🌸Chapter 27...🌸

59 20 12
                                    


අපි ඒ කට්ටිය මැද්දෙන් ඉස්සරහට ඇවිදගෙන ගියා... එයාලා නිකම් තාපසවරු වගේ... එතන ගෑනු අයත් හිටියා... ඒ පෝලිම් වල කෙලවර ප්‍රධානියා කියලා කියන්න පුලුවන් කෙනෙක් උස ලොකු පුටුවක වාඩි වෙලා හිටියා... එයත් ගෑනු කෙනෙක්...

"දෙවියනේ... ඇය නම් දිව්‍යාගනාවක්මයි... සොක්ජින් කුමරුනි මේ ඔබේ වාරයයි... "

එයා අපි ලඟට ඇවිත් සොක්ජින්ගෙත් මගෙත් දිහා බලන ගමන් කිව්වා... එයාගේ මූනෙ නම් නපුරු පාටක් කියලා දෙයක් ගෑවිලාවත් තිබුණේ නැහැ... ඒත් මට බය හිතුනා... මන් සොක්ජින්ව තදින් අල්ල ගනිද්දි සොක්ජින් මගේ දිහා බැලුවා...

"බියද ?... "

මං මොකුත් නොකියා උඩට පහලට ඔලුව වනද්දි සොක්ජින් මාව තවත් එයා ළඟට ගත්තා...

"ඇය පැමිණිලා..."

අර ගෑනු කෙනා දෙපැත්තෙ හිටපු අයට අත් දෙක උස්සලා කිව්වම එයාලා මොනවද මතුරන්න ගත්තා... එතකොටම වගේ මාවයි සොක්ජිනුයි දෙන්නම ගැස්සිලා ගියේ විදුලි කොටනකොට... ඊලගට ටික ටික හය්යෙන් වහින්න ගත්තත් අකුනු ගැහුවෙවත් විදුලි කෙටුවෙවත් නැති එක ගැන මන් සතුටු උනා... වැස්ස... මන් ඉන්න තැනවත් නොබලා ඉක්මනට එලියට දුවගෙන ආවා... වැස්සෙම මන් අත් දෙක දිග ඇරලා ලොකු හුස්මක් ගන්නකොටම ඉස්සර මගේ ඔප්පා වගේම දැන් සොක්ජිනුත් කෑ ගහන්න ගත්තා...

"කල් මරලා වැටෙන වැස්සට තෙත බරිත වන්නට තරම් ඔබ අනුවනද?... වහාම මෙහි පැමිනෙන්න... මා ඔබට අන කරනවා..."

"නා ශිරෝ...(I can't) මට ඕනෙ නම් මන් තෙමෙනවා... හූ..."

මන් සොක්ජින්ට දිව ඇදලා ඇද කරලා ඔලුව උඩට උස්සගෙන ඇස් දෙක පියාගත්තා... ඒත් මට එහෙම වැඩි වෙලාවක් ඉන්න නම් ලැබුනෙ නෑ...

"යා...මාව බිමින් තියෙනවා... මට තෙමෙන්න දෙනවා... චේබල්... සොක්ජිනා... අන්ද්වේ... "

මං ආපු නැති නිසා සොක්ජින් මාව එක කරකට උස්සගෙන තෙමෙන්නෙ නැති තැනකට අරන් ආවා... මං ආයෙ පැනලා දුවන්න හැදුවත් ඒක කරන්න මේ මෝඩයා ඉඩ දුන්නේ නෑ...

"ආ... මෙය ඇඟලාගන්න...සළුපිළි තෙමිලනෙ... ඔබ ඔය ලෙසට වැඩි වෙලාවක් සිටියොත් අසනීප වේවි..."

එයා උඩින් ඇඳන් හිටපු කබාය වගේ එක ගලවලා මගේ පැත්තට දික් කරත් මං පපුව හරහා අත් දෙක බැඳගෙන කේන්තියෙන් අහක බලා ගත්තා... ඒ ක්ෂණිකව මාව ගැස්සිලා ගියේ උණුහුම් අත් දෙකක් මගේ ඉණවටේ එතෙද්දි... ඒ සොක්ජින්... සොක්ජින් කබාය මගේ ඇඟට දාලා ඒකෙ පටිය බඩ මැද්දෙන් ගැටගැහුවා... කොණ්ඩ කට්ට ගලවලා කොන්ඩෙ ඔක්කොම අවුල් කළා...

"යා... පාබො(idiot)😡..."

"කජා😁..."

මාවත් ඇදගෙනම සොක්ජින් ආයෙමත් කලින් තැනටම ආවා... ටිකකින් ඒ ගෑනු කෙනා එක්කම අනිත් අයත් මන්තර කියන එක නැවැත්තුවා...

"නුඹලාට මා පැවසිය යුතු දෙයක් තිබෙනවා... ඊට පෙර ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා දෙවඟනනි..."

එයා මගේ ඉස්සරහා දන ගැහුවම අනිත් අයත් හිටපු තැනම දණගහ ගත්තා...

"සො...සොක්ජිනා... ඇයි මේ ?..."

මන් හැමදාමත් වගේ සොක්ජින්ගෙ පළල් උරහිස් පිටිපස්සට ගිහින් හැංගුනා...

"බිය වන්නට කාරණයක් නැහැ අප විමසමු..."

සොක්ජින් නම් බය නැති පාටයි... ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි... මහලොකු කුමාරයලුනෙ😒...

"මෙහි කුමක්ද සිදුවන්නෙ?..."

"ඇය ජලයට අධිපති දිය දෙව්දුවයි..."

"ම්වො😶?..."

අපි දෙන්නටම ඒක තේරුනේ නෑ...

"දේ... ඇය නිසයි අපේ ප්‍රදේශයට වසර 2 කින් පසුව වර්ෂාව ලැබුනේ... සත්‍ය වශයෙන්ම අප බලාපොරොත්තු වුණා ඇගේ පැමිණීම..."

"හහ්?..."

"එමෙන්ම ඔබ දෙදෙනා සමඟ මා හට තනිව කතා කිරීමට අවශ්‍යයි...කුමරුනි...? දෙවඟනනි?... අවසරද?..."

"එසේයි..."

"මෙහි පැමිණීමට හැකි නම් මා කෘතඥ වෙනවා..."

එයා අපිව එක්කන් ගිය උණු දිය තටාකයක් වගේ තැනකට... එතන වටපිටාව හරිම ලස්සනයි... ඒ වටපිටාවට දැක්ක ගමන් ඕනම කෙනෙක්ගෙ හිත ඇදගන්න පුළුවන් කමක් තිබුණා... ඒත් අපි ඒක ඇතුලට යන්නෙ නැතුව නතර වුණේ දොරටුව ගාව...

"මෙයට පැමිණීමට තිබෙන්නේ ඔබ දෙදෙනාට පමණයි කුමරුනි..."

"ඇයි එසේ පවසන්නේ ?..."

"එයයි සත්‍ය කුමරුනී... මා නුඹලා දෙදෙනාට සියලු දේ වටහා දෙන්නම්... "

"පැහැදිලි කරන්න ..."

"එසේයි... ඊට පළමුව අසුන් ගන්න..."

IT'S YOU | ONGOING Where stories live. Discover now