🌸Chapter 37...🌸

72 21 17
                                    


After a month...

"දෝයො... අඩු ගානේ මාත් එක්කවත් කතා කරන්නකෝ..."

මන් මේ දෝයොට කියන්නැත්තෙ සිය වෙනි වතාවට විතර... ඒ හැමපාරම දෝයො කරේ ඇස් වල ලාවට කඳුළු පටලයක් බැඳගෙන මට පොඩි හිනාවකින් සංග්‍රහ කරපු එක විතරයි...

"අපි ලබන සතියේ ඉඳලා ස්කූල් යමුද?... ම්ම්?..."

දෝයො මන් දිහා බැලුවෙ බයවෙලා වගේ...

"මොකද... බයවෙන්න දෙයක් නෑ... ලීසා ස්කූල් එන්නෙ නෑ..."

මන් කිව්වෙ දෝයොගෙ කරෙන් අත දාගන්න ගමන්...

"ල්...ලීසා..."

දෝයො දැනට කතා කරපු පලවෙනි වචනෙ...

"නාම්ජූනා... උඹ කොහෙද..."

මට ඇහුනෙ හොබීගෙ කටහඬ...

"ආයිශ්..."

මේකා නම්... ආහ්.... කමක් නෑ... මොනවා කරන්නද... මූටත් වෙන එන්න වෙලාවක් තිබුනෙම නෑ නේ...

"මම මෙහේ..."

නිකන්ම ආපු කේන්තිය මම එහෙමම ගිල ගත්තේ දෝයොගෙ මූන දැකලා... දෝයොගෙන් පෙනුනේ හුඟක් වෙහෙසකර පාටක්...

"උඹ මෙතන ද... ආ... මේ ඒකනෙමේ... දෝයො... දැන් ඔයාට කොහොමද... ආ මෙන්න..."

හොබී ගෙනාපු පොත් සෙට් එක මේසෙ උඩින් තිබ්බා...

"උඹ ගේන්න කියපු හින්දා මං ගෙනාවේ..."

හොබී මට කිව්වම මම සේරම හරි කියන්න ඔලුව වැනුවා...

"දෝයෝ... මේ තියෙන්නෙ ඔයාගෙ ඊළඟ ග්‍රේඩ් එකේ ටෙක්ස්ට් බුක්ස්... ඔතන පේපර්ස් වගේකුත් ඇති... මට ඔයාලගෙ ප්‍රින්සිපල් තමා මේවා දුන්නෙ... හරිද?..."

දෝයොගෙන් හැමදාම වගේ ලැබුනෙ පොඩි ඔලුව හෙල්ලීමක් විතරයි...

"හ්ම්... දැන්වත් කතා කරන්න දෝයො... ඇත්තටම අපි හුඟක් අපහසුවෙන් ඉන්නෙ... හැමදේම අපට දැනගන්න ඕනෙ දෝයෝ... අපි මෙහෙම හිටියට ඔයා දන්නවද ඔයාගේ ඔප්පා ඔයා ගැන ලොකු බයකින් ඉන්නේ... ඇත්තටම ඔව්... මටත් බයයි... ඔයා කැමතිද දෝයො ඔයාගෙ ඔප්පා පිස්සෙක් වෙනවා දකින්න?..."

"හොබී ඉනෆ් ස්ටොප්..."

මන් කිව්වත් හොබී දිගටම දෝයො එක්ක කතාකරද්දි මම ලොකු හුස්මක් හෙලලා බිම බලාගත්තේ දෝයො ඇස් ලොකු කරගෙන මං දිහා බලාගෙන ඉන්නකොට...

"චේබල් දෝයෝ... මේක මං ඔයාගෙ ඔප්පගෙ යාළුවා විදිහට ඉල්ලන ඉල්ලීමක්..."

දෝයොගෙ ඇස් වලට ආයෙ කඳුළු පිරුනා... එතකොටම වගේ ඇහුනෙ හොබීගෙ රින්ගින් ටෝන් එක...

"විනාඩියක්..."

හොබී කෝල් එකත් ආන්සර් කරන ගමන් බැල්කනි එකට ගිහාම දෝයෝ එයාගෙ අත් දෙකෙන් මගෙ අතක් අල්ලගත්තා... එයාගෙ ඇස් වලින් මට දකින්න තිබුනෙ මොකක් හරි දෙයක් හින්දා ලොකු වේදනාවක්... ඒ වගේම දෝයො මට මොනව හරි කියන්න හැදුවා... ඒත් ඒ එක්කම ආයෙමත් මට පිටුපාලා ඇදෙන් වාඩි වෙලා ජනේලයෙන් පේන අහස දිහාම බලාගෙන හිටියා... මට කරන්න කිසිම දෙයක් තිබුණෙ නැහැ... තවදුරටත් මට කරන්න පුළුවන් එකම දේ උනේ දොයො දිහා බලාගෙන එයා කතා කරනකල්ම බිමට රව රව හූල්ලන එක විතරයි...

"නාම්ජූනා... හදිසි කේස් එකක් ෆයිල් වෙලා... මම යන්න ඕනි... ආයෙ පුළුවන් වෙලාවක එන්නම්... දෝයො... චේබල්... ආයෙ මන් කියපු දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න... මන් යනවා නාම්ජූනා..."

"ඕකේ බායි... පරිස්සමෙන් පලයන්..."

"දේ..."

මෙච්චර කාලයක් ගිහිල්ලත් ඔම්මට අප්පටවත් දෝයොව කතා කරවන්න බැරි වුණේ ඇයි කියන එක ගැන මට කිසිම අදහසක් තිබුණෙ නෑ... ඒත් දෝයොගෙ හිතේ ලොකු බයක් තියෙනවා කියන එකත් මට මේ වෙනකොටත් තේරිලා තිබුනේ... මම කතා කරන්න, කතා කරන්න කියලා දෝයොට බල කළෙත් නැත්තෙ එයා ස්ට්‍රෙස් වෙයි කියන බයටමයි...

"ඔ... ඔප්පා..."

"කි... කියන්න දෝයෝ..."

අන්තිමට මම මෙච්චර වෙලා බලාපොරොත්තුවෙන් හිටපු ඒ කටහඬ මට ඇහුණා... මට දැනුනේ ලොකු සතුටක්...

"ඔප්පා..."

"කියන්න් දෝයෝ... ඔප්පා අහගෙන ඉන්නේ..."

දෝයො මගේ අත් දෙක අල්ලගෙන මූණ බෙරි කරගෙන ඇස්වල කඳුළු පුරවන් ඉන්න විදිය මං බලාගෙන හිටියෙ අමාරුවෙන්... දෝයොට මොකක් නමුත් මොනව හරි දෙයක් ගැන කියන්න ඕන උනා... ඒත් දෝයොගෙ කටින් වචන පිට වුණේ නැති විදිහ මම තේරුම් ගත්තා...

"හරි හරි... දෝයෝ... කාම් ඩව්න්... කාම් ඩව්න්... කලබල වෙන්න එපා... සේරම හරි... රයිට්?..."

දෝයො තමන්ගෙ හිත සැහැල්ලු කරගන්න වගේ වේගෙන් හුස්ම පහ හයක් ගත්තා...

IT'S YOU | ONGOING Where stories live. Discover now