Chapter 40

630 108 11
                                    

ඩෝ බෙල් එකේ සද්දෙත් එක්ක බය වුන සුද්දි අකූව බදාගන්නේ

අකූ අනේ දොර අරින්න එපා මට බයයි 😭😭😭😭

අකූ : ශ්ශ්ශ්ශ් හරි මැණික හරි බය වෙන්න එපා. අපි ඉන්නවනේ ම්ම් කෝ අපි බලමු කවුද ආවේ කියලා.

අකූ කොච්චර වැඩ්ඩා වගේ පාරුගේ හිත හදන්න කීවත් එයා ගොඩක් බයවෙලා හිටියේ. ඒක එයාව දකින ඕන කෙනෙක්ට පේනවා.

දෝණි : එළියේ ඉන්නේ මොකා වුනත් ඒ යකා බෙල් එක කඩන්න හදනවා.

චුටි : කෙලින්ම දොර අරින්නේ නැතුව මුලින් අහමු කවුද කියලා

ජෙසී : ඔව් එහෙම අහමු

පස් දෙනාම නැට්ටවගේ දොර ගාවට ගිහින්

අකූ : කවුද

ජින් : ඇරපන්කෝ අකුවෝ මේ දොර එළියේ ඉන්න බෑ බන්. එහෙන් බඩගිනී. උබත් මේ අහිංසක මගෙන්මද ආතල් ගන්නේ නිශුවෝ

කෙල්ලෝ පස් දෙනාටම ඇහුනේ ජින්හේ නොනවතින රැප් එක ඒ හින්දම එයා අනිත් අය දිහත් බලලා දොර ඇරියේ මේ රෑ ජින් ආවේ මොකටද බලන්න. ඔන්න එතකොටයි කෙල්ලෝ පස්දෙනා දකින්නේ ජින් ඇවිත් තියෙන්නේ හතේ කල්ලියම උස්සගෙන කියලා.

කෙල්ලෝ පස් දෙනාව තල්ලු කරගෙනම ඇතුලට ගිය කොල්ලෝ හත් දෙනා සෝෆාවෙන් ඉදගන්නකොටම හෝබිගේ ඇහැ යන්නේ මෙච්චර දාඩිය වෙලේ පත්තු වෙන ගිනි උදුනට.

මොකද මේ උදුන පත්තු කරගෙන මෙච්චර දාඩිය වෙලේ ?

කෙල්ලෝ පස් දෙනාට හෝබිගේ පැන ඇහෙන්නේ නෑ. එයාලා එයාලගේ කල්පනා වල

හෝබි එක් වරම චූටිගේ මූන් ඉස්සරහට ඇගිලි දෙකක් අරන් එයින් හඩක් නිකුත් කරන්නේ චූටිව මේ ලෝකෙට ගෙන්නමින්.

චූටි : ආහ් හා ඉන්න වතුර ගේන්නම්

හෝබි  : මොන වතුරද බබා

චූටි : ඇයි දැන් වතුර ඉල්ලුවා නේද

ජිමින් : මේ ඔයාලට මොකද වුනේ කියන්නකෝ

දෝණි : ඕ ඕ ඔව් එනවා

ජිමින් : කොහෙද

දෝණි : ආහ් ඇහ් නෑ  මේ ඔෆිස්

ජූනි : මොන ඔෆිස්ද දෝණියෝ මේ වෙලේ

ජෙසී : ආහ් මේ මේ ඒක ගනන් ගන එපා අපි දැන් මෙයාට විහිළු කර කර හිටියේ ජිමින් ඔප්පා බලන්න හැමදාම නිවාඩුවක්වත් නොගෙන ඔෆිස් යනවා කියලා.

ආත්මීය සහකරුවන්Where stories live. Discover now