🌸Chapter 12...🌸

58 21 24
                                    

සොක්ජින් එක අහපු විදිහට මට හිනා යන්න ආවත් ඒ එක්කම මතක් උනේ ගෙදර යන්න ඕනි කියලා විතරයි...

"බෑග් එක?..."

"කුමක් ගැනද ඔබ විමසන්නේ🙄?..."

"ඔබ වෙරළේදී පරික්ෂා කල ගමන් මල්ල..."

"යුන්ගි😶?..."

සොක්ජින් එහම කියද්දී යුන්ගි එයාගේ පිටිපස්සේ තිබුණු මගෙ බෑග් එක දුන්නා... මන් ඒක ඇවිස්සුවේ පිස්සුවෙන් වගේ... මට හොයාගන්න ඕනෙ උනේ ඒක දෙයයි... ඒ ඔප්පගේ පෝන් ඒක... මන් එකේ ඇතුලේ තිබ්බ පොත්... ස්පෝර්ට් කිට් එක,.. සල්ලි... මේ හැමදේම එලියට ඇදලා දානකොට අනිත් තුන්දෙනා ඒ දිහා බලන් හිටියෙ පුදුමෙන්... මගෙ බෑග් එකේ තිබිලා තව එක එක ජාති ගොඩාක් හැලුනා... ඒ අතරේ ටොපි චොක්ලට් දාලා තිබ්බ පොඩි පාර්සල් එකක්, ඔම්මා හැමදාම ස්කූල් යන්න කලින් මට දෙන කොළ පාට මිදි දාපු බොට්ල් එක... පොඩි මාශ්මිලෝස් පැකට් එකක් වගේම දවස් දෙකක් විතර පරණ කෙහෙල් ලේල්ලකුත් තිබ්බා... මන් කොයිතරම් හෙව්වත් මට අවශ්‍ය දේ ලැබුනේ නැති නිසා මන් පිස්සෙක් වුනා...

"යා සොක්ජින්ෂි...තමුසෙ කුමාරයා නෙමේ රජතුමා වුනත් මට කිසීම ප්‍රශ්නයක් නෑ😡... හොඳ හිතින් මන් මේ කියන්නේ... කරුණාකරලා මගෙ ෆෝන් එක දෙනවා🤬..."

"හහ්?...ම්වො😳?..."

සොක්ජින්, යුන්ජි,යුන්ගි තුන්දෙනාම එකපාරටම එහෙම අහපු නිසා මට ඔලුවේ අත ගැහුනා... ඇයි යකෝ... එක්කෝ මුන්ට පිස්සු...නැත්තන් මට පිස්සු...

"ආයිශ්... මගෙ ෆෝන් එක කෝ මනුස්සයෝ😠?..."

මට නම් දැන් ඇඬෙන්න ඔන්න මෙන්න... ඔප්පාගෙ ෆෝන් එක විතරයි මට මෙතනින් ගැලවෙන්න තියෙන එකම බලාපොරොත්තුව...ෆෝන් එක තියෙනවා නම් මගෙ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙනවා කියන එක මන් දැනන් හිටියා...

"ෆෝ..ෆෝන් යනු කුමක්ද😶?..."

සොක්ජින් අහපු එකට මට එතනම පොලව පලාගෙන යන්න හිතුනා... අපොයි දෙය්යනේ මොකද්ද මේ මන් පැටලුනු උගුල?... මට තේරෙන්නේ නෑ අඬන්නද හිනාවෙන්නද කියලා...

"එක මෙන්න මේ වගේ කොටු එකක්... "

එහෙම කියලා මන් මගෙ පොතක් අරගෙන ෆෝන් එකක් මට පුළුවන් විදිහට ඇඳලා පෙන්නුවා... සොක්ජින් එහෙම දෙයක් ගැන දැනගෙන හිටියෙ නෑ...

"මා සිතන්නේ ඔබට මේ වෙලාවේ විවේකය වගේම ඖෂධ අවශ්‍යයි... ඔබ හොඳින් නෙමෙයි..."

යුන්ජි එහෙම කියන ගමන් මන් ලගින් වාඩි වෙලා මගෙ මූනට වැටිලා තිබුණු කොන්ඩෙ පස්සට කරලා රෙදි පටියකින් ගැටගැහුවා...

"ඔබ උමතුවෙන්ද?..."

යුන්ගි ඇහුවෙ සුපුරුදු බැල්මෙන් මගෙ දිහා බලන ගමන්... එයාගේ ඇසුත් අන්තිමට නතර වෙන්නේ මගෙ කකුල් වල... මට දැන් නම් ලැජ්ජයි... මොකෙක් උනත් මෙතන කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා...

"යා....යුන්ගි කට වහගන්නවා... මට තමුන් එක්ක කිසීම ගනුදෙනුවක්වත් කතාවක්වත් නෑ😠..."

මාත් ඉතින් රවාගෙනම කිව්වත් එක එයාට තේරුනේ නැති පාටයි...මන් ලොකු හුස්මක් අරගෙන ආයේ බෑග් එක අව්ස්සන්න ගත්තා... දෙපාරක් තුන්පාරක් ඇවිස්සුවත් නැති තැන මට ඉබේටම ඇඬුනා😭...

"ඇයි ඔබ හඬන්නේ?..."

යුන්ජි මගෙ ඇහුවා... සොක්ජින් මාශ්මිලෝ පැකට් එක එහෙට මෙහෙට හරවා හරවා ඔබනවා මන් දැක්ක නිසා මට අඬන ගමන්ම හිනා ගියා😭😂... මේ තුන්දෙනත් ඒ පාර හිනාවෙනවා...

"වේ?...හිනාවෙන්නේ😭🤣?..."

මන් රවාගෙන ඇහුවා...

"ඔබ හඬනවද සිනාසෙනවද?.."

සොක්ජින් මගෙන් ඇහුවෙ හොල්මන් වෙලා වගේ...

"ඔයාලට මන් කියන දේවල් තේරෙනවද 😭?..."

මන් ඇහුවෙ තුන්දෙනාගෙම මූණු දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්...

"ම්වො🙄?.."

"නුඹලාට මා පවසන දේවල් වැටහෙනවාද😶?..."

මන් ආපහු ඒ විදිහට ඇහුවහම මට උත්තරේ ලැබුනෙ යුන්ජිගෙන්...

"සමහර වචන නොතේරුණත් යම්තාක් දුරට ඔබ පවසන දේ තුල තිබෙන තේරුම වටහාගත හැකියි😊..."

ආයෙමත් මගෙ ඇස්වලින් කඳුළු කඩන් වැටුනෙ තරඟෙට වගේ😭...

"ඔබලාට මා ගැන ගැටළුවක් නැතිද?..."

"ගැටළු රාශියක් තිබෙනවා..."

අනිත් හැමෝටම කලින් යුන්ගි පැනලා කිව්වත් මන් හැමදේම අමතක කරලා එයාගෙන් ඇහුවා ඒ මොනවද කියලා...

"ඔබ කොහි සිටද පැමිණියේ?... ඒ කුමකටද සහ ඔබ කව්රුන්ද යන වග මා හට දැනගැනීමට අවශ්‍යයි..."

යුන්ගි එහෙම කිව්වම මන් යුන්ජි පැත්තට හැරුනා...








IT'S YOU | ONGOING Where stories live. Discover now