🌸Chapter 39...🌸

44 16 15
                                    


"දෝයො කියනවා එයා අවුරුදු ගානක් පස්සෙන් හිටියේ කියලා..."

"තේරුන්නෑ..."

"බේබි කියන්නෙ එයා අතීතෙට ගිහිපු කතාවක්..."

"මොහ්?..."

"දේ..."

"මට හිතෙන විදිහට කෙල්ල කම්පනෙන් ඇත්තෙ මොකක් හරි දේකට..."

"ඒක තමා මටත් හිතුනෙ..."

"එතකොට දෝයො මෙච්චර කාලයක් ඉඳලා තියෙන්නේ කොහෙද?..."

"එයා කියනවා සොක්ජින් කියලා කෙනෙක් ගැන..."

"සොක්ජින්?..."

"දේ..."

"කිම් සොක්ජින්... වෙරලෙ ඉද්දි සිහිය එනකොට දෝයො ලග බෙල්ලට කඩුව තියාගෙන හිටියෙ සොක්ජින්ගෙ ආරක්ශකයලු... "

"මොකක්?... එතකොට සොක්ජින් කියන්නෙ?..."

"දේ හොබී... මටත් තෙරෙන්නෑ... එත් දෝයො කියන විදිහට සොක්ජින්ලු රටේ වැඩුමල් කුමාරයා..."

"කුමාරයා?..."

"දේ..."

"බේබි සොක්ජින්ට ආදරේ කරලා හොබී... බේබි කියනවා කව්ද ගෑනු කෙනෙක් දෝයොට කිව්වලු ඔයා තමයි දිය දෙවඟන... ඒ නිසා තමා ඔයාව ගිලුනත් මැරුන්නැත්තෙ කියලා..."

"ඒක හරි පිස්සු කතාවක්නෙ... ඒත් මතකද නාම්ජූනා... ගිය අවුරුද්දෙද මන්දා... ඊට කලින් අවුරුද්දෙද කියලා මට හරියටම ශුවර් නෑ... මන් දෝයොට උපන්දිනේට අරන් දීපු නවල් එක... ඒකෙත් මට මතක හැටියට ඔය වගේ සීන් එකක් තියෙන්නෙ..."

"මොකක්?... උඹ පොතුත් කියවනවද?..."

"යායාආආආආ.... විහිලුවක් නෙමේ මේක..."

හොබී මටත් ගස්සලා ෆෝන් එක කට් කරේ මගේ මූනෙ හීනි හිනාවක් ඇදෙනකොට...

"ආහ් බනී... කොහොමද?..."

"ඉන්නවා හ්‍යුන්... මන් ආවෙ දෝයොට මේ සතියෙ නෝට් එක දීලා යන්න හ්‍යුන්..."

ලස්සන පැහැදිලි අත් අකුරෙන් ලියපු ටියුට් එකක් විදිහට හදලා තිබුනු නෝට් එක බනී මගේ අත උඩින් තිබ්බෙ හරි ලස්සනට හිනාවෙලා... ඒත් ඒ ඇස් ඇතුලෙ මොකක් හරි අමූතු කියාගන්න බැරි දුකක් රැදිලා තිබ්බා..."

"මොකක් හරි ප්‍රශ්නයක්ද බනී?..."

"අ...අනී හ්‍යුන්... ම... මන් එහෙනම් යන්නම්... ඔම්මා බලන් ඇති... "

"බනී... අපි ලන්ච් ගන්න යන් ඔහොමම..."

"අ...අනී හ්‍යුන්... මන් යන්නම්..."

"මන් ඔයාට කියපු දේ කරන්න බනී..."

මන් ටිකක් තදින් කියද්දි බනී එක තැනම ගල් ගැහුනා... වෙනදට මන් ගාවට වෙලා හා පැටියෙක් වගේ ඉන්න බනී අද පුලුවන් තරම් ඉක්මනට මගෙන් පැනලා යන්න හදනවා... මන් නිකමට වගේ බනී ගාවට කිට්ටු වෙද්දි කොල්ලා බයටම වෙව්ලන්ම ගත්තා...

"අ...අනේ චේ...චේබල් මාව අත අරින්නකෝ... මට යන්න දෙන්න... අනේ මට කරදර කරන්න එපා... අනේ මාව බේරගන්නකෝ... චේබල් හ්‍යුන්... මා...මාව අත අරින්න..."

"බ...බනී?... මේ මොකද?..."

මන් කිට්ටු වෙනවත් එක්කම බනී ඇස් වල කදුලු පුරවගෙන කෑ ගහන්න ගත්තෙ ඔලුව අත් දෙකෙන්ම බදාගෙන...

"බනී... කම් ඩව්න්... මුකුත් උනේ නෑ... ඇයි මේ..."

"අනේ මට රිදෙනවා... චේබල්... මාව බේරගන්න හ්‍යුන්... අනේ මට කරදර කරන්න එපා..."

මට බනීගෙ මූන දිහා බලාගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ... ඔම්මත් කලබලේ ඇහිලා දුවගෙන ආවම මම ටග්ගාලා බනීව මට ගුලි කරගෙන ඔලුව අත ගෑවා... මොකක් හරි හේතුවකට බනී මට පිට කෙනෙක් වගේ දැනුනෙම නෑ... බනී ටික ටික තදින් හුස්ම ගනිද්දි එයාගෙ බෙල්ල මගේ උරහිසට කඩාගෙන වැටුනා...

"බනී?..."

මන් ඉක්මනට බනීව සෝෆා එකේ හාන්සි කරහම මගේ ඇස් වලට අහුවුනේ දෝයො දික් කරන් හිටපු වතුර බෝතලේ... බනීට මොකක් හරි දෙයක් හින්දා සිහි නැති උනත් එයාගෙන් පෙනුනෙ හරිම මලානික ගතියක්...

"දෝයො?..."

දෝයොගෙ මූනෙ පුදුම උනු බවක් තිබ්බෙ නෑ... ඒත් මොකද වුනේ කියලා දන්නෙ නැති නිසාම මම දෝයොගෙන් වතුර බෝතලේ අරගෙන බනීගෙ මූනෙ වතුර ටිකක් ගෑවා...

"ආශ්... ඔලුව..."

බනී හෙමින් කෙදිරුවා...

"මොකද උනේ බනී..."

"අ...අන්ද්වේ..."

බයවෙලා වගේ මගේ මූනත් දෝයොගෙ මූනත් බලපු බනී කිසිම දෙයක් නොකියා පැනලා දිව්වෙ අපි මුකුත් හිතන්නත් කලින්මයි... බනී මොනවහරි හංගනවා... ඒත් මේ වෙලාවෙ මට බනීව නවත්තන්න ඕනෙ උනේ නෑ... මන් එයාට යන්න දුන්නෙ පුලුවන් වෙලාවක අල්ලගන්නවා කියලා හිතලයි... මට කොහොමත් බනීගෙ ඔම්මව හම්බෙන්න ඕනෙ කමක් තිබුනා... නැත්තන් හරි නෑ වගේනේ...

IT'S YOU | ONGOING Tahanan ng mga kuwento. Tumuklas ngayon