🌸Chapter 35...🌸

50 21 14
                                    


බැරිම තැන මම ගං ඉවුරට ගියා... මෙරට හැපි හැපි මොනවා හරි ටිකක් ලොකු ගෝනියක් වගේ දෙයක් තිබ්බා... මං ඒ ළඟට යද්දී එතන මුණින් අතට හිටියේ කොණ්ඩයක් හන්බොක් එකක් ඇඳගත්තු කෙනෙක්... මම හිමිහිට කිට්ටු වෙලා එයාව අනිත් පැත්ත හැරෙව්වා...

"ම්වො?... දෝ... දෝයෝන්?..."

එතන හිටියේ වෙන කවුරුත් නෙවෙයි... දෝයො... මට සතුටටම උඩ පනින්න ඕනේ උනා...

"දෝයෝ... මැනික... ඇස් අරින්නකො... චේබල්... දෝයෝ... අනේ කතාකරන්නකෝ... කරදරයක් නෑ නේද..."

මන් දෝයොගෙ කම්මුල් වලට තට්ටු කරන ගමන් කිව්වත් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති එක ගැන මගේ හිතට දැනුනේ ලොකු බයක්... ඒ නිසාම මගේ මූනෙ ඇඳුනු කෙටි හිනාව අතුරුදහන් උනේ ක්ෂණිකව... දෝයොගෙ කිසිම හැල හොල්මනක් තිබුනෙ නෑ... එයා අයිස් වගේ හීතලයි... මන් මගෙ කෝට් එක ගලවලා එයාට අන්දවලා දෝයොව මගේ කරට උස්ස ගත්තා...එයාව අරගෙන ඉක්මනට ගෙදර දුවගෙන එන අතරෙදි මම අප්පට කෝල් එකක් ගත්තා...

"අ...අප්පා... පුළුවන් තරම් ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ව ගෙන්නන්න... "

"පුතා... ඔයා හොඳින්ද..."

"චේබල් අප්පා..."

මන් ආයෙ අප්පා මුකුත් කියන්නත් කලින්ම කෝල් එක කට් කරා...

"ඉවසන්න බේබී තව ටිකයි..."

මගේ හදගැස්ම මටම දැනුනා... මීට කලින් මන් මෙච්චර කලබල වෙලා නෑ කවමදාකවත්... මගේ මුළු ඇඟම වෙව්ලනවා... මන් දෝයොව ගෙදරට එක්කන් යනකොටත් ඩොක්ටර් කෙනෙක් ඇවිත්...

"හ...හනී..."

අප්පා පුදුම වෙලා ඔම්මව එක්කන් එන්න ගියා...

"ඩොක්ටර්... චේබල්... ඩොක්ටර්... එයාව බේරලා දෙන්න..."

මම ඩොක්ටර්ගෙ කකුලක් අල්ලගෙනම බිම වාඩි වුනා... මට ඇඬුණා...

"දෝයෝ... මගෙ දෝයෝ... ඔයා ඇවිත්..."

ඔම්මා ඇවිල්ලා දෝයොගෙ කම්මුලකට අත තියලා බලලා ඔලුව අතගාන කොට ඩොක්ටර් මාව නැගිට්ටුවා...

"කලබල වෙන්න එපා මිස්ටර්... අයිල් ට්‍රයි මයි බෙස්ට්..."

"තෑන්ක්ස් ඩොක්ටර්..."

"ආයිගෝ... මෙයා හොඳටම හීතල වෙලානේ... ඉක්මනට රස්නෙට ඇඳක් ලෑස්ති කරන්න..."

ඩොක්ටර් කියපු ක්ෂණිකවම ඔම්මා දුවගෙන ගියේ අප්පා එක්කමයි... මම දෝයොගෙ ක්ලෝසෙට් එකෙන් එයාට පහසුම කියල හිතුන ඇඳුමක් ගෙනත් ඔම්මට දුන්නා...

"ඔම්මා... එයාට මේක අන්දවන්න... කෝ දෙන්න... මම ඕක කරන්නම්..."

ඔම්මා කඳුළු පිරුනු ඇස් දෙකෙන් ඇඳුමත් අරගෙන දෝයො ලඟට යනකොට අප්පා මාව බදාගත්තා...

"ඔයා ඒක කලා ජූන්..."

"අප්පා?..."

"ඔයාටත් මහන්සියි කියලා මූණෙන් පේනවා... යන්න... ගිහින් වොශ් එකක් දාගෙන ෆෙශ් වෙලා එන්න..."

"හ්ම්..."

"හොබීට කෝල් කලාද?..."

"අ...අනී... මට අමතක් උනා..."

එහෙම කියන ගමන් මම ෆෝන් එක අතට ගන්නකොට අප්පා මාව නැවැත්තුවා...

"ආයිගෝ... මේ ලමයගෙ සිහිය... මං ඒක කරන්නම්... යන්න යන්න... පල්ලි..."

අප්පා මාව කාමරේට තල්ලු කරා... මන් එහෙමම තෙමිච්ච ඇඳුම් ටික ගලවලා දාලා ශවර් එක යටට ගියා... ඒත් මං කරේ අඬපු එක... ඒ සතුටටද දුකටද කියන්න මන් දන්නෑ... ඒත් ඒ දෙකටම වඩා මගේ හිතේ තිබුනෙ ලොකු බයක්... පැය ගානක් නාලා එලියට එද්දි මගේ නහය බර වෙලා ලොකු ඔලුවෙ කැක්කුමක් හැදුනා... ඇඳුමක් දාගන්නවත් පරක්කු නොවී බාත්රොබ් එක පිටින්ම පෙයින් කිලර් එකක් බීපු මම ක්ලෝසෙට් එක ගාවට යද්දිම මගේ කාමරේ දොර හදිස්සියෙන් ඇරුනා... මෙහෙම ගොටුකොල ගෝතයෙක් වගේ මගේ කාමරේට කඩන් පාත් වෙන්නෙ එකම එකායි... දේ... මම හරි... ඒ ඌ තමා... හොබී දුවගෙන ඇවිත් මාව බදාගත්තා...

"උඹ ඒක කලා මිනිහෝ..."

මගේ මූනෙ ඇඳුනෙ ආඩම්බර හිනාවක්...

"ලීසාගෙ අප්පා මේකට හවුල් නෑ බං... ඒකිව නම් ඇරෙස්ට් කරා... ඇප දීලත් එළියට ගන්න බැරි වෙයි බොහෝ දුරට... අඩුම අවුරුදු දහයක් අදින්න වෙයි..."

"කුමාවෝ හොබියා... ඒත් මට බයයි බන්..."

"බය වෙන්නෙපා බන්... බේබිට උඹ ඔය හිතන විදිහට කරදරයක් වෙලා නැතුව ඇති..."

"හ්ම්... මාත් එහෙම හිතනවා... මොනා කරන්නත් කෙල්ල නැගිටින්න එපැයි..."

"හ්ම්... ඒකනෙ... බයවෙන්නෙපා බන්... මීට පස්සෙ හැමදේම හොඳින් සිද්ද වෙයි... අපි එහෙම ප්‍රාර්තනා කරමු..."

හොබී කිව්වෙ මගේ පිටට තට්ටුවක් දාන ගමන්...

IT'S YOU | ONGOING Unde poveștirile trăiesc. Descoperă acum