🌸Chapter 30...🌸

53 20 4
                                    

"මා ඔබේ මතක සමඟ ජීවත් වනවා..."

"හ්ම්... මාත්... පොරොන්දූ වෙනවා...."

"පැමිනෙන්න...."

"වේ?..."

"නගරයට යමු..."

"කුමටද?..."

"විනෝදවීමට..."

"යා..."

සොක්ජින් දෝයොගෙ කම්මුල් මිරිකලා ඈතට දිව්වෙ දෝයො කෑගහගෙන පස්සෙන් එලවන් එද්දි...

_________________________

මේ දවස් ටිකේ ලීසාව අපට අල්ලගන්න බැරි උනේ එයා දරුනු විදිහට අසනීප වෙලා hospital admit කරලා තිබ්බා... ඒ වගේම මේ දවස් ටිකේම අපි ලීසාව හම්බෙන්නෙ ගියත්, ඩොක්ටර් ඒකට ඉඩ දුන්නේ නැහැ... ඇත්ත... ඒකට මුකුත් කියන්න බෑ අපිට... මොකද ඒක ඩොක්ටර්ගෙ රාජකාරිය...

"doctor අපිට එයාව මීට් වෙන්න ඕනේ...ජ්ස්ට් ෆෝ ෆයු මිනිට්ස්...චේබල් doctor... මේක ලොකු හදිස්සියක් ..."

"හරි මට තේරෙනවා මිස්ටර්... ඒත් ඒ ළමයා ගොඩක් මානසිකව වැටිල ඉන්නෙ... සීයට 99 ක ප්‍රතිශතයක්  තියෙන්නේ මෙන්ටල් හොස්පිටල් එකකට යන්න... ඉතින් මං හිතෙනවා... ඔයාලට මං කියන දේ තේරුනා කියලා..."

doctor එතනින් යන්න ගියේ ඔහොම කියලා...

"මොකද හොබියො කරන්නේ?..."

"කෙල්ලව කවුරුත් පැහැරගෙන නෑ බං..."

"ආ?..."

"මට ඒ මැසේජ් එක ඇවිත් දැන් හුඟක් දවස් නාම්ජුනා..."

"හ්ම්ම්..."

මං ලොකු හුස්මක් පහත දාලා ගඟ ළඟට ආවේ හිත නිදහස් කරගන්න... වයසක හරාබොජි(සීයා) කෙනෙක් පාරේ එහා පැත්තේ හා පැටව් එකතු කර කර හිටියා... ඒ කිව්වෙ ඒ හරාබොජි අරං ආපු හා පැටව් පෙට්ටිය බිම වැටිලා... හාවො මුළු පාර පුරාම... මායි හොබීයි
පාර පුරා හිටපු හාවො හතර දෙනෙක් විතර අහුලලා දුන්නා...

"කුමාවෝ අදල්(පුතා)...ඔයාලා මේ කරපු උදව්වෙන් මට කෙනෙක්ව මතක් උනා..."

"ආ?..."

"දෝයෝන්... කෙල්ල හුඟ දවසකින් මේ පැත්තේ ආවේ නෑ... මොනව වෙලාද දන්නෙ නැහැ..."

ඒ හරාබොජි කියපු එක ඇහුණාම මගේ මුළු ඇඟ දිගේම කරන්ට් එකක් ගියා වගේ...

"හරාබොජි කිව්වේ දෝයොන් කියලද?..."

"දේ... පුතාලා ඒ ලමයව දන්නවද?..."

"හරාබොජි කියන දෝයෝ මොන වගේද?..."

"හරිම පින් පාටයි... දවසම සුබයි ඒ ළමයව උදේම දැක්කොත්... එයාට තිබ්බෙ කළු පාට ඇස් එක්ක කොණ්ඩයක්... ලස්සන හිනාවක් තියෙන්නෙ... මං හිතන්නේ පුතාගේ උරහිස තරමට විතර උස ඇති...

ඔව්...ඒ මගේ දෝයො ගැන තමයි එයා කියන්නේ...

"හරාබොජි... අපට ටිකක් කතා කරන්න පුළුවන් වෙයිද?..."

මට කලින් හොබී ඉස්සර වුනා...

"අපෝ... ඔව්... එන්නකෝ..."

හරාබොජි අපිව එක්කන් ගියෙ ගඟට මුහුනලා තිබුනු පුංචි ගේ කෑල්ලකට... මේ ගෙදර වටේටම දැලක් ගහලා තිබුනා... ඒ මදිවට ඒ මුලු දැල පුරාවටම තිබ්බෙ හාවන්ගෙ කූඩු... ඒ හරාබොජි ගහක් යට තිබුණු පුටුවකින් වාඩි උනේ අපිටත් වාඩිවෙන්න කියල කියන ගමන්මයි...

"මොනවද පුතාලට දැනගන්න ඕනේ?..."

"ඇයි හරාබොජි මේ විදිහට අපිත් එක්ක එකපාරටම කතා කරන්න කැමති වුනේ?..."

"පුතාලගේ පෙනුමෙන් පේනවා ඕගොල්ලො වැදගත් අය... මං වත්පෝසත්කම් තියෙන කෙනෙක් නෙවෙයි... ඒ වගේ ම පිරිසිදුව පිළිවෙලට අඳින්න තරම් මිල මුදලුත් නැහැ... මම බැඳලා නැහැ... ඒ වුණත් මේ ඉන්නෙ මගේ ළමයි..."

ඒ හරාබොජි පෙන්නුවෙ බිම හැමතැනම දුවන හාවොන්ව...

"ඉතින් අර දෝයෝන් ළමයට පස්සේ ඔයාලා තමයි මට මේ විදියට කරුණාවෙන් කතා කළේ..."

"හරාබොජි කොහොමද දෝයෝන්ව අඳුරන්නෙ?..."

"දෝයෝන් සමහර දවසට මෙහෙට ඇවිත් හාවොන්ටත් සාත්තු කරලා මටත් උදව් කරලයි යන්නේ... ඒ ළමයා හාවන්ට මං තරමට ආදරෙයි... එයාව මට හම්බුණු පළවෙනි දවසෙත් වුනේ අද වගේම දෙයක්... ඒ දවසෙ මගේ හාවොන්ව අහුලලා දුන්නෙ දෝයෝන් දරුවා..."

ටික වෙලාවක් අපි ඒ ගැන කතා කර කර ඉන්නකොට හොබී මෙහෙම ඇහුවා...

"ඉතින් හරාබොජි මේ හරියෙ කැමරා එහෙම නැද්ද හාවොන්ගෙ ආරක්ෂාවට වත්?... හොරු ආවොත් එහෙම?..."

හොබී වටෙන් වටෙන් කාරණාවට එනවා කියන එක මට තේරුණා...

"මොන කැමරා ද දරුවෝ?... මං කැමරා හයි කරලා වැඩක් නෑනේ...  මං ඉන්නෙ තව ටික කාලයයි..."

"ඒත් හරාබොජී... එහෙම කියන්න එපා..."

"ආ... ඒත් ඔය පාර පැත්තට වෙන්න තියෙන කූඩු ඇතුලෙ නම් කැමරා වගයක් හයි කරල තියෙනවා..."

"චින්චා?... වේ?..."

IT'S YOU | ONGOING Where stories live. Discover now