්‍රීට්මන්ට්ස් කරන්න ගත්තෙ දැනට දවස් තුනහතරකට කලින්.කලින් ටික ටික ලක්ෂණ ආවට කොල්ලා ඒවට බෙහෙත්වත් ගත්තෙ නැත්තෙ ඒ ගැන වැඩිය උනන්දුවක් නොදැක්වුවෙ ස්ටඩීස් වලට මහන්සි වෙන නිසා වෙන්නැතියි හිතලා.එදා ඉදන් විහඟ ට හොස්පිට්ල් එකයි ගෙදර යි ඇරෙන්න වෙන කොහෙවත් යන්න විදියක් තිබුණෙ නෑ. ඒ දවස් ටිකේ කොල්ලට අර වගේ සිහි නැති වුණ වෙලාවල් තිබුණා.කලින් තිබුණ පිරිපුන් ඇඟ දැන් එන්න එන්නම කෙට්ටුයි.ඒත් කොල්ලා තවමත් හිනා වෙලා කතාකරනවා. යෙනුලිව දකින්න බැරි වුණාට මතක් වෙන වාරයක් ගානෙ කොල්ලා කරන්නෙ ෆෝන් එකේ ලොක්ස්ක්‍රීන් එක දිහා බලන් හිනාවෙන එක.යාෂ්ලගෙ වෙඩින් එක දවසෙ දි දෙන්නා එක්ක ගත්ත ෆොටෝ එකක් විහඟ ලොක්ස්ක්‍රීන් දාලා තියෙන්නෙ.ඔය අතරෙ යාෂ් හැමදාම විහඟව බලන්න ආවා.ඔෆිස් එක වහලා හැම දවසකම වගේ ආවා.ඒත් යාෂ් යෙනුලිව එක්ක ආවෙ නැත්තෙ විහඟ ව දැක්කට පස්සේ කෙල්ලට ගොඩක් හිතින් වැටෙනවා කියලා දන්න නිසාමයි.මොකද යෙනුලිගැන කාටත් වඩා යාෂ් දන්නවා.ඒවගේම විහඟ හැම දවසකම යාෂ් එක්ක ඉන්නකොට යෙනුලි ගැන අහනවාමයි.ඉතින් මේ දවස් ටිකේම යෙනුක එක්ක යෙනුලිව ගෙදර යැව්වෙ යාෂ් විහඟ ව බලන්න ආව නිසයි.යෙනුලිත් විහඟ ව බලන්න යන්න යාෂ්ට බල කළේ නැත්තෙ කෙල්ල දන්නවා විහඟ ඒ ඉන්න විදිය කෙල්ලට කොහොමත් දකින්න අමාරුයි කියලා.ඇස්දෙකට බලන්න නොගියට හැමදාම හිතින් මැරි මැරි යෙනුලි මේ ටිකේ ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වුනා...අදත් යාෂ් ආවෙ විහඟ ව බලන්න හොස්පිට්ල් එකට.දවස් දෙකකට කලින් විහඟ ට ගෙදරදි ආය අසනීප වුණා නිසාම කොල්ලාව හොස්පිට්ල් නතර කළේ එදා ඉදන්මයි.යාෂ් එක්ක අදත් වෙනදා වගේම විහඟ කතා කරන අතරෙ කොල්ලට කලින් වගේම කැස්ස එන්න ගත්තා ලේ එක්කම.විහඟගෙ අම්මටයි තාත්තටයි කතා කරගන්න තරම්වත් හයියක් නෑ.මොකද ඩොක්ටර් නදීක ඒ දෙන්නට කියලා තිබුණෙ මෙහෙම අවස්ථා වක් බලාපොරොත්තු වෙන්න වෙනවා කියලා. ඩොක්ටර් නදීක ඇවිත් ට්‍රීට්මන්ට්ස් කරත් දැනගෙන හිටියා විහඟ ගෙ ජිවිතේ ට තව වැඩි වෙලාවක් නෑ කියලා...)

Destiny (completed)Where stories live. Discover now