🌸Chapter 22...🌸

54 20 10
                                    


"එතකොට දෝයෝට වද දෙන්නෙ කව්ද?..."

"ක්ලාස් එකේ ළමයි..."

"එයාගේ තරහ කාරයෝ කව්රුහරි දන්නවද?..."

"ම්ම්... ලීසා..."

බනී බෝයි එහෙම කියද්දී හොබියි මායි මූනට මූණ බලාගත්තා...

"ලීසා කියන්නේ කව්ද?..."

"අපේ ක්ලාස් එකේ පෝසත්ම ළමයා... එයාගේ තාත්තා තමයි උප නගරාධිපති... "

"එයා ඇයි දෝයෝට කරදර කරන්නේ?..."

"මන් හිතන්නේ එයාට ඉරිසියයි... දෝයෝ එයාට වඩා ලස්සනයි... ලීසා මේකප් ගොඩාක් උලාගෙන ආවත් එයාට බෑ දෝයෝට වඩා ලස්සන වෙන්න..."

මට පුදුම හිතුනා බනී බෝයි ගැන... එයා කෙලින් කතාකරනවා... මෙහෙම අය හොයාගන්න ගොඩාක් අමාරුයි...

"ඉතින්?..."

"දෝයෝ දැනට අන්තිමට ස්කූල් ආපු දවසෙ මන් ස්කූල් ආවෙ නෑ... මට එන්න බැරි උනා... මන් ආවෙ එයාගෙන් නෝට් එක ඉල්ලගන්නත් එක්ක... මොකද මන් දන්නවා අනිවාරෙන් මන් ස්කූල් ආවෙ නැත්තන් දෝයෝ අනිත් දවස වෙනකොට නෝට් එක ලියල තියෙනවා... මාත් එහෙමයි... මොකද මුළු ක්ලාස් එකෙන්ම අපි දෙන්නත් එක්ක කතාකරන්නේ අපි දෙන්නම විතරයි..."

"ඇයි ඒ අනිත් අය ඔයාලත් එක්ක කතා කරන්නේ නැත්තේ?..."

"හ්ම්... මන් ගොඩක් දුප්පත් සර්... මන් මේ ස්කූල් ඒකට ආවෙ මට හම්බුනු ස්කූලර්ශිප් එකකින්... ඒ නිසා තමයි එයාලා මාත් එක්ක නම් කතා කරන්නේ නැත්තේ... එයාලා දෝයෝ ගැනත් හිතන් ඉන්නෙ එහෙමයි... දොයොත් එයාගේ පවුල ගැන මොකුත්ම කියලා නෑ... මන් අහන්න යන්නෙත් නෑ...ඒ උනාට මන් දැකලා තියෙනවා ස්කූල් ඇරිලා දෝයෝව ගන්න එන්නෙ හොඳ කාර් එකක්... එකේ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා... දෝයෝ දුප්පත් නම් කාර් එකකින් යන්නෙ එන්නෙ නැනේ... එයා පෝසත් ඇති... එත් එයා අනිත් අය වගේ කවදාවත් ඒ ගැන ලොකුකමින් කතාකරලා නෑ සර්..."

මට බනී බෝයි ගැන දුක හිතුනා... මොනවා නැතත් දෝයෝට මේ වගේ යාලුවෙක් හම්බුනු එක ගැන මට සතුටුයි...

"ඒත් ස්කූල් එක ඇතුලේ මේ තරම් දේවල් සිද්ද වෙලත් දෝයෝ ඇයි කිව්වෙ නැත්තේ මට?..."

මට ආපු ලොකුම ප්‍රශ්නෙ ඕක... දෝයෝ ස්කූල් එකේදී ඕනෙවටත් වඩා ඉවසලා... ඔව් අර බනී බෝයි හරි... මගේ බේබී ඕනෙවටත් වඩා අහිංසකයි... ආයේ මගේ ඇස් ලාවට කඳුළු පටලයකින් වැහිලා යද්දී හොබී මගේ පිටට තට්ටු කරේ මාව ත්රුම් අරගෙන වගේ...

"ලීසා එයාට හැමදාම කරදර කරනකොට දොයෝ මොකද කරන්නේ?..."

හොබී ඇහුවා...

"දොයෝ කටවහගෙන ඉන්නවා මුකුත් නොකියා... එත් මන් එදා අපු නැති දවසේ දොයෝ මොනවා හරි දෙයක් ලිසාට කියලා තිබුනා... අනිත් අය මාත් එක්ක කතාකරන්නේ නැති නිසා මන් දන්නේ නෑ දොයෝ මොකද්ද කිව්වේ කියලා..."

"හ්ම්... කුමාවෝ... "

එහෙම කියන ගමන් මන් බනී බෝයිගේ අත් දෙක අල්ලගත්තා... එයා හිනාවුනා... මට හිතුනා එයාට මොනවා හරි උදව්වක් කරන්න ඕනේ කියලා...

"ඔයාගේ ඔම්මයි අප්පයි මොකද කරන්නේ දරුවෝ?..."

"මගේ අප්පනම් නෑ... ඔම්මට කැන්සර් එකක් සර්..."

බනී බෝයි එහෙම කිව්වම මගේ හිත කෑලි කෑලි වලට කැඩිලා ගියා...

"අනේ... මියනේ මියානේ..."

"කමන් නෑ සර්..."

"ඔයාට මේ වෙලාවේ ලෝකේ තියෙන ගොඩාක්ම ඕනේ කරන දේ මොකද්ද?..."

"මට... මගේ ඔ..ඕම්මව සනීප කරගන්න ඕනේ..."

බනී බෝයිගේ හා ඇස් වල කඳුළු පිරිලා... එයා අඬන්න ඔන්න මෙන්න...

"දැන් කොහොමද ඔම්මගේ තත්වෙ කොහොමද?..."

"ඔම්මට ලොකු ඔපරේෂන් එකක් කරන්න තියෙනවා සර්... තව මාස හයකින් ඒක කරන්න ඕනේ... ඔම්මගේ ඩොක්ටර් ඔපරේෂන් ඒක කරගන්න සල්ලි දෙන්නම් කිව්වා... ඕම්මව රට යවන්න මන් සල්ලි හොයන ගමන්... ඒ ඔපරේෂන් ඒක කරේ නැත්තම්... ඔම්මා මාව දාලා..යයි කිව්වා..."

"අඬන්න එපා... හරි හරි..."

මන් බනී බෝයිව බදාගත්තා... අනේ පව්... ඉතින් මම තීරණය කරා එයාගේ ඕම්මව සනීප කරලා දෙන්න...

"ඔයා කොහොමද සල්ලි හොයන්නේ?..."

"මන් උදෙන්ම පත්තර බෙදන්න යනවා... මට ඒකෙන් දවල්ට කන්න පුළුවන් තරමට සල්ලි ටිකක් ලැබෙනවා... ඊට පස්සේ ස්කූල් එනවා... ආයේ ස්කූල් ඇරිලා පෝසත් අයගේ ගෙවල් වල ගාර්ඩ්න් හදන්න යනවා... එත් ඒක හැමදාම නෑ... එහෙම නැති දවසට මන් පැය ගානට පඩි දෙන තැනක ගල් අදින්න යනවා... ඒක ඉවර වෙලා කොෆි ෂොප් එකකත් වැඩට යනවා... රෑට කන්නත් මොනවා හරි හොයාගෙන ඕම්මව බලන්න හොස්පිටල් එකට යද්දී රෑ දහය පහුවෙනව සර්..."

IT'S YOU | ONGOING OÚ les histoires vivent. DÊcouvrez maintenant