🌸Chapter 25...🌸

53 20 7
                                    


"බනී... අපට ඔයාගේ ක්ලාස් එක පෙන්නන්නකො..."

"ආ... සර් ඊට කලින් දෙයක් කියන්න තියෙනවා..."

"මොකද්ද?..."

"සර් එදා දොයෝට මැත්ස් පේපර් එක ලැබිලා තියෙනවා... එදත් එයාට කොහොමහරි ලකුණු අඩුවෙන් තිබිලා තියෙන්නේ... මැත්ස් සර් බැනලා ක්ලාස් එකෙන් ගියාට පස්සෙ ලීසා දොයෝට කරදර කරලා... දොයෝ ඒකට මොනවා හරි ඇත්ත දෙයක් කියලා තියෙනවා ලීසා ස්කූල් එකේ ළමයින්ට බොරුවක් කියාගෙන හිටපු එකක්..."

"මොකක් ගැනද?...  මේක එන්න එන්නම අමාරු වෙනවා..."

හොබී එයාගේ අත් එකට අතුල්ලන ගමන් බනී බෝයි දිහාට තවත් නැඹුරු උනා...

"ලීසාගේ එන්ගේජ්මන්ට් එකක් ගැන... මගෙත් එක්ක අනිත් අය කතා කරන්නේ නැති නිසා හරියටම දන්නෙ නෑ සර්..."

"එතකොට කොහොමද බනී ඔයා මේ දේවල් දන්නෙ?..."

මන් ඇහුවා...

"සර්ට පින්සිද්ද වෙන්න මන් දැන් ගෙදර උයලා උදේට අම්මවත් බලලා කෑමත් දීලයි එන්නේ... ඉතින් ක්ලාස් එකේ ඉඳන් තමයි මන් අද කෑවේ... ළමයි දෙන්නෙක් ඔය ගැන කතාකරා... එයාලා හිතන් ඉන්නේ දොයෝ ලීසාට බයේ එදා ඉඳලා ස්කූල් එන්නේ නෑ කියලා... එයාලා ඒ ගැන කියල හිනා උනත් මාව දැක්ක ගමන්ම කතාව නැවැත්තුවා... එත් කොහොමහරි එදා සිද්දියෙන් ලීසට හිටපු ගොඩක් යාළුවො නැති වෙලා... එත් එයාගේ ගැන්සියේ තුන්දෙනා නම් තාමත් එයා පස්සෙන්මයි..."

"චින්චා... කුමාවෝ..."

"අනේ සර් මට කුමාවෝ කියන්න එපා... එක නිකම් තොරතුරක් දුන්නා විතරනේ... සර්ලා එන්නකෝ මන් ක්ලාස් එක පෙන්නන්නම්..."

"හ්ම්ම්... කජා..."

අපි බනී බෝයිගේ පිටිපස්සෙන් ක්ලාස් එක ගාවට ගිහාම බනී අපට අර කතාකරකර හිටපු ළමයි දෙන්නව පෙන්නලා මගේ උපදෙස් අනූව කිසි දෙයක් නොදන්න විදිහට ගිහින් එයාගේ ශීට් එකේ ඉඳගත්තා... මන් දැක්කා බනීගේ ඩෙස්ක් එකට එහාපැත්තෙ ඇටෑච් වෙලා තිබුණු අනිත් ඩෙස්ක් එක හිස්... ඔව් ඒ මගේ බේබිගේ ඩෙස්ක් එක... පපුවේ කොනකින් දැනෙන වේදනාව මන් බේබි වෙනුවෙන්ම හිත ඇතුලෙම හන්ගගත්තා... අපි ක්ලාස් එකෙන් ඇතුලට ඔලුව දානවත් එක්කම හැමෝම මීයට පිම්බා වගේ නිශ්ශබ්ද උනා...

"ප්ලීස් කම් අවුට්..."

හොබී බනී පෙන්නපු කෙල්ලො දෙන්නට එලියට එන්න කියල කතාකරහම ඒ දෙන්නා මූනට මූණ බලාගන්න ගමන් එලියට ආවා...

"වේ මිස්ටර්?...මොකක් හරි ප්‍රශ්නයක්ද?..."

එතන හිටපු ස්පෙක්ස් ගර්ල් ඇහුවා...

"දේ... අපට තොරතුරක් දැනගන්න ඕනේ... "

"මොකක් ගැනද?..."

"කිම් දොයෝ ගැන..."

"අපි නම් එයා ගැන වැඩි දෙයක් දන්නෙ නෑ මිස්ටර්..."

"එහෙනම් පාර්ක් ලාලීසා ගැන..."

"ආ... පාර්ක් ලාලීසා කියන්නේ උප අගරාධිපතිගේ දුව..."

"නෑ... මන් අහන්නේ කිම් දොයෝයි පාර්ක් ලාලීසා අතරයි තිබුණු යාළුකම මොනවගේද?..."

"යාළුකමක් නම් තිබුනේ නෑ... එත් ලීසගේ ලොකුම තරහකාරයා තමයි දොයෝ කියන්නේ... දොයෝ දුප්පත් නිසා තමයි ලීසා එයාට එහෙම සලකන්නේ..."

ඒ කිව්ව එකට හොබී නම් කට වහන් හිටියෙ නෑ...

"දෝයෝ කියන්නේ දුප්පත් ළමයෙක් නෙමේ... එයා තමයි නගරාධිපති මිස්ටර් කිම්ගෙ එකම දුව..."

"ම්වෝ?..."

ඒ ළමයි දෙන්නා හොල්මන් වෙලා ගියා...

"දේ... ඔයාලා දන්නවද කිම් කම්පැනි එක..."

"ආ.. දේ... මගේ අප්පා වැඩ කරන්නේ ඒකෙ..."

"මේ කිම් කම්පැනි එකේ ඔව්නර් මිස්ටර් කිම් නාම්ජූන්... කිම් දොයෝන්ගේ නමට කිම් කම්පැනි එකේ ශෙයාර්ස් හතළිහකට වඩා තියෙනවා... කිම් දොයෝන් කියන්නේ කිම් නම්ජූන්ගේ නංගී..."

"ම්වෝ?..."

ඒ ළමයි දෙන්නා මන් දිහා බලන් හිටියෙ බයවෙලා...

"චේබල්... ඒ නිසා අපට දෝයෝ අන්තිම දවසේ ලීසා එක්ක රණ්ඩු උනේ ඇයි කියන්න..."

"දේ...දේ... අ..අපි කියන්නම්..."

"කුමාවෝ..."

"එදා මැත්ස් ටෙස්ට් ඒකෙ රිසාල්ට්ස් ආවා... දෝයෝන්  දුර්වල මැත්ස් වලට විතරයි... ඉතින් ලකුණු තිබ්බෙ අඩුවෙන්... මැත්ස් සර් දොයෝට බැනලා පේපර් එකත් ගුලි කරලා ගියාට පස්සෙ ලීසා ඒ පේපර් එක දිග ඇරලා නොන්ඩියට එක එක ඒවා කිව්වා... ලීසා දොයෝගේ පේපරේ ආපහු එයාට දුන්නේ නෑ... දෝයෝ ලීසාගෙන් ඇහුවා ඇයි ලීයෝන්සු එක්ක තිබ්බ එන්ගේජ්මන්ට් එක කැන්සල් කරේ නෑ කියලා ළමයින්ට බොරු කිව්වේ කියලා... ලීසගේ කට ඉබේම වැහුනා... ඉතින් ඕක තමයි උනේ..."

IT'S YOU | ONGOING Where stories live. Discover now