🌸Chapter 6...🌸

78 26 32
                                    


ඉතින් ඒ හේතුව නිසාම ස්කූල් ඇරුනහම හොබීව ෆලෝ කරන්න නාම්ජූන් හිතාගත්තා... වෙනද විදිහටම සැකයක් ඇති නොවෙන්න හොබිගෙන් සමුගත්ත නාම්ජූන් හිටියේ හොබීගේ පේන මානෙමයි... හොබිත් වට පිටාව ගැන සැලකිල්ලෙන් ගියත් එයාට ගොඩක් වෙලාවට පිටිපස්ස බලන්න අමතක වුනු එක නාම්ජූන්ට ටිකක් පහසු වුනා... එයාගේ පොඩි ගෙදරට ගිහිපු හොබී විනාඩි පහළොවකට විතර පස්සෙ ගෙයින් එලියට බැස්සේ තනි කළු ඇඳගෙන... හතරමන් හන්දියකට ආපු හොබී එතන හිටපු තව මනුස්සයෙක් එක්කම ආපහු එයාලගේ ගෙදර පැත්තට එන්න එන්න ගත්තු නිසා නාම්ජූන් ළඟ තිබුණු පොඩි කඩේකට මුවාවුනා... ඒ මනුස්සයා හොබී එක්ක සුහදශීලිව හිනාවෙවී කිතාකරනවා කියලා දැක්කේ එයාල මාස්ක් දාලා හිටියත් මාස්ක් වලට උඩින් එයාලගේ හීනි වෙන ඇස් හින්දා... හොබීත් එක්කම ගේ ඇතුලට ගිහිපු මනුස්සයා පැයක්, දෙකක් යනකල්ම ආවේ නෑ... අඳුර වැටුනෙ හරි ඉක්මනට...

"ෂිට් මේ මදුරුවො..."

නාම්ජූන්ටනම් දැන් බලන් ඉඳලම එපාවෙලා මලපැනලා හිටියේ... ඒ නිසා එයා වටේ තියෙන බිත්ති වලටත් රැව්වා... තාප්ප වලටත් රැව්වා... තාප්ප විතරක් නෙමේ එයා වටේ කැරකෙන මදුරුවොන්ටත් රැව්වා... ඒ මදිවට එක බලු පුළුටක් නෑ පාරේ... මේ පැත්තේ හිටියෙ ධනය අතින් එච්චර පෝසත් මිනිස්සු නෙමේ... ඒ නිසා අඩු තරමේ හරි හමන් ලයිට් කනුවක්වත් නෑ... නිකන් තැන තැන පාරේ වයර් ඇදලා බල්බ් දාලා තිබ්බේ... ආරක්ෂාවට කියලවත් මුළු ලේන් එකටම සීසීටීවී එකක්වත් නෑ...

"හා...හ්..."

නාම්ජූන්ට ඇනුමක් යනවත් එක්කම හොබී ගෙයින් එලියට බැස්සා... මුළු මූනම වැහෙන විදිහට මාස්ක් එකක් වගේම අයිස් කැප් එකක් දාගෙන හිටියා... එයාගේ එක අතක ඇදගෙන යන ටිකක් ලොකු බෑග් එකක් තිබ්බා...

"හො...හොබී මෙහෙන් යනවද😶?..."

නාම්ජූන් එයාටම කියාගෙන තව තවත් හොබීගෙ පස්සෙන් ගියා... ඒ විදිහට එයා කෙලින්ම ගිහින් ඒ බෑග් එක පාලම උඩින් ගඟට තල්ලු කරා... නාම්ජූන් හිටියේ හෙන කුතුහලෙන්... හොබී ආපහු ගෙදර ආවා... එයා ලයිට් එක නිව්ව විදිහෙන් නාම්ජූන්ට තේරුනේ ගොඩාක් මහන්සියෙන් ඉඳල නිදාගන්න යනවා වගේ... ඒ නිසා එයත් ඉක්මනට ගෙදර ආවේ දැනටම පරක්කු වෙලා තියෙන හින්දා...

"ඔප්පා😁..."

"මගේ දෝයෝ🤗... ඔම්මා මම ආවා..."

නාම්ජූන් දෝයෝගේ කම්මුලට කිස් එකක් දීලා ඔම්මටත් ආවා කියාගෙනම රූම් එකට ආවේ හොබී ගැන කල්පනා කර කර...

next day...

මේ කතාවේ අග මුල හොයාගන්න ඕනි නිසා නාම්ජූන් අනිත් දවසෙ ගෙදර ආවේ හොබීවත් එක්කගෙනමයි... හොබී ගැන දන්නා නිසාම නාම්ජූන්ගේ ඔම්මා හොබීට ආදරෙන් සැලකුවා... එත් නම්ජූන් විතරයි හොබීගෙ ඇත්ත තත්වේ දැනගෙන හිටියේ... ගෙදර අය හොබී ගැන කතාකරන හැම මොහොතකම නාම්ජූන් නිශ්ශබ්දව හිටියේ තමන්ගේ කටින් හොබීගෙ රහස්‍යගත ජිවිතයේ මොනවහරි දෙයක් පිටවෙයි කියන බයටමයි...

"ඔප්පා😁... ඔහ් හොබී ඔප්පත් ඇවිල්ලා😲..."

"ආ කෙල්ල😁...කෝ ඔම්මා🌝?..."

"කිචන් එකේ..."

"හායි දෝයෝ🤭... හම්මේ කෙල්ල ලස්සන වෙලා😉..."

"අනේ ඔප්පා මට ලැජජ හිතෙනවා🤭😁..."

"හහ් හහ් හහ්😂😂..."

දෝයෝ ඇඹරි ඇඹරි කියනකොට නාම්ජූන්ට හිනා... මූණත් රතුවෙලා... කොහොමත් දෝයෝ ලස්සනයි... නාම්ජූන්ටනම් ඉතින් එයාගෙන් තොර ලෝකයක් නෑ... නාම්ජූන් හොබීව එයාලගේ ගෙදර එක්කන් ආවේ හෝම් වර්ක් කරන්නත් එක්කමයි...

"හොබී..."

"මට ඇත්ත කියපන්🤨...උඹ මිනිස්සු මරල තියෙනවද😶?..."

"ම...මම,,?. නැහැ😳..."

"එතකොට එදා මාෆියා කින්ග්ව මැරුවේ කොහොමද🙂💔?..."

නාම්ජූන් අහපු ප්‍රශ්නේ නිසා හොබී බිරාන්තවෙලා ගියා...

"නා...නාම්ජූන්😳?..."

"උඹ මාව මැරුවත් මට ඇත්ත කියලා මරපන්🙂💔..."

"හ්ම්... මන් මැරුවා.🙂..."

ඔය දැන් උඹ මාවත් මරන්නද ඇත්ත කියන්නේ🙂💔?..."

"අනී... උඹ තමයි මගේ ජීවිතේ අමාරු කාල හැම එකකම ලඟින් හිටියෙ... ඉතින් මට උඹව මරන්න තරම් හිත හදාගන්න බෑ🙂,.."

"ඇයි ඒ මනුස්සයව මැරුවේ?...."

නාම්ජූන් අහනවාත් එක්කම හොබීගෙ ඇස් වල කඳුළු පිරුනා...

"ඌ හිටියෙ නැත්තන් අද මටත් ඔප්පයි ඔප්පයි ඉන්නවා නාම්ජූන්😭💔..."

"ම්වො😳?..."

"නේ නාම්ජූනා... ඌ ධනය තන්හාවට මගේ ඔම්මවයි අප්පවයි අමු අමුවේ පුච්චලා දැම්මා... ඉතින් මන් ඌ මැරුව එක වැරදිද නාම්ජූනා😭?..."

IT'S YOU | ONGOING Where stories live. Discover now